August 22, 2014

බයිපාස් සැත්කමේ නවතම ප්‍රවණතාවය - MIDCAB SURGERY

නූතන වෛද්‍ය  විද්‍යාවේ සොයා ගැණුනු කුඩා සිදුරක් පමණක් ඇති කර ශල්‍යකර්මයන් සිදු කිරීමේ ක්‍රමවේදය තුළින් බයිපාස් සැත්කම් සිදු කිරීම ද ආරම්භ වි ඇත. රෝගින්ට අති විශාල සහනයක් ගෙන දෙන මෙම ශල්‍ය ක්‍රමවේදය මිඩිකැබ් (MAD CAB) ලෙස හැදින්වේ. KEY HOLE CARDIAC SUGER MINIMALLY INVASIVE CARDIAC SURGERY ලෙසද හදුන්වන්නේ මෙම ක්‍රමවේදයයි.
       මෙම බයිපාස් ශල්‍ය කර්මය සිදු කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක් සේම රෝගියාට යම් යම් වේදනාවන් ගෙන දෙන්නකි. එම නිසා ඊට විසදුම් ලෙස නූතන වෛද්‍ය විද්‍යාවේ නවතම සොයා ගැනීම් නම් Keyhole Cardiac Surgery හෙවත්   MIDCAB ක්‍රමවේදයයි.
බයිපාස් ශල්‍යකර්මයේ සුවිශේෂි පිම්මක් ලෙස මෙය හදුන්වා දිය හැකි අතර මෙමගින් රෝගියාට දැඩි ආරක්ෂාව මෙන්ම පහසුවක් ලැබෙනු ඇත. 
MIDCAB  ශල්‍ය කර්මය සිදුකළ යුතු ස්ථානය හදුනා ගැනීම
         කිරීටක ධමනිවල MIDCAB ශල්‍යකර්මයක් සිදුකිරීමට ප්‍රථමව එම සිහින්වූ කිරීටක ධමනිය හෝ ධමනි මොනවාදැයි සොයා ගත යුතුය. එමෙන්ම  එලෙස බලපෑමට ලක් වූ කිරීටක ධමනියේ සිහින් වූ කොටස් නිවැරදිව හදුනා ගැනීම ද ඉතාම වැදගත් වේ.
මේ සදහා අදාළ රෝගියා විවිධ පරීක්ෂණයන්ට බදුන් කරයි. මෙහිදී ඇන්ජියෝග්‍රැෆි (Angiography) පරීක්ෂණය සිදුකරනු ලබයි. මෙම පරීක්ෂණය මගින් කෙසේ MIDCAB සැත්කම සිදු කල යුතුද යන්න තිරණය කරයි.
MIDCAB ශල්‍යකර්මය සිදු කරන ආකාරය
            මෙම ක්‍රමවේදය තුලින් බයිපාස් සැත්කම සිදු කිරීමේදී පපුවේ වම්පසින් කුඩා කැපුමක් සිදුකර හෘදය වස්තුව වටේ ඇති සිවිය විවෘත කරනු ලබයි. ඉන් පසු කිරීටක ධමනියෙහි රුධිර ගමනාගමනය අවහිරතාවය ඇති ස්ථානය හදුනාගෙන එය මගහැරී යන ආකාරය උරස් කුහරයේ ඇතුලතින් සොයාගන්නා ධමනියක් සාමාන්‍ය බයිපාස් සැත්කම සිදු කරන ආකාරයටම බද්ධ කිරීම කරනු ලබන අතර මෙහිදී විශේෂත්වය වන්නේ මේ සදහාම සැකසූ විශේෂිත සියුම් උපකරණයක් භාවිතයෙන් සිදු කිරීමයි. ඒ අතරින් Octopus නම් උපකරණය සුවිශේෂි වේ.‍
MIDCAB  ශල්‍ය කර්මය සිදුකිරීමේ වාසි
 බයිපාස් ශල්‍ය කර්මයේ නවතම ප්‍රවණතාව වන මෙය කිසිදු අපහසුතාවයකින් තොරව රෝගියාට බයිපාස් සැත්කම සිදු කර ගැනීමට මග පෙන්වයි.
  •   උරස් කුහරය තුල සුළු කැපිමක් සිදු කර විශේෂිත උපකරණයක් ආධාරයෙන් වේදනාවකින් තොරව මෙම සැත්කම සිදු කිරීම
  •  මෙමගින් පපුවේ වැඩි ප්‍රමාණයක් විවර කිරීමකින් තොරව එනම් පපුවේ වම් පැත්තේ අගල් 2 ක් 3ක් වැනි සුළු කැපුමක් පමණක් සිදු කර මෙම ශල්‍ය කර්මය පමණක් සිදු කර ගත හැකිවිම.
  •  අස්ථි බිදීමක් සිදු නොවන බැවින් තුවාල කැළලක් ඇති නොවීම.
·        දින 02 ක් වැනි කෙටි කාලයකින් රෝහලෙන් පිටව යාමට හැකිවීම.
·        සති දෙක තුනකින් පසු සාමාන්‍ය ආකාරයෙන් එදිනෙදා වැඩකටයුතු සිදු කිරීමට හැකි වීම.
·     සාමාන්‍ය  ශල්‍ය කර්මයකදි ඇති වන අතුරු ආබාධ තත්වයන්ගෙන් මිදීමටමෙම ක්‍රමවේදය නැතහොත් Keyhole Cardiac Surgery තුළින් හැකියාව ලැබීම.
                        ඉහත සදහන් කල MIDCAB ශල්‍යකර්මය ලෝකය පුරාම සිදු කරනු රටවල් සීමිත ප්‍රමාණයකි. ආසියාවේ , ඇමරිකාවේ යුරෝපයේ වුවද මධ්‍යස්ථාන කිපිහයක මෙය සිදු කරනු ලබන අතර දැනට මෙම සැත්කම ලංකාවේද සිදු කරනුලබයි.

0 comments:

Post a Comment