Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2015

ඇස් භාවිතයෙන් සන්නිවේදනය කරන බස්සා හැඩති ආරක්ෂක කැමරාව - Ulo

ආරක්ෂක කැමරා බොහෝ විට නොපෙනෙන ආකාරයට තැබීමට නිර්මාණය කර ඇතත්, Ulo නමින් නව කැමරාවක් දර්ශනය වන සේ තැබීමට නිර්මාණය කර ඇත. කුඩා කැමරාව බස්සාගේ හැඩය ගන්නා අතර හොටය දර්පණ තල දෙකකින් සමන්විතයි. චලන සංවේදක සහිත රාත්‍රි  දර්පණ තල එය තුල සඟවා ඇත.

මෙහි ඇස් දෙක ලෙස විශාල LED තිරයක් නිර්මාණ කර ඇති අතර ඒවා නිර්මාණය කර ඇත්තේ උපකරණයේ තත්වය ගැන දැන්වීමටයි. නිදසුනක් ලෙස මෙම කැමරාව වෙහෙසකාරි බව දැනුනොත් බැටරි මාරු කල යුතුයි.


ඒ දිහා කිසිවෙකු බලා සිටී නම් එය වපර ලෙස බලයි(Squiat).එය කිසිවෙකු විසින් ඡායාරූපයට ගනී නම් නිවෙන පත්තු වේ (Blink) .
Ulo ඉතා හුරුබුහුටි සම්මත ආරක්ෂක කැමරාවකි. එය භාවිත කරන්නන්ට තම ඇන්රොයිඩ් හෝ IOS උපාංග මඟින් මෙහි සම්මත දර්ශන හෝ රාත්‍රි දර්ශන සජීවි දර්ශන දැකගත හැකිය. එය භාවිතා කරන්නා වෙනත් ස්ථානයක සිටියදී GLF ගොනු හරහා  අනතුරු ඇඟවීමේ හැකියාව මෙම කැමරාව සතුය. Ulo හි බැටරිය සතියක පමණ කාලයක් භාවිතා කල හැකි අතර සැමවිටම විදුලියට සම්බන්ධ කර තැබීමෙන් දිගු කලක් පවතී . බැටරිය භාවිතය පහසුයි.

මෙම කැමරාව නිර්මාණය කර ඇත්තේ බාහිර පරිසරයේදී පහසුවෙන් භාවිතා කල හැකි  වන අතර 14 -122 ºFඋෂ්ණත්වය පරාසය තුළ හොඳින් ක්‍රියාත්මක වේ.

උපුටා ගැනීම - www.techtimes.com/articles/110809/20151125/ulo-owl-shaped-security-camera-communicates-eyes.htm


සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ගාල්ල කඩවත්සතර

ස්ථූලභාවයේ විවිධ ආකාර

විවිධ සාධකයන් නිසා ස්ථුලභාවයන් වර්ග 6 ක් ඇතිබව විද්‍යාව පෙන්වා දී ඇත. ඔබට අයත් ස්ථුලබව කුමක්දැයි සොයා බලන්න.


1.    ආහාර නිසා ඇතිවන ස්ථූලබව (obesity of food)
ලෝකයේ බහුලවම දැකිය හැකි ස්ථූලබව මෙයයි. අධික ලෙස ආහාර ගැනිම හා සීනි එයට හේතුවේ. මින් වැලකීමට දිනකට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරිම හා අවම වශයෙන් දිනකට විනාඩි 30 ක් වත් ව්‍යායාමවල යෙදී සිදුකල යුතුය.

2.    nervous stomach ස්ථූලබව (Obesity “nervous stomach”)
මෙම වර්ගයට හේතුවනනේ මානසික ආතතිය හා විෂාදය යන තත්වයන්ය.මෙම ස්ථූලබව ඇති පුද්ගලයන් නිරන්තරයෙන්ම සීනි සහිත ආහාර වැඩිපුර ප්‍රමාණයක් ගැනිම සිදුකරයි.
3.    ග්ලූටන් ස්ථූලබව (Gluten obesity)
ආර්තවහරණය, නව යොවුන්විය යන තත්වයන්ගේ හෝමෝන අසමතුලිතතා පවතින කාන්තාවන්ගේ මෙම ස්ථූලබව සාමාන්‍යයෙන් දක්නට ලැබේ. දුම්පානයෙන්, මත්පැන් ගැනීමෙන් සහ දිගුකාලයක් වාඩිවී සිටිමෙන් වැලකිම හා බර ඉසිලීමේ ව්‍යායාමවල යෙදීම මඟින් මෙම ස්ථූල බවින් මිදිය හැක.
4.    පරිවෘත්තිය ස්ථූලබව (Atherogenic metabolic obesity)
සමහර පුද්ගලයන් සාමාන්‍යයෙන් බැලුමක් වැනි ඉදිමුණු උදරයක් සහිත විම දක්නට ඇති අතර ඔවුන්ගේ සියළුම මේද කොටස් මෙම කොටස තුල ගබඩා කර තබයි. මත්පැන් පානය කරන්නන් අතර මෙම ආකාරයේ ස්ථූලබව පවතින බවත් ඔවුන් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලෙන බවත් සොයා ගෙන ඇත.
5.    ශිරා සංසරණය හේතුවෙන් ස්ථූලබව  (Obesity due to venous circulation)
සාමාන්‍යයන් මෙම ස්ථූලබව ජානමය උරුමයකින් ලැබෙන ස්ථූල බවකි. ගර්භනිකාලය තුලදී මෙම ස්ථූලබව ඇතිවේ. එමෙන් ඉදිමුණු නහර ගැට ගැසීම දක්නට ඇති පුද්ගලන්ගේ මෙම ස්ථූලබව දක්නට ලැබේ. මෙයට විසදුමක් ලෙස පඩිපෙල නැගීම දිවීමේ අභ්‍යාසවල යෙදිය යුතුය.
6.    අකාර්යක්ෂමතාවයෙන් හේතුවෙන් ඇතිවන ස්ථූලබව (Obesity of inactivity)

කාලයක් හොඳින් ක්‍රියා කරන ලද අවයවයන් ඒ ආකාරයෙන්ම භාවිතයට නොගැනීම හේතුවෙන් මෙම ස්ථූලබව ඇතිවේ. නිදසුනක් ලෙස කාලයක් පුහුණුවීම් හා ව්‍යායාම වල යෙදී දැනට ඒවායේ නොයෙදීම පෙන්වා දිය හැක.

සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ගාල්ල කඩවත්සතර

ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදාගත යුත්තේ ඇයි ?

ඔබට, ඔබේ නින්ද ශාරීරික හා මානසික  සෞඛ්‍යයට වැදගත්ම කොටසක් වන බව රහසක් නොවේ . කෙසේ වුවත් ඔබ නිදාගන්නා ඉරියව්ව නිදන කාලය මෙන් වැදගත් බව ඔබ දන්නෙහිද ? ඔබ නිදාගැනීමට තෝරා ගන්නා ඉරියව්ව ඔබේ සෞඛ්‍යයට බලපෑමක් කරන බව , සමෙහි තරුණ බව රැකගැනීමට උදව් වන බව , ආහාර ජීර්ණය හොඳින් සිදු වීමට හේතු වන බව සහ වම් පැත්තට හැරී නිදා ගැනීම ඔබේ ජීවිතය රැක ගැනීමට හේතු වන බව ඔබ දන්නෙහිද ? 
මේ වන විටත් ඔබ වම් ඇලයට හැරී නිදා ගැනීම නොකරන්නේ නම් මෙය කියවීමෙන් පසු ඔබ වම් ඇලයට හැරී නිදා ගැනීම ආරම්භ කල යුත්තේ ඇයිදැයි බලමු . ඔබ නිදා ගන්නේ උඩුබැලි අතට අතටද ? මුනින් අතටද? වම් ඇලයටද? දකුණු ඇලයටද යන්න ඔබේ සෞඛ්‍යයට විශාල බලපෑමක් කරනු ලැබේ.


ඔබ මුනින් අතට නිදා ගන්නේ නම් හුස්ම ගැනීමට අපහසුතා ඇති වන දුෂ්කර නින්දක් වන අතර ඇදුම රෝගීන්ට ඉතා අනතුරු දායකයි.
ඔබ දකුණු පසට හැරී නිදාගන්නේ නම් ආහාර ජීර්ණයට ගැටලු ඇති වන බවත් , වම් පසට හැරී නිදා ගන්නේ නම් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වේ .
වම් ඇලයට හැරී නිදා ගැනීමේ ප්‍රතිලාභ ලෙස ඔබේ ශරීර සෞඛ්‍ය වර්ධනය වීම , සෞඛ්‍ය රැක ගැනීමට හැකිවීම, වසා පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රමුඛ වීම, වසා තරලය විෂ ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය පෙරීමට සෑහෙන කාලයක් ලබා දී වසා ගැටිති හරහා ශිරා එගින් ශරීරය පුරා යාමට සලස්වයි.
ඔබ දකුණු පසට හැරී නිදා ගැනිම මඟින් වසා පද්ධතිය මන්දගාමී වන අතර කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවන බැවින් ශරීරරය පුරා වසා තරල ගමන්කිරීමට අසමත් වන බැවින් විෂ , අපද්‍රව්‍ය පෙරීම නිසියාකාරව සිදු නොවන බැවින් එම කාලය තුලදී මාරාන්තික රෝග සඳහා අවධානම් තත්වය ඉහළ යයි. එබැවින් වම් පසට හැරී නිදා ගැනීමෙන් විෂ හා අපද්‍රව්‍ය  වලින් මිදෙන්නට ඔබේ ශරීරයට ඇති හැකියාව වැඩි දියුණු විය හැකිය. ආහාර ජීර්ණ පද්ධතිය මඟින්  ඔබේ සිරුරට  අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය ගෙන විෂ ඉවත් කර ගැනිම කාර්යක්ෂමව කරයි .
එබැවින ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදා ගැන්මට ශරීරයට උගන්වන්න. ඔබ ස්භාවිකව අනෙක් ඉරියව්වකට මාරු වේ නම්, ඔබ වම් ඇලයට  හැරී නිදා ගැනීමේ පුරුද්ද ඇති කර ගන්නේ කෙසේ දැයි කල්පනා කල යුතුය. ඒ සඳහා පුහුණු වීමට කාලයක් ගත විය හැකිය . නමුත් කැපවිමෙන් මෙම තත්වයයට ඔබේ ශරීරය ඉතා ඉක්මණට පුහුණු කල හැකිය.
ඹබ ඇදේ නිදාගන්නා පැත්ත මාරු කරන්න. අනෙක්පසට හැරී නිදාගැනිමේ අත්දැකීමෙහි ඇති පහසුව මෙම කුඩා වෙනස මඟින් භුක්තිවිදීමට පුළුවන්වේ.
ඔබ මෙලෙස උත්සහ කරන්න. පළමුව වම් ඇලයට හැරී හාන්සි වන්න. ඔබගේ සම්පුර්ණ දිගට සමාන කොට්ටයක් පිටුපසින් තබා ශරීරය දෙසට තද කරන්න . ඔබගේ රාත්‍රී නින්දේ ඉරියව්ව වෙනස් කිරීමට ගන්නා උත්සහය මෙම කොට්ටය විසින් නතර කරනු ඇත.
ඔබගේ දකුණු පස මේසය මත අඳුරු ආලෝකයක් (dim light) තබා ගැනිම මඟින් ඔබේ ශරීරය ස්භාවිකව මෙම ආලෝකයෙන් වැලකිම සඳහා අනෙක් පස හැරෙනු ඇති බැවින්  වම් ඇලයට  හැරී නිදන ඉරියව්ව  පුරුදු කිරීම එමඟින් ඉතා පහසු වනු ඇත.

ඔබගේ නින්දට මෙම කුඩා වෙනසක් කිරීම ඔබගේ සෞඛ්‍ය වෙනුවෙන් ඔබ කරන හොඳම දේ වලින් එකකි, එම නිසා අද රාත්‍රියේම එය ආරම්භ කරන්න.  

උපුටා ගැනීම - http://www.kickupdates.com/2015/08/why-you-should-be-sleeping-on-your-left.html

සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ගාල්ල කඩවත්සතර

තරු පිළිබද තතු


 තරුවක් උපදිනුයේ විශ්වයේ පවතින දැවැන්ත දුහුවිලි හා වායු අඩංගු අණුක වලාවක් ශීතනය වී කැටි වීමෙනි. මෙම වලාකුලු තුළ හයිඩ්‍රජන් හා හිලීයම් වායු අඩංගුය.එමෙන්ම ආලෝක වර්ෂ කිහිපයක දිගින් හා පළලින් යුක්තය. ගුරුත්වාකර්ෂණය හේතුවෙන් මෙම දුහුවිලි හා වායු අඩංගු වළාව ක්‍රමයෙන් හැකිලේ. එවිට එය වේගයෙන් භ්‍රමණය වන අතර විශාල තාප ප්‍රමාණයක්ද පීඩනයක්ද ඇතිවේ. උෂ්ණත්වය කෙල්වින් 150,000 තරම් අගයකට ලගාවු විට දූවිලි වලාවේ මැද කොටස දීප්තිමත්ව පෙනෙන්නට පටන් ගනී.එම දීප්තිමත් කොටස ප්‍රාග් තාරකාව නම් වේ.
ප්‍රාග් තාරකාවේ ඇති ද්‍රව්‍ය තව තවත් හැකිලෙන විට උෂ්ණත්වයද පීඩනයද තව තවත් වැඩි වන අතර භ්‍රමණය වේගවත් වේ. මෙහිදී ප්‍රාග් තාරකාවේ ඇතුළත හා පිටත ප්‍රදේශ දෙකක් හදුනා ගත හැකි අතර ඇතුලත ප්‍රදේශයේ සැබෑ තාරකාවද පිටත ප්‍රදේශයේ ග්‍රහලෝකද නිර්මාණය වේ. මෙම ග්‍රහලෝක අදාල තරුව වටා පරිභ්‍රමණය වේ.

ප්‍රාග් තාරකාවේ ඇතුළත ප්‍රදේශයේ කෙල්වින් 15000000 ක්  පමණ උෂ්ණත්වයක් ඇතිවු විට න්‍යෂ්ටික විලයනය එනම් කුඩා පරමාණු එක්වී විශාල පරමාණු සෑදීම සිදුවේ.ප්‍රධානව හයිඩ්‍රජන් පරමාණු එක්වී හීලීයම් පරමාණුව සෑදීම සිදුවේ. මෙම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවේදී ඉතා අධික ශක්ති ප්‍රමාණයක් නිකුත් වන අතර ඉහළ පීඩනයක්ද ඇතිවේ. න්‍යෂ්ටික විලයනයේදි ජනනය වන අධික ශක්තිය හේතුවෙන්  තාරුකාව දර්ශණීයව බබලන්න පටන් ගනී. එවිට සැබෑ තරුවක් නිර්මාණය වේ.
විශ්වයේ මෙලෙස තරු උපදින ස්ථානයක් නිහාරිකාවක් නමින් හැදින්වේ. තරුවක් බිහිවු පසුව එම තරුව ක්‍රමයෙන් යොවුන් විය කරා  එළඹේ. එම කාලයේදි තරුව උපරිම වේගයෙන් හයිඩ්‍රජන් වායුව හීලීයම් වායුව බවට පත් කරයි.ඉන් නිකුත් වන ශක්තියෙන් උපරිම දීප්තියක් සහිතව තරුව බැබළෙයි. තාරුකාවේ ස්කන්ධය වැඩිනම් දීප්තිය සාපේක්ෂව වැඩි‍වේ.අහසේ ඇති තරුවල දීප්තිය එකිනෙකට  වෙනස්ය. තරු වල දීප්තිය  මැනීමට දීප්තතා පරිමාණය භාවිතා කරන අතර එය ‍සොයා ගැනීමේ ගෞරවය කි.පූ 150 දී පමණ විසු හිපාකස් නැමැති විද්‍යාඥයාට හිමිවේ.

තරුවල සැබැ පෙනුම හිරුගේ හැඩයට සමානය. එනම් වටකුරුය. කහපාට තැටියක් මෙනි. තරුවලට විවධ වර්ණ ලැබෙනුයේ ඒවායේ පවතින උෂ්ණත්වය අනුවය.රතු තරුවල මතුපිට පවතින උෂ්ණත්වය සාපේක්ෂ වශයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක2000-2600 ක් දක්වා පරාසයක පවතී.නිලට හුරු සුදු පැහැති තරු වල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක මිලියන දහස් ගණනකි.

තරු නිරතුරුවව චලනය වෙමින් පවතී. එකම ‍වේගයකින් හා සමාන්තර මාර්ගයක ගමන් කරන තරු පන්ති ඇත.ඇතැම් යුගල තරු වල එක් තරුවක් වටා අනෙක ගමන් කරයි.ඇතැම් තරු පොකුණු වල කක්ෂ චලනයක් දැකිය හැකි අතර ඒවා ඒ ඒ තරු පොකුරු අයත් ගුරුත්ව කේන්ද්‍රය වටා ගමන් කරයි. අපගේ මන්දාකිණියේ ඇති තරු එහි කේනද්‍රය වටා කරකැවේ. මන්දාකිණි හුදකලා තරු ‍හෝ තරු පොකුරු එක්වී    සෑදි ඇති අතර මන්දාකිණියක තරු සිය කෝටියක් පමණ අන්තර්ගතය.

අන්තර්ජාතික තාරකා සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති තාරුකා රාශි 88කි .එයින් 48 ක් උතුරු දෙසින්ද 40 දකුණු දෙසින්ද පිහිටා ඇත.
මිනිසාට මෙන්ම තාරුකා වලටද ඉපදිම , යොවුන් වියට එළඹීම හා මියයාම යන අවස්ථාවලට මුහුණ දීමට සිදුවන නමුත් තාරුකාවල ජීවිත කාලය අවුරුදු මිලියන හා බිලියන ගණනකි. තරුවක් නිල් පාටින් හා සුදු පාටින් දිදුලන්නේ නම් ඒවා තරුණය. රෝස හෝ රතු පැහැයෙන් දිස්වේනම් ඒවායේ අවසාන කාලය ගත කරමින් සිටී. ආයු කාලය අවසන්වු තරුව විශාලවී පුපුරා යයි. නැතිනම් විශ්වයේ කළු කුහරයට ඇදී අතුරුදහන්වයයි.

සැකසුම-විද්‍යා හා තාක්ෂණ නිළධාරි-බලපිටිය

ඖෂධීය ගුණයෙන් පිරි කටුවැල් බටු

උද්භිද විද්‍යාත්මකව සෝලගම් සැන්තොකාපම් (Solanum xanthocarpum)  නමින් හැදින්වෙන මෙම පැලෑටිය සොලනේසියේ කුලයේ සෝලනම් ගණයට අයත් වේ. මෙය ඉතා සුළු වශයෙන් කාෂ්ඨීය වන අතර පොලව මත පැතිර වැඩෙන ශාඛයකි.  පත්‍ර ඛණ්ඩිකා වලට බෙදී ඇති අතර නාරටි පැහැදිලිව දර්ශනය වේ. ශාඛයට ආවේනික වූ කහ පැහැති තියුණු කටු කදෙහි පත්‍ර නටුවේ හා පත්‍ර නාරටි වල විසිර පවතී. පුෂ්ප දීප්තිමත් දමි පැහැයෙන් යුක්ත වේ. එලය ගෝළාකාරය එය සෙ.මී.1 – 1.5 පමණ විශ්කම්භයකින් යුක්ත වේ. ඵලය නොමේරූ අවධයේදී කොළ පැහැයෙන් යුක්ත වන අතර මේරීමේදි ක්‍රමයෙන් කහ පැහැයට හැරේ.
කටුවැල් බටු එහි නමට උචිත ලෙසින් තියුණු කටුවලින් යුක්ත පොළොව බදා ව්‍යාප්ත වන වියලි කලාපයේ පහසුවෙන් වගා කළ හැකි ශාකයකි. ඉන්දියාවේ කාන්තාර ආශි‍්‍රතව පරිසරවල ස්වභාවිකව පැතිරී ඇති අතර ශාකය ඖෂධයක් ලෙසද වගා කරයි. ලංකාව, ඉන්දියාව හා බුරුමය කටුවැල් බටු ශාකයේ නිජබිම ලෙස සලකනු ලබන අතර මේවා වැවීමට වියළි දේශගුණය බෙහෙවින්ම බලපායි. අතීතයේ දී ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි ප‍්‍රදේශවල හේන් වගාවක් ලෙස තිබී ඇත. සමහර ප‍්‍රදේශවල ස්වභාවිකව දක්නට ලැබේ. ශී‍්‍ර ලංකාවේ පහත රට වියළි කලාපයේ නිසරු මුඩු බිම්වල සරුවට වැඩේ.බීජ මගින් පහසුවෙන් බෝ කර ගැනීමේ හැකියාව ඇත. කහ පැහැයට හැරුණු හොඳින් මේරූ කටුවැල් බටු ගෙඩි වලින් වෙන් කරගන්නා බීජ හොඳින් සෝදා මඳ පවනේ වියළා ගත යුතුය. කල්තබා ගැනීමට අවශ්‍ය නම් ගෙඩිවලින් බීජ වෙන්කර ගබඩා කරගත යුතුය.දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රය සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය වැදගත් ඖෂධ පැළෑටියක් ලෙස කටුවැල් බටු  හැදින්විය හැක.
තවාන් වලදී මෙන්ම ක්ෂේත්‍රෙය් පැළ සිටුවීමේදීද දියමලන් කෑම වැනි රෝග තත්වයන් හට එමෙන්ම කටුවැල්බටු ශාඛයට එපිලැග්නා කුරුමිණියාගෙන් හානි පැමිණේ. මෙම කුරුමිණියාගේ කීටයා පත්‍ර කා දමන  අතර එය සිදු කරනුයේ දහවල් කාලයේදීය.  මීට අමතරව කොළ කන දළඹුවන් කුරුමිණියන් යුෂ උරා බොන කෘමීන් පත්‍ර සිදුරු සාදන්නන් ශල්ක කෘමීන්ගෙන් වර්ධන අවධියේදී බොිගයට හානි පැමිණේ.
පළිබෝධ භාවිතය අධික ලෙස තෙතමනයට ඔරොත්තු නොදීම නිසා රෝග බෝවීමේ හැකියාව වැඩිය. නියමිත පරිදි වගාවට ආරක්‍ෂාව සැලසීම මගින් රෝග කාරක වල බල පැවැත්මක් නොවේ. රෝගවලට ප‍්‍රතිකාර ලෙස රසායනික කෘමිනාශක වලින්් තොරව ස්වභාවික ප‍්‍රතිකර්ම යොදා ගැනීම ඉතාමත් යෝග්‍ය වේ. ඒ සදහා කොහොඹ ඇට වලින් සාදාගන්නා ස්වභාවික කෘමි නාශකය යොදා ගැනීම වැදගත් වේ.ශාකයේ වැඩීමට කාබනික පොහොර යොදාගනු ලබයි. බීජ පැළ කිරීමේ සිට අවසානය දක්වාම රසායනික පොහොර භාවිතා නොකරයි.
වගා කරන ක‍්‍රමයබීජ මගින් පහසුවෙන් බෝ කරගත හැකිය. කහ පැහැයට හැරුණු හොඳින් මේරූ කටුවැල් බටු ගෙඩිවලින් වෙන් කරගන්නා බීජ හොඳින් සෝදා මද පවනේ වියළා ගත යුතුය. කල් තබා ගැනීමට අවශ්‍ය නම් ගෙඩි වලින් බීජ වෙන්කර ගබඩා කර ගත යුතුය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලදී මෙම බෝගය ඉතා විශාල වශයෙන් කසාය සාරය නිපදවිමට උපයෝගී කර ගනී . මෙම ශාඛයෙන් ලබා ගන්නා කසාය සාරය සෙම ඉවත් කර ගන්නා ඉතා හොද ඖෂධයක් මෙන්ම විශේෂයෙන් ඇදුම කැස්ස උණ රෝග සදහා ඉතා හොද ඖෂධයක් වේ. මෙයට අමතරව පපුවේ වේදනාව පාද කසමින් ඝ්‍රාවයන් ගැලීම ආහාර අරුච්ය මග හරවා ගැනිමට  ප්‍රධාන සංඝටකයක් ලෙස යොදා ගනී. ඉන්දියාව වැනි රටවල කටුවැල් බටු ශාඛයෙන් ලබා ගන්නා යුෂය ගොනොරියා වැනි සමාජ රෝගවලට හා මෞත්‍ර ලිංගික රෝග වලට ඖෂධයක් ලෙස භාවිතා කරයි.
මෙම ශාඛය ඖෂධීය වටිනාකමකින් හා ආර්ථික වටිනාකමකින් යුක්ත බව උක්ත කරුණු අනුව ඔබට පැහැදිලි වේ.

tharunaya.co.uk/
www.danuma.lk

විදුලිය නිපදවන සපත්තුවක්


සපත්තුවකට සවි කළ හැකි ඇවිදින විට විදුලිය උත්පාදනය කර ගත හැකි උපකරණයක් ජරිමානු පර්යේෂකයන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ. 
බැටරි භාවිතා නොවන මෙම උපකරණය ඉලෙක්ට්‍රොනික සංවේදක එක් කර නිර්මාණය කර තිබේ. ඇවිදීමේදී විදුලිය ක්‍රම ද්විත්වයකට උත්පාදනය කළ හැකි උපකරණ දෙකක් මෙම පර්යේෂණ කණ්ඩායම නිර්මාණය කර තිබේ. ඉන් පළමු වැන්න වන්නේ “ෂොක් හාවස්ටර්“ය. ඉන් විදුලිය උත්පාදනය වන්නේ සපත්තුවේ අඩිය පොළවේ වදින අවස්ථාවේදීය. අනෙක වන්නේ “ස්විංග් හාවස්ටර්“ ය. ඉන් විදුලිය උත්පාදනය වන්නේ පාදය බිම වැදීමෙනි. මෙම ක්‍රමයේදී පර්යේෂකයන්ට තවමත් උත්පාදනය කිරීමට හැකිව ඇත්තේ මිලිවොට් 3 සිට 4 දක්වා ප්‍රමාණයකි. එම ප්‍රමාණය ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් චාජ් කර ගැනීමට තරම්වත් ප්‍රමාණවත් නොවන විදුලි ප්‍රමාණයකි. ඇවිදීමේදී ජනනය කර ගත හැකි විදුලි ප්‍රමාණය වර්ධනය කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ජර්මනියේ HSG-IMIT පර්යේෂණ ආයතනයේ ක්ලෙවිස් යිලි පවසයි. 
ඒ කෙසේ වෙතත් සංවේදක අඩංගු මෙම සපත්තුව දිවි ගලවා ගැනීම වැනි අනතුරැදායක රැකියා කරන්නවුන්ට වඩාත් යෝග්‍ය බව මෙම පර්යේෂණ කණ්ඩායම පවසයි. එනම් හදිසි අනතුරකදී නොදන්නා ස්ථානයක් කරා යන දිවි ගලවා ගැනීමේ සේවකයන් සිටින ස්ථානය මෙම සපත්තුවේ සංවේදක හරහා දැන ගැනීමට ඇති හැකියාවයි.

උපුටා ගැනීම- නව යුගය සගරාව 

සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල



ඔස්ටියෝ ආතරයිටිස් සහ තවත් රෝග ගණනාවකට පිහිට වන මුහුදු කැකිරි ?


ඔස්ටියෝ ආතරයිටිස් යනු බන්ධනී අතරඇති කාටිලේජ ස්ථරය ක්ෂය වීම  හේතුවෙන් අස්ථි ගැටීම නිසා ඇතිවන වේදනාකාරි තත්වයයි.

අද ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්වයට මුහුණ දෙන්නේ වයස්ගත උදවිය පමණක් නොව යෞවනයන්ද මෙවැනි රෝගී තත්වයන්ට මුහුණ දෙයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ  අක්‍රමවත් ජීවන රටාව හේතුවෙන් ඇතිවන අධික ලෙස තරබාරැවීම, නිවැරදි ලෙස ව්‍යායාම නොකිරීම, පෝෂණ ඌනතාවය වැනි හේතූන් රැසක් හේතුවෙන් ඔස්ටියෝආතරයිටිස් රෝගීතත්වයට මුල පහදයි.
මෙම රෝගී තත්වය හදුනාගත හැක්කේ අත පය හසුරවන විට හෝ වාඩි වී සිට නැගිටින විට හෝ පඩිපෙලක්, කන්දක් නගින විට ක්‍රිස් හඩක් සන්ධින් අතර ගැටීම නිසා හටගනී. ඒ සමගම ඊට ආව්නික වූ මුවහත් කැක්කුමක් ද ඇතිවේ.
මෙම රෝගයට පිළියමක් ලෙස කාටිලේජ වර්ධන පෝෂණ සංඝටක අද නවීන විද්‍යාත්මකව කරන ලද පර්යේෂණ මගින් සොයාගෙන ඇත. ඖෂධ වෙලදපොලේ ඔස්ටියෝ ආතරයිටිස් සදහා භාවිතාවන ඖෂධ සදහා මූලිකවම යොදා ගන්නා සංඝටකයක් ලෙස ග්ලූකොසමයි සල්ෆේට හා කොන්ඩෙයිටින් සල්ෆේට හදුන්වාදිය හැක. 
ග්ලූකොසෙමින් සල්ෆේටහි මූලික ප්‍රභවය ලෙස තයමින් සහිත බෙල්ලන් හෝ කෘමින්ගෙන් ගනු ලබයි.කොන්ඩෙයිටින් සල්ෆේට මුහුදු කැකිරිවල බහුලව දැකිය හැක. මුහුදු කැකිරිවල ඇති කාටිලේජ සැකිල්ලේ 10-16% අතර මියුකොපොලිසැකරයිඩ ඇත. ඉන් මූලිකව ඇත්තේ කොන්ඩෙයිටින් සල්ෆේටයි.
තවද දුබල අවස්ථා, මළ බද්ධය, නිතර මූත්‍රායාම, කෘශ බව, වකුගඩු ආසාදන සදහාද මුහුදු කැකිරි ගුණදායකවේ. මීට අමතරව වෛරසයන්හි ක්‍රියාකාරිත්වය නිශේධනය කිරීමේ ගුණයක්ද මුහුදු කැකිරිවල ඇත. තවද සැපොතින් නම් රසායනිකය අඩංගු නිසා පිළිකා නාශක ගුණය හා ප්‍රධාතයන් සමනය කිරීමේ ගුණයෙන්ද යුක්තය.



සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල


ඔබත් සමබල ආහාර වේලක් ගන්නවාද?

  
සියක් වසරකට වැඩි කාලයක් ජීවත්වීමට නම් මිනිසා හොද ආහාර වේලක් ගත යුතුය. හොද ආහාර වේලක් යනු සමබල ආහාර වේලකි. එවැනි ආහාර වේලක් හැම විටම අවශ්‍යම පෝෂක කොටස්වලින් සමන්විතය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවණ, තන්තු සහිත ආහාර යනාදී මේ සෑම පෝෂක කොටසක්ම ආහාර වේලකට ඇතුළත් විය යුතුය. ආහාර ලබා ගන්නා පුද්ගලයා කරන කාර්ය, වයස, ස්ත්‍රී-පුරැෂ බව, රෝගී-නිරෝගී බව සැලකිල්ලට ගෙන මේ සෑම පේෂණ කොටසක්ම ආහාරයට එකතු කර ගැනීම වැදගත්වේ. එමෙන්ම සෑම පෝෂ්‍ය කොටසක්ම නිවැරදි අනුපාතවලින් ආහාර වේලට එකතු කර ගැනීමට  සෑම අයෙක්ම උත්සුක විය යුතුය.


ඇතැ පෝෂක කොටස් අධික ලෙස අඩංගු ආහාර වේලක් ගන්නට පුරැදු වූවොත් එයින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවන්නට පුලුවන. ස්ථුලතාව ඇතිවීම, දියවැඩියාව වැනි රෝග මතුවීම පමණක් නොව පිළිකා ඇතිවන්නටත් මෙය හේතු විය හැක. ආහාරයේ අඩංගු පෝෂක කොටස් යම් හෙයකින් අඩු වූවොත් බරපතල ගැටලු ඇතිවේ.

පර්යේෂකයන් පවසන්නේ අප ගන්නා ආහාර වේලට පලතුරැද ඇතුළත් විය යුතු බවයි. එමෙන්ම පුමාණවත් තරම් ජලය පානය කිරීමත් අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක් බව පෝෂණවේදීහු පවසති.

සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල

උග්‍ර විෂ ඇති Hemlock ශාකය ගැන ඔබ දන්නවාද?

උග්‍ර විෂ අඩංගු ඉතා ප්‍රකටම ශාකය වන්නේ Hemlock යනුවෙන් හදුන්වන ශාක විශේෂයයි. මෙම ශාකයේ කොනීන් නමැති රසායනිකය අඩංගුවේ. රසායනික සංයුතිය අතින් මෙම කොනීන් සිගරට්වල අන්තර්ගත නිකොටීන්වලට සමානවේ. මින්ස් ශරීරයේ ස්නායු පද්ධතියට මෙම සංයෝගය මගින් බරපතල බලපෑම් ඇති කරයි.

මේ නිසා දෙපතුළ සිට හෘදය දක්වා මාංෂ පේශීන්ගේ ක්‍රියාකාරිත්වය ඇණ හිටී. එතුළින් ශ්වසන පද්ධතියට බාධා පැමිණේ. එහි පුථිඵලයක් ලෙස ඔක්සිජන් අඩුවීමෙන් හෘදයේ හා මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවේ. මෙම ශාකයේ අඩුංගු විෂෙන් මිලිග්‍රෑම් 10ක් ශරීරගත වීමෙන් මිනිසෙකු නැසිය හැක. මෙම ශාකය පුරාණ ග්‍රීසියේ සිරකරැවන් ඝාතනය කරන්නට යොදා ගත් බව කියැවේ. ග්‍රීක දාර්ශනිකයෙකු වන සොක්‍රටීස් මිය ගියේද මෙම ශාකයේ විෂ නිසා බව ඉතිහාසයේ කියැවේ.


සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිලධාරි, මාවනැල්ල

ආහාරද මාරක රෝග ඇති කරයි

ආහාර නිසා ඇතිවන රෝග විවිධාකාරය. උසස් තත්වයේ ආහාර තුළද බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයන් අඩංගු විය හැක. එමගින් ආහාර දූෂණයවේ. ආහාර තුළ රසායනික ද්‍රව්‍ය හෝ ස්වභාවයෙන්ම ඇතිවන විෂ වර්ග තිබිය හැක. 

ආහාර විෂවීම් ඇති කරන බැක්ටීරියා වර්ග කිහිපයක් ඇත. ලිස්ටෙරියා මොනොසයිටෝජිනේස් බැක්ටීරියා විශේෂය මගින් ලිස්ටෙරියෝසිස් නමැති රෝගය ඇතිවේ. එම බැක්ටීරියාව අඩංගු ආහාර අනුභව කරන ඝර්භනී මව්වරැන්ගේ කුස තුළ සිටින දරැවන් මිය යාමටද පුලුවන. එහි ක්‍රියාකාරිත්වය හේතුවෙන් කුස තුළ සිටින දරැවන් නොයෙකුත් රෝගවලින් දුර්වල තත්වයට පත්වීමට ඉඩ ඇත.

ආහාර විෂවීම ඇති කරන අනෙකුත් බැක්ටීරියාව වනේ ඊ කෝලයිය. මෙම බැක්ටීරියාව මිනිස් අන්ත්‍ර තුළ දක්නට ඇත. 

මිනිසාට හානි කර විපත් ගෙනෙන අනෙක් බැක්ටීරියා විශේෂය වන්නේ සැල්මොනෙල්ලා බොන්ගොරි හා සැල්මොනෙල්ලා එන්ටෙරිකාය. මෙම බැක්ටීරියා නිසා ඇතිවන රෝගී තත්වයන් මිනිසාට මරණය පමුණුවන්නටද හේතුවේ. 

ආහාර විෂවිම් ඇති කරන වෛරස අතර නොරෝ වෛරස ප්‍රධාන වේ. මෙය ශරීරගතවූ විට ඇතිවන රෝගී තත්වය මැඩලීම ඉතා අපහසුය. සංඛ්‍යා ලේඛන අනුව මිලියන 267ට ආසන්න පිරිසක් සෑම වසරකම මෙම වෛරය ශරීරගතවීමෙන් ලෙඩවේ. මෙයින් ලක්ෂ දෙකක් පමණ ජීවිතක්ෂයට පත්වේ.
මීට අමතරව එන්ටරෝ වෛරය, හෙපටයිටිස් ඒ වෛරසය, හෙපටයිටිස් ඊ වෛරසය, රෝටෝ වෛරසය ආදියත් ආහාර සමග මිනිස් සිරැරට ඇතුලුවේ. මෙම වෛරස මිනිස් ජීවන ගමන් මග් කෙටි කරන්නට සමත්වේ.

සකස්කළේ/උපුටාගැනීම?

පහත දෑ පරිසරයට මුදා හැරිමෙන් මිනිසාගේ සෞඛ්‍යයට හා සතුන්ගේ පැවැත්මට බලපෑම් ඇතිවේ.

බ්‍රෝමිනිකෘත
ගිනිගැනීම් වැලැක්වීම සදහා බ්‍රෝමිනිකෘත ප්ලාස්ටික් සමග මිශ්‍ර කිරිම සිදු කරයි. බ්‍රෝමිනිකෘත සමග මිශ්‍ර කිරිම සිදු කරයි. බ්‍රෝමිනිකෘත ප්‍රතිරෝධක හෝමෝන  ක්‍රියාකාරිත්වයට  බාධා ඇති කරන අතර කුඩා දරැවන් මෙම ද්‍රව්‍යයන්ට නිරාවරණය වු විට තයිරොයිඩ් ග්‍රන්ථිය හා ස්නායු ආබාධයන්ට ගොදුරුවීමේ අවධානම පවති.
ආසනික්
පරිගණක චිප් වල ආලොක් මුදා හරින ඩයෝඩවල අන්තර්ගතවේ . මේවා පිළිකා කාරකයක් ලෙස හදුනාගෙන ඇති අතර විශේෂයෙන් හමේ සහ පෙනහළු පිළිකවන්ට ලක් විමේ අවධානමක් ඇත.
කැඩිමියම්
මළ බැදීම වලක්වන ආලේපයක් ලෙස පරිගණක හා මොනිටරයේ ස්විචස් වලට සම්බන්ධක වලට භාවිතා කරයි. නිකල් කැඩිමියම් බැටරි වලද අඩංගු වේ. අධික ප්‍රමාණයෙන් කැඩිමියම් වලට නිරාවරණය වීමෙන් පෙනහළු ආබාධ මෙන්ම මරණයද ඇති විය හැක.
ක්‍රෝමියම්
ප්ලාස්ටික් හා වර්ණක නිෂ්පාදනය සදහා යොදා ගැනේ. සමහර ලෝහමය කොටස්වල ආලේපනයක් ලෙසද යොදා ගනි. මිනිසාගේ ශරිරයට ඇතුළුවන ආකාරය අනුව ක්‍රෝමියම් විවිධ රෝගාබාධ ඇති කරයි. ආශ්වාස කිරිමෙන් පිළිකා කාරකයක් ලෙසද ක්‍රියා කල හැකිය. තවද මෙය DNA  අණු වලටද හානි සිදු කරයි.
හැලජන
ප්ලාස්ටික් කර්මාන්තයේදි පරිවාරකයක් ලෙසද භාවිතා කරයි.මෙම ද්‍රව්‍ය විවෘතව දහනය වීමෙන් ඩයා්සින් හා ෆියුරාන් වැනි විෂ සහිත වායුන් පිට වේ.
ලෙඩ්(ඊයම්)
කැතෝඩකිරණ තුල සහ පෑස්සීම සදහා භාවිතා වේ. ලෙඩ්(ඊයම්) වලට නිරාවරණය වීමෙන් ආහාර අරැචිය , මස් පිඩු වේදනාව , ව්‍යාධිය , හිස රුදාව ඇති විය හැක. දීර්ඝකාලිනව නිරාවරණය වීමෙන් ස්නායු ක්‍රියාකාරිත්වය අඩපන වීම සිදුවේ. විශාල ප්‍රමාණයෙන් නිරාවරණය වීමෙන් මොලයේ ආබාධ හා මරණය සිදුවිය හැක.
රසදිය

පැරණි බැටරිවල හා ස්විච් වල මෙන්ම රෑපවාහිනි යන්ත්‍ර වල ප්‍රතිදීප්ත  විදුලිපහන් වල දක්නට ලැබේ. කෙටිකාලිනව රසදිය වලට නිරාවරණය වීමෙන් පෙනහළු ආබාධ ඔක්කාරය වමනය අතිසාරය රුධිර පීඩනය සමේ රෝග අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක් ඇත.

සකස්කළේ/උපුටාගැනීම?