December 17, 2015

ළමා මනස විකෘති කරන කාටුන්

වයස අවුරුදු 2 ට අඩු ළමයින්ට කිසිදු රූපවාහිනි වැඩසටහනක් නොපෙන්විය යුතු බවත්, අවුරුදු දෙකට වඩා වැඩි ළමුන්ටද දිනකට අර්ථවත් හා ළමයින්ට ගැලපෙන කාටුන් හෝ රූපවාහිනි/පරිගණක වැඩසටහන් වුවද පැයකට දෙකකට වඩා වැඩියෙන් නරඹන්නට දීම සිදු නොකළ යුතු බවත් වැඩිහිටියන් වන ඔබට අවධාරණය කරමි.
ලංකාවේ ළමයින් පාසල් ඇර නිවෙස් වලට පැමිණි පසු රූපවාහිනි ඔස්සේ බොහෝ විට නරඹන්නේ ළමා මනස විකෘති කරන ළමයින් රෝගීka කරන කාටුන්ය.
දැනට සිටින වැඩිහිටි පරම්පරාවල උදවිය කුඩා කාලයේ ඔවුන්ගේ ලෝක තුල වීර චරිත වූයේ ඉතිහාස කතා, ජනකතා වල එන ආදර්ශවත් චරිතයන්ය. දැන් ළමයින්ගේ වීරයන්ව ඇත්තේ ආතක් පාතක් නැති, ස්කූබී ඩූ, සුපර් මෑන්, සූර පප්පලා, බෙන්ටෙන්ලාය. ළමයින් කැමති ඉල්ලන හැම දෙයක්ම ලබා දීම ආදරය ලෙස වරදවා තේරුම් ගෙන සිටින දෙමවුපියන් මෙමගින් ළමයින්ට වන හානිය පිළිබද කිසිදු තැකීමක් කරන්නේ නැත. දිනකට පැය තුන හතරක් කාටුන් නරඹන දරුවන් තුළින් ප්‍රචණ්ඩකාරී සහ අකීකරු හැසිරීම් ප්‍රකට කෙරෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත.
දරුවන් අන්නගේ දුක, වේදනාව නොහදුනන්නන් බවට පත් වීමත් අනුකම්පා විරහිත ලෙස කටයුතු කිරීම, පහරදීම් මෙන්ම සමාජ විරෝධි ක්‍රියාවන්ට පවා යොමු වීමටත් මෙය හේතු වනවා ඇත.
කාටුන් චරිත විසින් සිදු කරන සමහර ක්‍රියාවල නිරතවීමට දැරුවන් ආශාවෙන් පෙළෙන තත්වයට ඇද දමන බව මේ පිළිබදව පර්යේෂණ කරන විද්‍යාඥයන් විසින් අවධාරණය කර ඇත.
දුම් පානය කිරීම, මත්පැන් පානය කිරීම වැඩිහිටියන්ට අවමන් කිරීම පමණක් නොව ලිංගිකත්වය පවා හුවා දැක්වෙන අවස්ථා ද සමහර කාටුන් වල අන්තර්ගත වීම කණගාටුවට කාරණාවකි.
අපගේ සමාජ සාරධර්ම වලට පටහැනි මෙවන් කාටුන් චරිත වලින් ඔළුව පුරවාගන්නා දරුවන්ගෙන් අනාගතයේදී උතුම් මනුෂ්‍ය ගුණාංගයන් අපට බලාපොරොත්තු විය හැකිද යන්න පිළිබදව වැඩිහිටියන් වශයෙන් අප දෙවරක් සිතා බැලිය යුතුය.
බාල, වැඩිහිටි, මහළු කොයි කා අතරත් බෝ නොවන රෝග ඔඩුදුවන වර්තමානයේ බිස්කස්, කේක්, සැන්විච්, හොට් ඩෝග්ස් වැනි පිටි සහ සීනි අධික ක්ෂණික ආහාර අනුභවයටද සමහර කාටුන් වලින් ළමයින්ව පොළඹවනවා දැකිය හැක. කාටුන් අතරතුර විකාශය වන වෙළද දැන්වීම් ද මීට නොදෙවෙනි බව කිව යුතුය.
 බොහෝ දියුණු රටවල් කාටුන් සදහා වාරණ නීති රීති පනවා ඇති අතර අපේ රටේ එවැන්නක් නොමැති වීමත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒවා මිලදී ගත හැකි වීමත් කණගාටුවට කාරණාවකි. එමෙන්ම බටහිර රටවල රූපවාහිනී වැඩසටහන් වල අන්තර්ගත වන දේවල් මොන වයස් කාණ්ඩ සදහා සුදුසු වන්නේද, ළමයින්ට සුදුසුද නැද්ද යන්න පිළිබද මාර්ගෝපදේශයන් ඇත. එම රටවල අලෙවි කෙරෙන කාටුන්, ගේම් හා චිත්‍රපට DVD කවර මතද අදාල වර්ගීකරණයන් දක්වා ඇත. අපේ රටේ මෙවැනි වර්ගීකරණයන් නොමැති අතර, ඇතැම් රූපවාහිනි චැනල් වල පවා ළමයින්ට නොගැලපෙන කාටුන් පවා ඉදිරිපත් කරන බව කාටත් නොරහසකි.
වයස අවුරුදු දෙකට  පෙර අවධිය දරුවන්ගේ මොළයේ වර්ධනයේ තීරණාත්මක අවධියක් වන බැවින් එම කාලය තුල රූපවාහිනි හෝ වෙනත් වීඩියෝ වැඩසටහන් ළමයින්ට නොපෙන්වා සිටීම ඉතා ඥාණාන්විත ක්‍රියාවකි. ඉගෙන ගැනීම, යහපත් කායික මානසික සබදතා ගොඩනගා ගැනීම, සෙල්ලම් කිරීම ගවේශණය කිරීම දෙමාපියන් සහෝදරයන් වැඩිහිටියන් සමග යහපත් සමාජ සබදතා ගොඩනගා ගැනීම ආදිය රූපවාහිනී, පරිගණක හෝ ජංගම දුරකථන නිසා අවහිර වේ.
දරුවන් සමග සෙල්ලම් කිරීම, ඔවුන්ට රසවත්, චරිතවත්, ආදර්ශවත් කථා කියා දීම හා ඔවුන් වෙනුවෙන් කාලය මිඩංගු කිරිමට වැඩිහිටියන් වන අපට හැකියාවක් ලැබේ නම් රූපවාහිනියට ඇබ්බැහි වූ දරුවන් ඉන් ගලවා ගැනීම අසීරු කටයුක්තක් නොවන බව සිහි තබා ගැනිම ඉතා අගනේය.


මූලාශ්‍ර - 2015.11.08. දිවයින ඉරිදා නිම්නය අතිරේකය
 අනුෂා එන්. ගමගේ
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
බදුල්ල

 

1 comments:

Buddhist TV, Shardha TV, Discovery Science, Discovery kids, Disney Junior, Animal Planet, Net Geography, Net Geo People, Travel XP, Nenasara Grades වැනිආගමික, විද්යාGත්මක හා අධ්යා පනික වැඩ සටහන් රුපවාහිනී මාධ්යo තුලින්ශ්රීr ලංකාවේදීනැරඹිය හැකි බව මේ විද්යා නිලධාරිණි නොදන්නවාද? නැතිනම්භාෂා ප්රeශ්ණය නිසා රුපවාහිනිය යනු ටෙලි නාට්යේ හා කාටුන් පමණක් යැයි ළිංමැඩියන් මෙන් සිතනවාද?
දැණුම පෙළපොත්වලට පමණක් සීමා නොවේ. එසේ සිමා නොවූ දැණුමපරිපූර්ණමිනිසුන් බිහිකරයි.

Post a Comment