මිනිසාගේ ප්‍රත්‍යක්ෂ ඥානයේ ඇති වැරදීම හා ව්‍යාජ-විද්‍යාව
(pseudoscience) මත අවතාර හෝ අද්භූත ශබ්ද ඇසීම සිදුවේද? යන්න පිළිබද
විස්තරයක්, Lafayette
College යේ මානසික
විද්‍යා පිළිබද මහාචාර්‍ය “මයිකල් නීස්” රචිත මෙම ලිපියෙන් විග්‍රහ වේ.
සම්මත විද්‍යා ගවේශණ වලට පරිබාහිරින් වූ අද්භූත
ශබ්ද හා සංසිද්ධි කෙරෙහි බොහෝ ඇමරිකානුවෝ
විශ්වාස කරති. මෙම විශ්වාස නිසා ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමට කැපවෙන කණ්ඩායම්වල ප්‍රචාරණය සීඝ්‍රයෙන් වර්ධනය වේ. රූපවාහිනියේද
විවිධාකාර හොල්මන්-අවතාර වැනි අද්භූත සිද්ධී පිළිබද ගවේශන වැඩ සටහන් ප්‍රගුණනය වන ස්වභාවයක් ඇත.
එවැනි අවතාර දඩයමේ යෙදෙන වැඩ සටහන් නිසා සාමාන්‍ය ජනතාවද අද්භූත සිද්ධි අධ්‍යනය සඳහා යොමු වී තිබේ. විවිධාකාර වූ අවතාර දඩයම් උපකරණ
හා තාක්ෂණයන් භාවිතා කරන කුඩා කණ්ඩායම් අද්භූත සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තා වන ප්‍රදේශවල සැරිසරන බවද
වාර්තා වේ.
අවතාර දඩයම් කරුවන් සතු ආයුධ මල්ලේ ප්‍රධාන
වශයෙන් ශබ්ද පටිගත කරන යන්ත්‍ර දැකිය හැකිය. මයික්‍රෝපෝනයට බොහෝ විට නිරීක්ෂිත
පරිසරයේ අවට ශබ්ද හසු වේ. පටිගත කිරීමක ඇති භූතාත්ම පණිවිඩ හදුනාගැනීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරයි. දුරස්ථ භූතාත්ම වලින් ලැබෙන සාමාන්‍ය සන්නිවේදනයේදී නොඇසෙන ශබ්ද
පටිගත කර ගැනීම මෙම උපකරණ භාවිතයේ ප්‍රධාන අරමුණයි.
ඉලෙක්ට්‍රොනික හඬ සංසිද්ධී එනම් Electronic Voice Phenomena (EVP)හි අභිප්‍රාය අද්භූත සන්නිවේදනය වේ. සාමාන්‍යයෙන් මෙම ශබ්ද ඉතා කෙටි
වන අතර නොයෙක් වාර්තා කිරීම් වලදී එම ශබ්ද තනි වචනයක් හෝ කෙටි යෙදුමක් ලෙස සඳහන්
වේ.EVP වලදී තේරුම්ගත් අන්තර්ගතයන් “ඔබ අපා ගත වෙනවා (You
are going to hell.)”වැනි භිය ගැන්වීම් වේ. අද්භූත පර්යේෂකයන්ට
පටිගත කළ ශබ්දයේ ආකර්ෂණීය කොටස නම් එයින් විද්‍යාමාන වන අරමුණයි. අපක්ෂපාත තාක්ෂණ උපකරණයන් මගින් හසුකරගත් ශබ්ද ඛණ්ඩණයක් භූතාත්මයක් යැයි සත්‍යාපනය කරන්නේ කෙසේද? ඈතින් සිදුවන
සන්නිවේදනයක ප්‍රතිවාදන සාක්ෂියක් ලෙස EVP පෙනී යයි. මයිකල්
නීස්ගේ පර්යේෂණාගාරයේ සිදුකල නිරීක්ෂණ අනුව EVP ශබ්ද ඇති
වීම පිළිබඳව හා ඒවායේ අර්ථ දැක්වීම්හි නිවැරිදි බව පිළිබඳ මිනිසුන්ගේ එකගවිමේ
සම්භාවිතාව ඉතා දුර්වල බව පෙනී ගොස් තිබේ.එමඟින් මානව ප්‍රත්‍යක්ෂ ඥානයේ වැරදීම් සිදුවීම පැහැදිලිව විග්‍රහ
කෙරේ.තාක්ෂණික ආයිත්තම් තිබුනද EVP අධ්‍යයන ව්‍යාජ විද්‍යාවේ (අවිද්‍යාව/ Pseudoscience) බොහෝ
ලක්ෂණ වලින් සමන්විතය.

උපුටා
ගැනීම :
Hearing ghost voices relies on pseudoscience
& fallibility of Human Perception by Michael Nees
http://www.iflscience.com/editors-blog/hearing-ghost-voices-relies-pseudoscience-and-fallibility-human-perception
0 comments:
Post a Comment