December 3, 2015

නිවසේ භාවිත කරන රසායන ද්‍රව්‍ය

නිවසේ භාවිත කරන රසායන ද්‍රව්‍ය  රාශියකි. පවිත්‍රකාරක (cleaning agen) ,රෙදි සේදුම්කාරක හා විවිධ සබන් වර්ග,  පරිසරය සුවඳවත් කරන වාත නැවුම්කාරක (air freshner) , ආහාර සදහා එක් කරන රසායන ද්‍රව්‍ය, ඖෂධ,රූපලාන්‍ය ද්‍රව්‍ය, තීන්ත, සතුන් පලවා හැරීමට යොදන ද්‍රව්‍ය  ආදිය මේ අතර ප්‍රධාන වේ.
                                                    නිවසේ භාවිත කරන රසායන ද්‍රව්‍ය අපගේ ශරීර ගතවීමට වැඩි ඉඩක් පවතින අතර පරිසරයට ද අහිතකර සංයෝග ඇතුළත් විය හැකිය.විශේෂයෙන් ආහාර සදහා එක් කරනු ලබන රසායන ද්‍රව්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.
                                                    ලුණු, සීනි වැනි ආහාර සදහා එක් කරනු ලබන ද්‍රව්‍යද රසායනික ද්‍රව්‍ය වන අතර ඒවා පවා අනිසි ලෙස භාවිතයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග රාශියකට හේතු වන්නකි. මොනො සෝඩියම් ග්ලූටමේට් හෙවත් අජිනමොටෝ අද වෙළද පොළෙහි ඇති සෑම ආහාරයකටම පාහේ එක් කරන රසායන ද්‍රව්‍යයක් වන අතර එය පමණ ඉක්මවීම ශරීරයට බොහෝ අහිතකරය.  මෙම ද්‍රව්‍ය සමහර ප්‍රදේශවල වල් නාශයක් ලෙස යොදා ගන්නා බවටද වාර්තා වී ඇත.වෙළද පොලෙහි ඇති බීම වර්ගද රසායන ද්‍රව්‍ය බහුලව ඇති පාන බවට පත්ව ඇත. සමහර බීම වර්ග වැසිකිළි පවිත්‍රකාරක ලෙසද යොදා ගත හැකි තරමට රසායන දව්‍ය බහුලව පවතී.
                                                    නිවසේ භිවිත කරන සෙසු රසායන ද්‍රව්‍ය කෙරෙහිද අපි සැලකිලිමත් විය යුත්තෙමු. මෙවැනි විවිධ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් පසුව එක්‌ වන්නේ පරිසරයට ය. ඒවායින් පරිසරයේ වෙසෙන සෙසු ජීවීන්ට හා පරිසරයට හානි වේ. 

මේ කරුණු අනුව සැලකූ විට හැකිතාක්‌ දුරට මෙවැනි රසායන ද්‍රව්‍ය අවම ප්‍රමාණවලින් භාවිත කිරීම හා සාපේක්‌ෂ ව පරිසරයට හා සෞඛ්‍යයට හිතකර වූ හරිත රසායන ද්‍රව්‍යවලට යොමු වීම යෝග්‍ය ය. මෙවැනි පිරිසිදු කිරීමක්‌ හරිත පවිත්‍රකරණය (green cleaning) ලෙස හැඳින්වේ. හරිත ඵලදායිතායේදී මෙය ඉතා වැදගත් වනු ඇත.

අපට ගත හැකි පියවර කිහිපයක්‌
හැකි සෑම විමට නිවසේදී පිළියෙළකරගන්නා ආහාර  පරිභෝජනයට හුරුවීම.
කෘත්‍රිම බීම, බෝතල් වතුර වෙනුවට නිවසේ උණු  කර නිවාගත් පානීය ජලය භාවිතය.

නිවසේ සියලු ස්‌ථාන නිතර හොඳින් පිරිසිදු කිරීමෙන් ඒවා අපවිත්‍ර වීම හා කෘමීන් වැනි සතුන් බෝ වීම වළක්‌වා ගැනීම.
අපිරිසිදු බොහෝ දේ ජලය යොදාගැනීමෙන් පිරිසිදු කළ හැකි ය. අවශ්‍ය නම් සාමාන්‍ය සබන් ස්‌වල්පයක්‌ යොදාගැනීම සුදුසු ය. කෑම බදුන් සබන් යෙදූ පසු එම සබන් ඉවත් වනතුරු සේදීම අත්‍යවශයය. විම් භාවිතයේදී එම ද්‍රව්‍ය ඉවත් වනතුරු සේදීම අත්‍යවශයය.

විවිධ බඳුන් හා පොළොව පිරිසිsදු කිරීමට පවිත්‍රකාරක (cleaning agen) ලෙස යොදාගන්නා විවිධ ආකාරයේ රසායනික ද්‍රව්‍ය පරිසරයට එක්‌ වීමෙන් කිසියම් බලපෑමක්‌ ඇති වන නිසා ඒ වෙනුවට හැකිතාක්‌ දුරට ස්‌වාභාවික පිරිසිදුකාරක යොදාගැනීමට හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් බේකින් සෝඩා, විනාකිරි හා දෙහි යුෂ වැනි ද්‍රව්‍යයක්‌ හෝ මේවායේ මිශ්‍රණයක්‌ මේ සඳහා යෝග්‍ය ය.

වාත නැවුම්කාරක (air freshners) භාවිත කිරීම වෙනුවට අදාළ ගන්ධය පැමිණෙන මූලාශ්‍රය සොයා එය නැති කර දැමීම යෝග්‍ය යග එසේ ම අදාළ ස්‌ථානයට අවශ්‍ය වාතාශ්‍රය සැපයීම වඩාත් සුදුසය. අනෙක්‌ අතට ඒ සඳහා ස්‌වාභාවික සුවඳකාරක ද භාවිත කළ හැකි ය. සංවෘත පරිසරයක්‌ සඳහා යොදාගත හැකි සැවැන්දරා මුල් එවැනි සුවඳවත් ද්‍රව්‍යයකි.
වැසිකිළි පවිත්‍රකාරක නිතර යෙදීමෙන් එම මළ ද්‍රව්‍ය දිරාපත්කරවන ක්ෂුද්‍රජීවීන් කෙරෙහි අහිතකර ලෙස බලපා දිරාපත් කිරීමේ ක්‍රියාවලිය අඩපණ කරනු ඇත. එබැවින් වෙළද දැන්වීම්වලින් පෙන්නනවා ලෙස නොකර ජලයෙන් වැසිකිලි බදුන් සෝදා සතියකට වරක් පමණක් එම රසායන ද්‍රව්‍ය අල්ප ප්‍රමාණයක් යොදා පිරිසිදු කිරිම සුදුසුය.විෂ ද්‍රව්‍ය හඳුනා ගත්තොත් හා විෂ ද්‍රව්‍ය නිසි ආකාරයට භාවිත කිරීම හා ගබඩා කිරිම සැලකිලිමත්ව කලොත් විෂ වීම.
නිවසේ භාවිත කරන ද්‍රව්‍ය හා බෙහෙත් ඒවායේ මුල් භාජන වල තියා ගන්න. ඒවා භාවිත කරන හැම අවස්ථාවක භාවිතයට උපදෙස් පහසුවෙන් බලාගත හැකි අතර විෂ වීම සිදු වුවොත් ලේබලෙයේ තොරතුරු ලඟින් තිබෙනු ඇත.
භාවිතයට පෙර භාජන වල උපදෙස් කියවන්න. ඒ අනුව භාවිතා කරන්න.
විෂ ද්‍රව්‍ය ,ආහාර හෝ බිම භාජන වලට නොදමන්න.
විෂ වූ හෝ නරක වූ ආහාර විනාශ කරන්න. 

විෂ රසායන ද්‍රව්‍ය භාවිත කරන තැන හොඳට වාතය ඇතුල් වීමට සකස් කරන්න . වායු සාන්ද්‍රණය නොවන ලෙස දොර ජනෙල් අරින්න. 
ඉන්දන  දහනය කරන යන්ත්‍ර හොඳ වාතාශ්‍රය ඇති තැන් වල පමණක් භාවිත කරන්න. ගොඩනැගිලි වලින් පිට භාවිතා කිරීම වඩා සුදුසුය.
බෙහෙත් දීමේ විෂ වීම වළක්වන්නේ බෙහෙත් දීමේ නිවැරදි කරුණු 5 පරික්ෂා කිරීමෙනි.
(නිවැරදි බෙහෙත්, නිවැරදි පුද්ගලයා, නිවැරදි ප්‍රමාණය, නිවැරදි වෙලාව, නිවැරදි ක්‍රමය.)
කුඩා භාජනවල ඇති අවදානම් ලේබල හඳුනා ගෙන ඒවායින් ඇත් වී සිටීමට පුරුදු කරන්න.
නිවෙස් වල ඇති බොහෝ ශාක විෂ සහිතයි. නිවසේ ළමයි සිටිනවා නම් විෂ සහිත ශාක ගෙදරින් ඉවත් කරන්න. හැම ශාකයක ලේබලයක් දමන්න. මෙය හඳුනා ගැනීමට පහසු වේ.
බෑගයක හෝ මේසයක වැනි ළමයින්ට ඒවා ගත හැකි ස්ථානවල බෙහෙත් නොතබන්න.

මෙවැනි සරල ක්‍රම භාවිතයෙන් නිවසේ රසායන ද්‍රව්‍යවලින් සිදු වන බලපෑම අවම කර ගත හැකි වනු ඇත.

පී.ඩී.පී.ධනසේන,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-අඹන්ගගකෝරළේ.

0 comments:

Post a Comment