Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 30, 2015

මී පැණිවල වැදගත්කම

 
අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනිමෙන්  මෙහි මත්වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුලු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට  ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපැමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වුවක්. ඒ වගේම විවිධ මල් පැණි වර්ග එකතු කර මි මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි.
ලෝකයේ නොයෙක් තැන්වලදි මැරෙන්න ගිය රෝගින් මී පැණි බිංදුව බිංදුව දිනපතා දිව ගෑමෙන් බේරුණු අවස්ථා ඇති බව පිළි ගැනෙන කරුනක්. මි පැණිවල ඇති යෝගවාහිණි ගුණය දේශිය වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂ ගුණයක් ලෙස සලකයි. යම්කිසි හෘද අකර්මන්‍යතාවයකදි එම මොහෝතේදිම වෛද්‍ය ප්‍රතිකාර ලෙස දෙන ඖෂධය  මි පැණිත් සමග මිශ්‍රකර ගෑ පමණින් එම ඖෂධයට ඖෂධීය ගුණ හෘදය කරා ක්ෂණයකින් ලගාවිමට හැකියි. මේ සදහා උදව් කරන්නේ එම ඖෂධයට මිශ්‍ර කරගත්   මි පැණිවල ඇති යෝගවාහි ගුණයයි. එනම් යෝග යනු සංයෝග කිරිම හා වාහි යනු ප්‍රවාහනයයි. ඒ අනුව ඖෂධයක්  මි පැණි  සමග දිමෙන් ඖෂධය සමග එකට එකතු වි එක් තැනක සිට තවත් තැනකට ක්‍රියාත්මක වි ඉතා ඉක්මණින් ගෙනයාමේ සුවිශේෂ ගුණය වූ යෝගවාහිනි ගුණය මි පැණිවලට ඇත. දේශිය වෙදකමේ බොහෝ  ඖෂධ  මි පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප්‍රවේශ කිරිමට දෙන්නේ ඒ නිසායි.

ලැබෙන ප්‍රයෝජන නම් ,

මි පැණි  වාතය සමනය කිරිම නිසා වේදනාව දුරු කරනු ලබයි. පිත සමනය කරන බැවින් ශිත ගුණය  ඇත. තුන්දොස් සමනයට මි පැණිවලින් ලැබෙන්නේ ඉහළ උපකාරයකි. මේ අනුව සිරුරේ වේදනාව ,දාහය ,සෙම සමනය කිරිම සිදුවේ.  ඖෂධයක පවතින සුවිශේෂි ගුණයක් වන මේ තුන්දොස් සමනය කිරිමේ ගුණය මි පැණිවලට ලැබිම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මිට අමතරව මි පැණි මගින් එකට කැටිකර තබා ගැනිමේ හැකියාවද ඇත. මෙය දේශිය වෛද්‍ය ක්‍රමයේ සන්ධාන ගුණය නමින් හදුන්වයි. විශේෂයෙන්  ඖෂධ සැකසිමේදි මේ ප්‍රයෝජන මි පැණිවලින් ලබා ගනි. ඒ අනුව එකට කැටිකර තබාගැනිමට මි පැණි භාවිතා කරන බව පැහැදිලි කරුණකි. ඒ විතරක් නොව  මි පැණිවලින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ලෙස සිරුරේ පවතින සෙම් කොටස්  සහ අධික මේද තට්ටු ගලවා ඉවත් කර දැමිම පෙන්වා දිය හැකියි. මෙය ජේදන ගුණය නමින් හදුන්වයි.


රුධිරයේ සීනිවලට බලපෑම

මි පැණි අධික ලෙස නිරතුරුවම සිරුරට ලබාදීමෙන් රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යාමේ හැකියාව පවතින බව සලකන්න. එබැවින් වෛද්‍ය උපදෙස් මත   මි පැණි   ඖෂධය ලබා ගැනිම කළ යුතුයි. ඖෂධිය ගුණ  මි පැණි මිහිරි රසයකින් යුක්ක වුවත් එහි කහට රසයක්ද පවතිනවා. හේතුව එය විවිධ මල්වල පැණිවලින් මී මැස්සන් විසින්  සකසන නිසයි. මීට අමතරව මි පැණි මගින් කෘශ (කෙට්ටු) කරන ගුණයද පවතින්නේ එහි පවතින මේද කොටස් දියකර හැරිමේ ශක්තිය මි පැණිවල සතු බැවිණි.ඕනෑම හදිසි රෝග අවස්ථාවකදි මි පැණි දිව ගෑමට කදිම ඖෂධයක් වේ. සමහර පිළිකා රෝග අවස්ථාවලදි රෝගි අවස්ථාවේ සිට රෝගින්ට දිනපතා වේලක් තේ හැදි ½ ක් පමණ දිව ගෑමට සැලැස්විම එම පිළිකා තත්වයෙන් මිදිමට උපකාරි වු බව එම පිළිකා රෝගින් විසින් ප්‍රකාශ කරනු ලැබු අත්දැකිමි වේ.
ඒ වගේම මි පැණි හොද විෂ නාශකයකි. හදිසි රෝග අවස්ථාවකදි ප්‍රයෝජනයට ගැනිම සදහා ළග තබා ගැනිමට ඕනෑම නිවසක දැකිය හකියි.

මි පැණි විෂයි

රත් වු  මි පැණි   සිරුරට විෂ ගෙන දේ. රස්නයේ  පවතින කිසිම ඖෂධයක් සමග මි පැණි  මිශ්‍ර නොකරයි. හේතුව රත් වු පසු  මි පැණිවල ඇති ගුණ හානිවන අතර මි පැණි    විෂක් ලෙස ක්‍රියා කරන බැවිනි.

මි පැණි  හදුනාගන්න

මි පැණි  මි මැස්සන් විසින් සකසනු ලැබු මිවද වලින් වගේම බඹර පැණි ඹබරුන් විසින් සකසන බඹරවද වලින්ද ලබා ගනි. මි පැණි   හා බඹර පැණි අතරින් වැඩි ඖෂධ ගුණයක් ඇති මි පැණි ප්‍රයෝජනයට ගැනිමෙන් ඖෂධිය වටිනාකම හදුනාගෙන වෙළෛදපොලට දැමිමත් කළයුතු දෙයකි. ඒ සදහා මි පැණි  හදුනාගන්නට නම් වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. බඹර පැණි සුදු පැහැ ගැන්වි ඇති අතර මි පැණි රතුවන් දුඹුරු පැහැයක් ගනි. හොද ආරක්ෂකයෙක් විම අතිතයේදි තමන්ගේ ආහාර පිණිස ගත් දඩමස්වලට හොද ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කර ඇත. එනම් දඩමස් මි පැණිවල බහා තබා ඒවා ආරක්ෂාකර තැබිමට සමත්විමයි. එය නරක් නොවි කල්තබා ගැනිමේ  පහසු ක්‍රමයක්ව එකල ප්‍රයෝජනයට ගත්තේය. නමුත් අප දන්නා පරිදි අද ද අපට මි පැණි  එසේ කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකිය. විශේෂයෙන් ආයුර්වේද ඖෂධ  වර්ගවලට මේ ක්‍රමය උපයෝගි කර ගනි.

උපුටා ගැනීම : ලෝකය වටේ සගරාව
සකස් කලේ : විද්‍යා හා තාක්ෂණ නිලධාරී-රත්තොට

July 28, 2015

නිහඩ මාරයා

ව්‍යායාමවලින් තොර ජීවිතයක් ගත කිරීම ඉතා භයානකය. මේ භයානක තත්ත්වය හැදින්වෙන්නේ නිහඩ මාරයා යන නමිනි. ඉංග්‍රීසියෙන් Silent Killer යනුවෙන් හැදින්වෙන්නේත් එකී තත්ත්වයමය.
ඔබත් ගත කරන්නේ ව්‍යායාමවලින් තොර ජීවිතයක්ද? එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයෙන් වැඩි ඉඩක් නිහඬ මාරයාට වෙන්කර තිබෙනවාද? මේ ප්‍රශ්න වලට උත්තර සෙවීම අපි ඔබටම භාර කරමු. ඒත් ඔබට ඒ තීරණයට එලබෙන්නට පුංචි පහේ අත්වැලක් සඳහන් කරන්නට අපි කැමැත්තෙමු.
·     ඉඳගත් අසුනෙන් නැගී සිටින්නට බැරි තරමට දවස මුළුල්ලේම ඔබ පුටුවට බර වී සිටිනවද?
·     ඔබේ කාලයෙන් වැඩිහරියක් ගතවෙන්නේ රූපවාහානී යන්ත්‍රය ඉදිරිපිටද?
·     පරිගණකයෙන් තොර ලොවක් ඔබට නැතිද?
·     පයින් ගිහින් එන්න පුලුවන් ගමණට වුවත් මෝටර් රථයේ ආධාරය ඔබට නැතිවම බැරිද?
·     ඔබ වඩාත් ආශාවෙන් කරන්නේ පැත්තකට වී මුලු දවසේම පොත් පත් කියවන එකද?
·     කතාබහෙන්ම දවසේ වැඩි වේලාවක් ගෙවා දමන කාරිය ඔබේ පුරුද්දද,
·     එහෙමත් නැත්නම් විසිහතර පැයෙන් වැඩිවේළාවක් ඔබ කරන්නේ කන් බණුව හෙවත් Earphone පැළ‍දගෙන සංගීතය රස විදීමද?
     ඔබේ දින චර්යාවත් මේ වගේ නම් හෘදයාබාධ, ආඝාතය, දියවැඩියාව, සිරුරේ බර වැඩිවීම සහ ස්ථූලතාව වැනි අමාරුකම් ද ඔබ ලඟටම පැමිණ ඇති බව ඔබ වටහා ගතයුතුය.
     මෙයට කලින් සිටි පරම්පරා ඇත්තටම හරි ක්‍රියාශීලී ජීවිතයක් ගත කලේය. ස්වභාවික විදියට වැඩකිරීම තුල වගේම යන්ත්‍ර සූත්‍ර භාවිතයට නොගෙන තමන්ගේ දහඩිය මහන්සියෙන් වැඩකිරීම තුලයි එවැණි ජීවන පැවැත්මක් ඔවුන්ට හිමි වූයේ . එත් දැන් අපට ඒ ජීවිතයක් බුක්ති විදින්නට අවස්ථාවක් නොමැත. අපි හැම කෙනෙක්ම අපේ ජීවන විලාසයට සරිලන විධියට ව්‍යායාම එකතු කර ගන්න හිතන්න ඕනෑ යයි කියන්නේ බ්‍රිතාන්‍යයේ සැල්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය නික් කැවිල්ය.

නවයුගය සගරාව ඇසුරින්
ඒ.ජී.බණ්ඩාරනායක,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,අගුනුකොලපලැස්ස.

දිගු කලක් ආයු වැළදීමට අධිපෝෂණය බාධාවක්

පෝෂණ ගුණයෙන් යුත් ආහාරපාන මඳකම වගේම ඔනෑවට වඩා වැඩියෙන් ආහාර පාන ගැනීමත් මිනිස් සිරුර ලෙඩ කරවන්නකි. පෝෂණ ගුණයෙන් යුත් ආහාර අධික ලෙස භාවිතා කිරීමෙන් ඇති වන්නේ ස්ථූලතාවයයි. මහත - දෙහෙත ශරීර හැමවිටම ලෙඩට දුකට බරය. හෘදයාබාධ, දෙවන ආකාරයේ දියවැඩියාව, සමහර පිළිකා වගේම අස්ථි සන්ධි ප්‍රදාහය වැනි රෝග තත්ත්ව ඇති වන්නේත් ස්ථූලතාවය හේතුවෙනි.
දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වය කැපීපෙනෙන ලෙස වැඩිවන්නට පටන්ගත්තේ එක්දහස් නමසීය හැ‍ටගනන්වල සිටයි. මේ කාලයේදී වගේ ස්ථූලතාව වැඩිවීම සම්බන්ද ගැටලුවක් පැනනැගුණු බව විද්වත්හු පෙන්වා දෙති. පද්ගලයන් අතර ස්ථූලතාවය වැඩිවන්නට පටන්ගත් විට ඊට සමාන්තරව දෙනව ආකාරයේ දියවැඩියා තත්ත්වයද වැඩිවුනු වග විද්‍යායෝ තහවුරු කරති. ලෝක ජනගහනයෙන් මිලියන 285 කට වැඩි පිරිසක් දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වයෙන් පීඩා විදින බව තහවුරු වුනේ 2010 වසරේදීය. නමුත් 1985 දී දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන පිරිස මිලියන 30 ක් තරම් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට දියවැඩියා තත්ත්වය කරන කොට ගෙන 2004 වසර තුළදී ලෝක ජනගහනයෙන් මිලියන 3.4 ක් ජීවිතක්ෂයට පත්ව ඇත. විසිපස් වසරක් තුල මිලියන ගණනක් ජනයාගේ ආයු වැළඳීම කෙටි වුණු ආකාරය මේ සංඛ්‍යාලේඛන වලින් මනාවට පැහැදිළි වේ.
හෘදයාබාධ නිසා පීඩා විදින තරමත් මීට  දෙවැනි නොවේ. අමෙරිකා හෘද පදනම සඳහන් කරන්නේ හෘදයාබාධ නිසා වසරකට අමෙරිකානු කාන්තාවන් 267,000 ක් පමණ මිය යන බවකි. මිය යන මේ පිරිසෙන් 83000 ක්ම වයස අවුරුදු 65 ට අඩු කාන්තාවන්ය. තවත් 35,000ක් වයස අවුරුදු 55 ට අඩු කාන්තාවන්ය. අමෙරිකානු කොලිජීය නිකුත් කළ හෘද චිකිත්සාව පිළිබද ජර්නලය (Journal of the American College of Cardiology) තවත් භයානක ප්‍රවණතාවක් ගැන හෙළිදරව් කලේ මේ මෑතකදීය. ජර්නලය පෙන්වා දෙන්නේ මාරක හෘදරෝග වයස අවුරුදු 30 – 55 අතර  කාන්තාවන් තුල වැඩිවී ඇති බවයි. එකී රෝග පිරිමින් අතර දක්නට ලැබෙනවාට වඩා වැඩියෙන් කාන්තාවන් අතර දක්නට ලැබීම විශේෂත්වයක් බවයි. මේ හෙලිදරව්ව ගැන ලිපියක් ලියමින් දකුණු ෆ්ලොරීඩාවේ Wellness and Prevention for Baptist Health මධ්‍යස්ථානයේ විශේෂ වෛද්‍ය ආතර් අගට්ස්ටෝන් සඳහන් කරන්නේ සිරුරට හිතකර ආහාර චර්යාවකට හුරුවීම මෙම තත්ත්වය මිඩින්නට තිබෙන එක් විසදුමක් බවය. විශේෂයෙන්ම තරබාරු වබ ඇති නොවන ආකාරයේ ආහාරපාන ගැනීම වැදගත් බව ඔහු පෙන්වා දෙයි. සංවර්ධිත රටක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ වෙසෙන ජනයා අතර මෙවැනා අවාසනාවන්ත තත්ත්වයන් පැනනැගී ඇතිනම් අනෙක් රටවල් ගැන කුමක් සිතන්නද?
පිළිකා සම්බන්ධයෙන් දකින්නට තිබෙන දෙයත් බොහෝ දුරට මීට සමානය. මිනිසාගේ ආයු කාලය බලාහිදිද්දීම වාගේ කෙටි කර දමන්නට පිළිකාවට පුලුවන. මිනිසාට වැලදෙන්නට පුළුවන් පිළිකා ගණන 100 කට වඩා වැඩි බව සදහන් වේ. ඒ පිළිකා වලින් 10% කට වඩා ඇති වන්නේ තරබාරුකම නිසා බව පිලිගැනේ. මේ වන තෙක් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී තිබෙන්නේ මස් අනුභවය වැඩි අය අතර පිළිකා ඇතිවීමද වැඩි බවකි. කොහොම වුනත් වැඩිපුර එළුවලු පලතුරු සහ ධාන්‍ය වර්ග ගැනීම කොයි කාටත් අගුණ නොවන දෙයක් බව පෝෂණ විශේෂයෝ අවධාරණය කරති.

නවයුගය සගරාව ඇසුරින්
ඒ.ජී.බණ්ඩාරනායක,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,අගුනුකොලපලැස්ස.

July 27, 2015

ඔබත් සමබල ආහාර වේලක් ගන්නවද?

සියක් වසරකට වැඩි කාලයක් ජීවත්වන්නට නම් මිනිසා හොඳ ආහාර වේලක් ගත යුතුය. හොද ආහාර වේලක් යනු සමබල ආහාර වේලකි. එවැනි ආහාර වේලක් හැමවිටම අවශ්‍යම පෝෂක කොටස් වලින් සමන්විතය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවන, තන්තු සහිත ආහාර යනාදී මේ සෑම පෝෂක කොටසක්ම ආහාර වේලකට ඇතුලත් විය යුතුය. ආහාර ලබාගන්නා පුද්ගලයා කරන කාර්යය, වයස, ස්ත්‍රී පුරුෂ බව රෝගී - නිරෝගී බව සැලකිල්ලට ගෙන මේ සෑම පෝෂණ කොටසක්ම ආහාරයට එකතු කර ගැනීම වැදගත් වේ. ඒ වගේම සෑම පෝෂ්‍ය කොටසක්ම නිවරදි අනුපාත වලින් ආහාර වේලට එකතු කර ගැනීමට හැම කෙනෙකුම උත්සුක විය යුතුය.
ඇතම් පෝෂක කොටස් අධික ලෙස අඩංගු ආහාර වේලක් ගන්නට පුරුදු වුණොත් එයින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වන්නට පුලුවන. ස්ථූලතාව ඇති වීම, දියවැඩියාව වැනි රෝග මතුවීම පමණක් නොව පිළිකා ඇතිවන්නටත් එය  හේතුවක් විය හැක. ආහාරයේ අඩංගු පෝෂණ කොටස් යම් ලෙසකින් අඩු වී නම් එයින් ද බරපතල ගැටලු ඇති වේ. නිදසුනක් ලෙස ප්‍රෝටීන් අඩු වී යයි සිතන්න. එවිට ශරීරයේ වර්ධනය අඩුවේ. ඒ වගේම ශරීරයේ පටක නැවත පිළිසකරවීමක් හෝ අලුත්වැඩියා වීමක් හෝ සිදුවන්නේ නැත.
පර්යේෂකයන් සදහන් කරන්නේ එළවළු වගේම පලතුරුත් අප ගන්නා ආහාර වේලට ඇතුලත් විය යුතු බවයි. එසේ නොවුන හොත් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වන්නට පුළුවන් බව ඔවුන්ගේ මතයයි. එ ‍වගේම අවශ්‍ය තරමට ජලය පා‍නය කිරීමත් අනුවාර්යෙන්ම සිදුවිය යත්තක් බව පෝෂණවේදීහු පෙන්වා දෙති.
ස්කන්ද දේහ දර්ශකය එහෙත් නැත්නම් ඉංග්‍රීසියෙන් Body Mass Index වශයෙන් හැඳින්වෙන්නේ පුද්ගලයාගේ බර සහ උස අතර සම්බන්දය විදහා දැක්වෙන දර්ශකයකි. මේ සම්බන්දය ඇසුරින් කෙනෙකුට තමන් ස්තූලතාවයෙන් යුතුද නැද්ද යන්න සොයා ගන්නට පුලුවන. ඒ සඳහා ඔබ කල යුත්තේ ඔබේ උස සහ බර නිවරදි ව ලබාගැනීමයි උස මීටර් වලිනුත් බර කිලෝග්‍රෑම් වලිනුත් ලබාගත්තේ නම් පහත සඳහන් සමීකරණයට ඒ අගයන් යොදන්න.
දේහ ස්කන්ද දර්ශකය              =          ස්කන්ධය (කිලෝග්‍රෑම්)
                                                                        උස2


දේහ ස්කන්ද දර්ශකය(වර්ගමීටරයට කිලෝග්‍රෑම්)
වර්ගීරණය
18.50 ට අඩු
බර වැඩියි
18.50 – 24.99
සාමාන්‍ය බර
25.00 – 29.99
බර වැඩිය
30.00 – 34.99
පලමු පන්තියේ ස්තූලතාවය(තරමක් බර වැඩිය)
35.00 – 39.99
දෙවන පන්තියේ ස්ථූලතාවය(ඉතාමත් බර වැඩියි)
40 ට වැඩි
තෙවන පන්තියේ ස්ථූලතාවය(අධික ලෙසම බර වැඩියි)
මෙම ගණනය කිරීමෙන් ලබාගන්නා අගය මතු දැක්වෙන වගුවේ සඳහන් අගයන් සමග සංසන්දනය කරන්න. එවිට ඔබ සිටින්නේ කොතන දැයි කියා ඔබටම තීරණය කල හැක.
විවිධ රට වල ජීවත්වන  අයගේ දේහ ස්කන්ධ දර්ශනයේ අගයන් විවිධය. ඒ වගේම ලමයින් සඳහා වෙනම දේහ සකන්ධ දර්ශකයක් තිබේ.




නව යුගය සගරාව ඇසුරින්
ඒ.ජී.බණ්ඩාරනායක,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,අගුනුකොලපලැස්ස.

July 26, 2015

සහල් පිටි හා තිරිගු පිටි

නූතනයේදී  තිරිගු පිටි වෙනුවට විකල්පයක් ලෙස සහල් පිටි පාරිභෝජනය පිළිබදව අවධානය යොමු වී ඇත. අපගේ අහාර තාක්ෂණික නිලධාරීන් දැනටම තිරිඟු පිටිවලට තරඟයක් දිය හැකි ලෙස සහල් පිටි
නිපදවීමට ගැළපෙන වී වර්ග හඳුනාගෙන ඇත. එම වී වර් ප්‍රචලිත කිරීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වේ. දැනට අප ඉදිරියේ ඇති අභියෝගයනම් තිරිඟු පිටි පරිභෝජනයට පුරුදුවී ඇති අපගේ ජනතාවට හාල් පිටි පරිභෝජනයේ යහපත පැහැදිලිකිරීමයි. ඕනෑම රටක ආහාර සුරක්ෂිතතාවන් ඇතිකර ගැනීම අතිශයින්ම වැදගත්ය. එසේම ආහාර නිෂ්පාදනය කරනු ලබන ගොවියාත් එම නිෂ්පාදන පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයාත් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක්  රටකට තිබිය යුතුය.
ශ්‍රී ලංකාව දැන් සහලින් ස්වයංපෝෂිතය.ගබඩා පිරී ඇත. මෙරට ගබඩාවල ඇති වී සහ සහල් තොග සඳහා අපනයන වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් නොමැති අතර සදහා ඇති හොදම විකල්පය තිරිඟු පිටි වෙනුවට සහල් සහ සහල්පිටි ආශ්‍රීත නිෂ්පාදන ආදේශ කිරීමය. තුන්වේලටම බත් අනුභව කිරීමට යෝජනා කිරීමේ දී ප්‍රායෝගික දුෂ්කරතා මතුවුවද සහල් පිටි ආශ්‍රි ආහාර පිළිබඳ උනන්දුව ඉහළ නැංවිය හැකිය. තිරිඟු පිටි වෙනුවට සහල් පිටියෙන් තැනූ පාන්, රොටී, ඉඳිආප්ප, බනිස් නිෂ්පාදනය කොට  පාරිභෝගික ජනතාවට ඉදිරිපත් කළ හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ශ්‍රී ලංකාවේ අලුත්ම පර්යේෂණවලට අනුව කාර්මිකරණය වූ රටවල වැඩිවෙමින් පවතින හෘද රෝග දියවැඩියාව හා අන්ත් පිළිකා වැනි උදර හා බඩවැල් ආශ්‍රිත රෝගාබාධවලට හේතු සාධකයක් වන්නේ ඔවුන්ගේ ආහාරවල තන්තු අඩුවීමයි. නමුත් අප ප්‍රධාන ආහාරය බත් වන බැවින් බත් කෑවොත් අපට විශාල තන්තු ප්‍රමාණයක් ලැබේ. නමුත් පාන් පිටිවල තන්තු අඩුය. ආහාරවල ප්‍රමාණවත් තරම් තන්තු අඩංගු වේ නම් අපට බහුලව ලෙඩ ඇති කරන සීනි හා මේද අණු රුධිරයට මුදා හරින වේගය අඩුකර ශරීරයට මෙම අණු පාලනයකින් යුතුව හසුරුවා ගැනීමට හැකියාව ලැබේ. මෙම තන්තුවලින් ආහාරයේ ප්‍රමාණය විශාල වන නිසා පිරිපහදු කළ පිටිවලින් කළ ආහාර මෙන් නොව බත්වලින් බඩගිනි ඇතිවීම ප්‍රමාද කරයි.
මිනිසාට අවශ්‍ය ඇමයිනෝ අම්ල 8 ක් මිනිස් ශරීරය ඇතුළත නිපදවාගත නොහැකි අතර ඒවා දෛනිකව ආහාරවලින් ලබා ගත යුතුය. අනුව අප ශරීරයට ඇමයිනෝ අම්ල ලබා දෙන හොඳ ප්‍රභවයක් වන්නේ බත් කෑමයි. කුරුට්ට ඉවත් කළ තිරිඟු පිටිවලට වඩා වැඩි ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් බත්වල අන්තර්ගත වේ. විටමින් පිළිබඳව සැලකීමේදී තිරිඟු පිටි ආහාරවලට වඩා සල්වල අඩංගු තයමින් හා නයසින් ප්‍රමාණය හතර ගුණයකින් පමණ වැඩිය තිරිගු පිටි පරිභෝජනය අයහපත් සෞඛ්‍ය පුරුද්දකි. පාන් පිටි වල නැති, හාල් පිටි වල අඩංගු පෝෂක වර්ග කිහිපයක්පහත දැක්වේ:
Manganese - Calcium අවශෝෂණය පහසු කරයි, එමගින් අස්ථි හා කාටිලේජ වර්ධනය කරයි.
Resistant starch -
හිතකර බැක්ටීරියා වර්ග වැඩීම සිදු කරයි.
 Protein -පාන් පිටි වලට වඩා අඩු protein ප්‍රමාණයක්වුවද, හාල් පිටිවල protein තත්ත්වයෙන් උසස්බැවින්පහසුවෙන්ජීරණයවේ.
Amino Acids - හාල් පිටි වල ඇති ඇමයිනෝ අම්ල ආධාර වීම මගින් මළ පහ කිරීම පහසු නිසා, වැළදෙන බෝනොවන රෝග අනතුර - දියවැඩියාව, ස්ථුලභාවය, අධි රුධිර පීඩනය,  මළබද්ධය හා  ආහාර ජීරණ පද්ධතියේ ආබාධ ප්‍රධාන වශයෙන් අඩු කරයි .මව් කිරි වල අඩංගු Amino Acid වලට ඉතා සමීපය.
Gluten Free - Celiac රෝගීන් සඳහා යෝග්‍යයි.
Vitamin B -
වියලිව පිටි ඇඹරීම නිසා හාල් වල ඇති B Vitamin සියල්ල HealthyFla වල සුරක්ෂිත වේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ පර්යේෂණ ආයතන(කාර්මික තාක්ෂණ ආයතනය,අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනය වැනි) මගින් සහල් පිටි ආශ්‍රි විවිධ නිෂ්පාදන හදුන්වා දී ඇති අතර  ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
1.සහල් පිටි ආශ්‍රි පාන් බනිස් වැනි බේකරි නිෂ්පාදන(  යීස්ට් මගින් පිපීමේ ක්‍රියාවලිය සිදු වන බේකරි නිෂ්පාදන සදහා 100% හාල් පිටි යොදා ගත නොහැකිය.මේ සදහා තිරිගු පිටි යම් ප්‍රමාණයක් එකතු කළ යුතු වන්නේ එහි අඩංගු ග්ලූටන් මගින් යීස්ට් ක්‍රියාකාරීත්වය හොදින් සිදු කිරීම නිසයි).
2.100% සහල් පිටිවලින් සකසන ලද කේක්
3. 100% සහල් පිටිවලින් සකසන ලද බිස්කට්
4. 100% සහල් පිටිවලින් සකසන ලද ළදරු ආහාර
5. 100% සහල් පිටිවලින් සකසන ලද මුරුක්කු වර්ග
6.සහල් පිටිවලින් සකස් කරන ලද අයිස් ක්රීම්(රයිස් ක්‍රීම්)

පී.ඩී.පී.ධනසේන,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-අඹන්ගගකෝරළේ