July 20, 2015

ගැස්ට්‍රයිටීස් රෝගය

ග්‍රැස්ට්‍රයිටීස් (ආමාශයේ දැවිල්ල) රෝගය ස්වාභාවිකවම සුව කරගනිමු
උදර ආභාදයන් ඇති වෙන්නේ ආමාශයේ බිත්තිවල ඇති ශ්ලේශ්මලයට අභ්‍යන්තර වශයෙන් හෝ භාහිර වශයෙන් බලපෑමක් ඇති වීම හේතුවෙනි. එලෙස ඇතිවෙන බලපෑම මගින් උදරයේ ඇති ඇසිඩ් පාලනයකින් තොරව ශ්‍රාවය වීම හේතුකොට ගෙන තමයි ප්‍රධාන වශයෙන්ම මෙවැනි උදරාබාදයන් ඇති වෙන්නේ , ආමාශ ශ්ලේෂ්මලය විසින් නිශ්පාදනය කරන (හයිඩ්රොලික්  ඇසිඩ්) මිනිස් සිරුරට අහිතකර වූ බලපෑම් ඇති කරනවා. අන්න එම හේතුව නිසා තමයි ආමාශයේ ඇති වෙන දැවිල්ල වැනි රෝගී තත්වයන්ට නියමිත ප්‍රතිකාරයක් කල යුතු වෙන්නේ,
ගැස්ට්‍රික් රෝගය සුව කරගැනීම
ආහාර ගනු ලබන විට කලබලයක් නොමැතිව හොඳින්  හපමින් ආහාර ගැනීම, නිතර නිතර  කුඩා ප්‍රමාණයේ ආහාර වේලක් ලබාගැනීම , වැඩි වශයෙන් ජලය පානය කිරීම සහ තන්තුවලින් පොහොසත් ආහාරයන් අනුභව කිරීම වැනි හොඳ පුරුදු මගින් ගෑස්ට්‍රික් රෝගය වැලදීම වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. වැලඳී තිබෙන ගෑස්ට්‍රික් තත්වය ඉක්මනින් සුව කරගැනීම සඳහා කුළුබඩු ,කෝපි,මස් මාංශ ,කේක් ,ඇල්කොහොල් සහ ඇඹුල් රසැති ආහාරයන් වැඩි වශයෙන් අනුභව කිරීමෙන්  වැලකී සිටිය යුතු වෙනවා. ගෑස්ට්‍රික් රෝගියකු සඳහා මෙම ආහාරයන් අනුභවය නුසුදුසු බව ඕනෑම වෛද්‍යවරයකු ප්‍රකාශ කරන බව හොඳින්  මතක තබා ගන්න.
ගැස්ට්‍රික් රෝගය සදහා නිවසේදීම කරගත හැකි ප්‍රතිකාරයන්
දෙහි භාවිතා කිරීම
වතුර කෝප්පයකට ලෙමන් යුෂ එකතු කොට මේස හැඳි භාගයක් පමණ බේකින් සෝඩාද එකතු කරගන්න. දැන් ඒ සියල්ල හොඳින් මිශ්‍ර වනතුරු හැන්දක් මගින් හොදින් මිශ්‍ර කර ගන්න.එම මිශ්‍රණය පානය කිරීමෙන් ගෑස්ට්‍රික් වලින් ඇතිවන වේදනාවට ඉක්මනින් සහනයක් ලබාගැනීමට හැකියාව තිබෙන අතර ඉතාමත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට එම පානය උදය වරුවේදී පානය කරන්න.
කහ පැලෑටියේ දළු භාවිතා කිරීම
අඹරා ගනු ලැබූ කහ ශාකයේ දළු ජලය සමග මිශ්‍රකොට පානය කිරීමෙන් කුමන ආකාරයේ ග්‍රෑස්ටික් තත්වයක් වුනත් සුව කරගැනීමට හැකියාව තිබෙනවා.
වැඩි වශයෙන් ජලය පාලනය කිරීම
දවසකට වතුර වීදුරු 6ක් හෝ 8ක් පානය කිරීමෙන් බොහෝමයක් රෝගී තත්වයන්ගෙන් වැලකීමට හැකියාව තිබෙනවා වගේම ඔබගේ සම සහ හිසකෙස්ද නිරෝගිමත් වෙනවා.
සුදු ලුනු
සුදු ලූනු ,දුරු,කොත්තමල්ලි ඇට සහ ගම්මිරිස් ඇට මිශ්‍රණය තම්බා ගැනීමෙන් වෙන් කරගනු ලබන ශ්‍රාවය ඕනෑම ආකාරයේ ගෑස්ට්‍රික් තත්වයක් සුව කර ගැනීම සඳහා භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. එලෙස සාදාගනු ලබන මිශ්‍රණය සිසිල් වීමට ඉඩහැර පසුව දවසකට දෙවතාවක් හෝ තුන්වතාවක් පරිභෝජනය කරන්න.

උපුටාගැනීම ?
සකස්කලේ,
වෛද්‍ය හා තාක්‍ෂණ නිලධාරි,
මොරටුව 

   

1 comments:

වැදගත් ලිපියක්... ස්තූතියි.

Post a Comment