July 21, 2015

කුරුලු ලෝකය


කුරුල්ලන් යනු පියාපත් ඇති පුංචි දරුවන්ය
        රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්.
ලෝකයේ සිටින සතුන් අතරින් සෑම අතින්ම සිත් ගත් සත්ව කොටසක් ලෙස කුරුල්ලන් හැඳින්විය හැකිය. කුරුලු විද්‍යාඥයින්ගේ මතය වන්නේ කුරුල්ලන් හෙවත් පක්ෂින් යනු බිත්තර දමන, පියාසර කිරිමට හැකියාවක් ඇති හෝ නැති ශරීරය පිහාටු වැනි ආවරණයකින් වැසුණු කොටසක් බවය. ආවේස් (Aves) යන සත්ව වර්ගයට (class) අයත් ලක්ෂණ කිහිපයක් පක්ෂීන් තුල දක්නට හැකිය.

එනම්,
ශරීරය පිහාටු වලින් වැසි තීබිම, ගාත්‍රා යුගල් දෙකකින් යුක්ත වීම. පූර්ව ගාත්‍රා අත්තටු බවට හැඩ ගැසී පැවතීම සහ අපර ගාත්‍රා ඇවිදීමට හෝ පිහිනිමට හැඩ ගැසී පැවතීම සාමාන්‍යයෙන් පාදයේ ඇඟිලි 4ක් තිබීම. එසේ වුවද රන් පිළිහුඩුවා වැනි ඇඟිලි 3 ක් සහිත පක්ෂීන් ද ජීවත් වේ, සැකිලි පද්ධතිය ශක්තිමත් සැහැල්ලු අස්ථි තුළ වාතය පිරි පැවතීම සඳහා තුහර පිහිටා ඇත. මුඛයේ අස්ථි හොටය බවට නිර්මාණය වී ඇත. පපුවේ අස්ථි වල උරතලය නම් කොටසක් පැවතීම හා හෘදය කුටීර 4කට බෙදී ඇත.රතු රුධීරාණු න්‍යෂ්ටි සහිත වීම, බයිස්‍රාවීය ද්‍රව්‍යයන් ගබඩා නොකිරිම හා අචලතාපී සත්ව
  විශේෂයක් වීම ආදි ලක්ෂණ දැකිය හැකිය.
කුරුලු පරිණාමය සත්ව පරිණාමයේ දී පමණත් සිදුවු බව විද්‍යාඥයින්ගේ මතයයි. සත්ව පරිණාමයේ දී පක්ෂීන් උරගයින්ගේ පැවත ආ සත්ව විශේෂයක් බව තහවුරු වී ඇත. ජීව විද්‍යාත්මක සැලකීමේ දී පක්ෂීන් යනු පිහාටු පොරවා ගත් උරගයින් කොටසක් බව පක්ෂීවිද්‍යාඥයින් පවසන්නේ ඒ නිසාය. 1861 දී බොන් මේයර් නම් විද්‍යාඥයා තනි පියාපතක් පමණක් ඇති කුරුල්ලෙකු යැයි සිතන
පොසිලයක් සොයා ගෙන ඇත. 1877 දී එම පක්ෂියාටම අයත් වන සම්පූර්ණම අස්ථි පද්ධතියම සොයා ගෙන ඇත. එහිදි දිග අස්ථියක් සහිත වලිගයත් ඉතිරි පියාපතත් හමු වී ඇත. මේ සත්වයා ආකියොප්ටෙරික්ස් ලිතෝග්‍රැපිකා (Archaeopteryx lithographica) නමින්. සිහින් උල් දත් සහිත හනු යුගලක් ද කොරපොතු සහිත ඇඟිලි ද උරගයකුගේ වැනි මොළයක් ද තිබු බවට විද්‍යාඥයින්ගේ මතයයි. පාදවල කොරපොතු තිබීම උරග ලක්ෂණයකි.

කුරුලු ශරීරය අනක් සතුන්ගේ ශරීර වලට වටා ඉතා සැහැල්ලුය. කුරුලු පිහාටු පියාසර කිරිමට පමණක් නොව උෂ්ණත්වය පවත්වාගෙන යාමට ද උපකාරි වේ. මොවුන් අවලතාපී සත්ව විශේෂයකි.
පෙනීම සහ ඇසීම ඉතාම තියුණුය. නමුත් මොවුන්ගේ කන් පහසුවෙන්දැක ගත නොහැකිය. එයට හේතුව පිහාටුවලින් කන් ආවරණය වී තිබිම. මොවුන් ගන්නා ආහාර මුලින්ම ඇතුව වන්නේ “ගොජුර හෙවත් බොක්කයට. එය තුනී සිවියකින් සෑදුණු මල්ලකි. ආහාර ජීර්න කිරිමට දෙවැනි බොක්කට හෙවත් වටනයට ගමන් කරනවා. මෙසේ ආහාර ඇඹරිමෙන් පසු ජීර්ණ පද්ධතියට ගමන් කෙරේ. ආහාර ජීර්ණයන් පසු ඉතිරි වන මළ ද්‍රව්‍ය ශරීරයෙන් පහ කිරිමටත් ප්‍රජනන ක්‍රියාවලියටත් කුරුල්ලන්ට ඇත්තේ එකම ඉන්ද්‍රියක් පමණි. ‘ජම්බාලියයනුවෙන් හඳුන්වන්නේ එයයි.
මුත්‍රා වෙනුවට ශරීරයෙන් යුරික් අම්ලය පිටකිරිමෙන් ශරීරයෙන් ජලය පිටවීම වළක්වා ගැනීමට හැකියාව ලැබි තිබෙනවා.
ඉතාම කුඩා පක්ෂියා ලෙස නම් දරන්නේ “හම්න් බර්ඩ්ය. බඹරෙකුට වටා විශාල වන්නේ නැත. දිග සෙන්ටි මිටර් 5ක් පමණ වේ. හොවුන්ගේ ලොකුම පක්ෂියාගේ විශාලත්වය සෙන්ටි මිටර් 21ක් පමණ වේ. කුඩා බිත්තර දමන අතර මිලි මිටර් 13 කට වඩා විශාල වන්නේ නැත.

“ස්පයින් ටේල්නම් වැහිලිහිණියා ලෝකයේ වේගවත්ම කුරුල්ලාය. පැයට කිලෝමිටර් 161 වේගයකින් ඌට පියැඹිය හැකිය.
ලෝකයේ විවිධ රටවල් හා කලාප අනුව පැතිරිම කලාප 6කට වර්ග කර ඇත. පුරාක්තික කලාපය, නියාක්තික කලාපය, ඉතියෝපියානු කලාපය, නිවර්තන කලාපය, ඕස්ට්‍රේලියානු කලාපය, පෙරදිග කලාපය ලෙස වේ.
ලෝකයේ ලොකුම කුරුල්ලා ද පොළොව මතුපිට වේගයෙන් දිවිය හැකි කුරුල්ලා ද වන්නේ පැස්බරාය.
                                                          කුරුල්ලන්ගෙන් මිනිසු
න්ට මෙන්ම පරිසර පද්ධතියට ද ලැබෙන ප්‍රයෝජන අති විශාලය. පරිසර විද්‍යාත්මක බැලිමේ දි ආහාර දාම, ආහාර ජාල තුළ විශේෂ සේවයක් සිදුවේ. පරිසර අලංකාර කිරිමට , පරිසර සමතුලිතතාවයට, පුෂ්ප පරාගණයට, බීජ වල ව්‍යාප්තියට, මානව ප්‍රයෝජන සඳහා, කලාත්මක ලෙස, අනාවැකි පවසන්නෙකු වශයෙන් හා පරිසර පද්ධති පිළිබඳ දර්ශක ලෙස මෙන්ම විද්‍යාගාර පරීක්ෂණ ඔප්පු කිරිම සඳහා වැදගත් කාර්යක් ඉටුකරයි.
කුරුල්ලන් ජීවත් වන කුඩු සාදන්නේ බිත්තර දමා පැටවුන් බිහිකිරිමටය. ගස් වල අතු අතර ද ගස් බෙන වලද , වැගි පොළවේ ද මොවුන් නිවාස තනයි. මේ සඳහා වියළි කෝටු, පිදුරු, ගස් වල කොළ කැබලි ආදිය භාවිතායට ගැනේ. කූඩු සැදීමට වෙහෙසෙන්නේ කිරිල්ලියයි. කුරුල්ලා එයට සහය දෙනවා. සමහර කුරුල්ලෝ වෙනත් කුරුල්ලෝ සෑදු කූඩු වල බිත්තර දැමීමට පුරුදු වී සිටිනවා. කොහා ඊට උදාහරණයකි. බකමූණා, නීල කොබෙයියා, ගිරවා වැනි කුරුල්ලෝ කූඩු සාදන්නේ නැත.කොලෝ කේලියා යුනිකලර් (Collcaliaunicolor) යන විද්‍යාත්මක නාමයෙන් ද එඩිබල් නෙස්ට් ස්විෆ්ට් (Edible nest swift)යන නාමයෙන් හඳුන්වන “ කැදලි තුරීතයා කූඩුව සාදන්නේ කෙළ වලිනි. මෙම කෙළ වල ප්‍රෝටීන අඩංගුය. මෙම කුරුලු කූඩු චීනය ඇතුව නැගෙනහිර ආසියාතික රටවල ජනතාවගේ සාම්ප්‍රධායික ආහාරයක්ය. මේ නිසා මොවුන් ලොවින් වඳවි යාමේ තර්ජනයට මුහුණ දී සිටිනවා.

 









සමහර කාලවලදී රටින් රටට ගමන් කරනවා. මෙම සංචාරය කිරිම “පර්යටනයහෙවත් “නිහැරීම(Migration) ලෙස හැඳින්වේ. මෙසේ කිලෝ මිටර් දහස් ගණනක් එක දිගට පියාඹිම විශේෂයකි. මේ කාලයේ දී ශරීරයේ හරි අඩක්ම මේදය අඩංගු නිසා පියාසරයට අවශ්‍ය ශක්තිය ඉන් සපයා ගනී. මෙසේ නිහැරීමේ දී මාර්ගය සොයා ගැනීමට විවිධ සාධක උපකාරි කර ගනී. එනම්, ජානමය ලක්ෂණ, ශ්‍රවණය,  තරු රටා සහ පිහිටීම, දෘෂ්ටිය, සූර්යාගේ පිහිටීම, චූම්භක කෙෂේත්‍රය, ගුරුත්වාකර්ෂණ බලය, පීඩන වෙනස්කම්, දිය වැල් හා මඟ සලකුණු සාධක අතර වැදගත් වේ. ලෝකයේ නිහැරියන් පැමිණෙන ප්‍රධාන රටක් වන අප රට එනම්  ශ්‍රී ලංකාවට වැදගත් තැනක් හිමිවේ. සුදු රෙදි හොරා, සියක්කාරයා, අවිච්චියා ඒ අතර වේ.
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් නිසා ස්වාබාවික පරිසරයේ දී කුරුලු විශේෂ රාශීයක් ඇති බව පක්ෂී විද්‍යාඥයින් ගේ මතයයි. ලාංකීක කුරුලු විශේෂ අතර ගොඩබිම් සීමාවේ ජීවත් වන කුරුල්ලන් “බිමැසුරුවන්යන නමින් ද මුහුද ආශ්‍රීත ජීවත් වන කුරුල්ලන් “සයුරු සුරුවන්නමින් ද හඳුන්වයි.  ශ්‍රී ලංකාව තුළ හමුවන උසම කුරුල්ලා “අලිමානාවාවිශාලම කුරුල්ලා “බහුරූ මානාවාය.

අප රටටම ආවේනික කුරුල්ලන් ලෙස හබන් කුකුළ, වලිකුකුළා, මයිල ගොයා , ගිරා මලිත්තා , අළු ගිරවා , වත රතු මල් කොහා, බට ඇටි කුකුළා , මූකලන් බස්සා, අළු කෑදැත්තා , මූකලන් කොට්ටේරුවා , හීන් කොට්ටේරුවා, හිස කළු කොණ්ඩයා, ගුරු කොණ්ඩයා, අරංගයා, පුල්ලි වල්අවිච්චියා, කඳු හම්බුකුරුල්ලා, අඳුරුනිල් මැසිමාරා, හිස දුඹුරු දෙමලිච්චා, රතු දෙමලිච්චා, හිස අළු දෙමලිච්චා,නිල් පිළලිච්චා, කඳු මල් කුරුල්ලා, කැහි බෙල්ලා, හිස සුදු මයිනා, මූකලන් සැළලිහිනියා, කඳු වී කුරුල්ලා, පඬුවන් බස්සා................
කුරුල්ලන් නිරීක්ෂණය නිද්‍යානුකූලව කිරිමේ දී කායික මානසික නිරෝගී බවට මෙන්ම බුද්ධිය වර්ධනයට ද හේතුවන බව විද්‍යාඥයින්ගේ මතය වේ.
සෞම්‍ය දේශගුණයෙත් වැසි වනාන්තරවලත්, කොන්ක්‍රිට් වනාන්තර වැනි නාගරික ප්‍රදේශ  වලත්, වගුරු බිම්, කාන්තාර හා හිම මිදෙන අධික ශීතල ප්‍රදේශ  වලත් ජීවත් වන එකම සත්ව විශේෂය වන්නේ කුරුල්ලන් ය. ලොව පුරා සිටින කුරුලු සංඛ්‍යාව දළ වශයෙන් මිනිස් ජනගහණය මෙන් තිස් ගුණයක් බව විද්‍යාඥයින්ගේ මතය වේ.

සකස්කළේ   
විද්‍යා හා තාක්ෂණ නිළධාරි
ඉබ්බාගමුව.

2 comments:

Good informations.thanks

Post a Comment