July 15, 2015

ඡල ටැංකියක මට්ටම් දර්ශකය.

බොහෝ නිවෙස් වල කාර්යාල වල භෘවිතා කරන ඡල ටැංකි නිවෙස් වල  මත හෝ ඉතා ඉහලින්  සවි කර ඇත.
මෙම ඡල ටැංකි වල ඡල මට්ටම පරික්ෂා කිරිමට  යාම තරමක් අසිරු කාර්යයකි. ඡලය අඩු වු පසු  ඡලය පිරවිමට යාමේදි ප්‍රධාන ඡල සැපයුමේ ඡලය නොමැති විම, විදුලි බලය නොමැති විම ආදි කරුණු හේතුවෙන් ඡලය නිසි ලෙස පුරවා ගැනිමට නොහැකි වේ. මෙම කාර්යයන් පහසු කර ගැනිමට ඡල මට්ටම් දර්ශකයක් වැදගත් වේ.

පහතින් දක්වනුයේ ඉහලින් සවි කරන ලද ටැංකියක ඡල මටිටම් අවස්ථා 03කදි මැනිය හැකි ආකාරයට සකස් කරන ලද LED  බල්බ 03කි. ඒවා LED1, LED2, LED3 ලෙස අවම ,මධ්‍යම, හා උපරිම ප්‍රමාණ ලෙස පිළීවෙලින් මට්ටම දර්ශනය කිරිම සදහා යොදාගෙන ඇත. මෙම සන්නිවේදන ලබා ගැනිම සදහා සන්වේදන විමර්ශණ ඒකකය (Sensor Proves) A,B,C  හා D ලෙස නම් කර ඇත.
මෙහි A යනු පොදු ව්මර්ශකය වන අතර B,C  හා D යනු අවම ,මධ්‍යම හා උපරිම ඡල මට්ටම් සන්නිවේදනය සදහා  භාවිතා වන විමර්ශණ ඒකකයි. ඡලය ටැංකියට වැටිමත් සමග A  සහ B  දර්ශක ඡලය සමග ගැටේ. එවිට කුඩා විද්‍යුත් ධාරාවක්  ට්‍රාන්සිස්ටරයේ පාදම මත ක්‍රියාත්මක වි R1  ප්‍රතිරෝදය හරහා ධාරාවක් ගලාගොස්  LED 1 දැල්වේ. මෙලෙසම C  දර්ශකය ඡලය සමග ගැටිමත් සමග LED 2  ද අවසාන වශයෙන් D  දර්ශකය ගැටිමත් සමග LED 3  ද දැල් වේ. LED 3  මගින් උපරිම ඡල මට්ටමට පැමිණී පසු මෝටරයේ ස්විචය අතින් ක්‍රියා විරහිත කල යුතුයි.

මෙම පරිපථයේ අතරමැදට පහසුවෙන් PCB  තුල ලි පෙට්ටියක් ආධාරයෙන් සැලසුම් කල හැක. මිට අමතරව ඉදිරියට පැමිණෙන ආකාරයට 4cm  පරතරයක් ඇතිවන සේ LED  ඉදිරිපසට සවි කරන්න. Sensor Proves සදහා ගේඡ්18ක තඹ කම්බි භාවිතා කල යුතුය. Sensor Proves ඡලයේ ගෑවෙන කොටස 1cm  සුරා ඉවත් කල යුතුයි. ඉතා ආසන්නයේ මෙම වයර් එකිනෙක නොගැවෙන සේ තදින් සම්බන්ධ කල යුතුයි. මේ සදහා 6v  ක විදුලි බලයක් ලබා දේ.මෙම පරිපථය ඉතා අඩු වියදමට සෑදිය හැකි අතර රු.100 – 150ත් අතර මුදලකව සකස් කල හැකිය.

උපුටා ගැනිම    http://electronicsforu.com/
ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
තුම්පනේ (ගලගෙදර)

0 comments:

Post a Comment