පාරිසරික අසාත්මික තාවයන් කෙරෙහි දැඩි ලෙස සංවේදී ජීවියෙක් ලෙස මී මැස්සා හදුනා ගත හැකිය. මිනිසා විසින් මිහිපිට ඇති කරන්නා වූ විවිධ බලපෑම් මී මැස්සන්ට දැඩි තර්ජන ඇති කරයි. මේ පිලිබදව වාර්තා වුනු සංසිද්ධියකි, ඝණාවාස බිදවැටීමේ අක්‍රමික තාවය (Colony Collapse Disorder (CCD)). මෙහිදී සක්‍රීයව පවතින මී මැසි ඝණාවාස හිටි හැටියේ අතුරුදන් වීමට ලක් වේ. මෙය පසුගිය වසර කිහිපය තුලදී සිදුවූ පාරිසරික වශයෙන් හදුනාගත හැකි දරුණු ව්‍යසනයකි. පසුගිය වසර වලදී ඇමරිකාවේ වාණිජ මට්ටමේ බිගු පාලකයින්ගේ අත්දැකීම් අනුව කිසිදු පූර්ව හදුනාගැනීමකින් තොරව හිටි හැටියේ ඝණාවාස බිද වැටීමට ලක් වී ඇත. මෙහිදී ඝණාවාසයක මී මැස්සන්ගේ මරණ අනුපාතිකය 30% ත් 90%ත් දක්වා පරාසයක පැවති බව බිගු පාලකයින්ගෙන් ලබාගත් තොරතුරු සනාත කරයි. මෙහිදී අක්‍රමවත් වූ චර්යා රටාවන් පෙන්වන වැඩකාර මැස්සියන් ගහණය අතහැර යෑම සිදුවෙන අතර රැජින ඇතුළු මැස්සන් බොහෝවිට ඝණාවාසයෙන් බැහැර මැරී සිටිනු දැක ගත හැකිය. මේ හේතුව මැඩ පැවැත්වීම සදහා බිගු පාලකයින් හට අතිශය පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇත. ඇමරිකාවේ බෝග වර්ග 130ක ප්‍රධාන පරාගකයා වනුයේ මී මැස්සාය. මෙම අක්‍රමිකතාවය හේතුවෙන් වාණිජ වගාවන්ගේ පරාගනය සීඝ්‍ර ලෙස අඩුවීමට ලක්ව ඇති අතර රටේ කෘෂිකාර්මික ආදායමට මෙය සෘජු ලෙස බලපා ඇත. ඇමරිකාව සතු වත්කමින් ඩොලර් බිලියන 15කට වගකියනුයේ මෙසේ මී මැස්සන් විසින් පරාගනයෙන් පෝෂණය වන බෝග අස්වැන්නය. මේ පිලිබද අවධානය යොමු කල විද්‍යාඥයන්ගේ අදහස වනුයේ ගහණ බිද වැටීමේ අක්‍රමික තාවය (CCD) දිලීර, මයිටාවන්, වෛරස, බැක්ටීරියා හා රසායණික යන සාධකයන්ගේ බලපෑමෙන් ඇතිවූ තත්වයක් බවයි. නමුත් හාවඩ් සරසවියේ ජීව විද්‍යාඥයකු වන චෙන් සෙන්ග් ලූ (Chenseng Lu) නවතම අදහසක් පල කරයි. මෙම අදහස පලකර ඇත්තේ (Insectology) නම් සඟරාවේය. මේ සදහා ඔහු පාදක කොට ගන්නේ ඉමිඩක්ලෝප්රිඩ් (Imidacloprid) අඩංගු පලිබෝධ නාශකයන්ය. මෙය බොහෝවිට බඩ ඉරිඟු වගාවන්ගේ පලිබෝධ පාලනයට යොදාගත් රසායනයකි.
මෙය මී මැස්සන් හට ලබාදෙන බඩ ඉරිඟු වලින් නිෂ්පාදිත ප්‍රක්ටෝස් සාන්ද්‍රිත සීනි දියර (High fructose Corn Syrup) තුල අන්තර් ගත බව ඔහු අවධාරණය කරයි. මෙම රාසායණිකය(Imidacloprid) නියෝනිකොට්නොයිඩ වර්ගයේ පලිබෝධ නාශකයකි (Neonicotinoid Pesticide). 1990 දී අධික විශ සහිත රසායණිකයන්ට විකල්පයක් ලෙස මෙය භාවිතියට ගැණිනි. මෙම නියෝනිකොට්නොයිඩයන් මී මැස්සන් ඇතුළු අනෙකුත් කෘමීන්ගේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි පමුනුවයි.බොහෝ වාණිජ මට්ටමේ බිගු ඝණාවාස සෘජු ලෙසම පලිබෝධනාශකයන්ට හසු නොවූවත් ශාක පඨකයන් තුල අන්තර් ගත මෙම රසායණිකය බිගුන්ගේ ශරීර තුලට ඇතුල්වීමේ හැකියාව වැඩි බව පර්යේෂකයින් පවසයි. මෙලෙස බඩ ඉරිඟු ආශ්‍රයෙන් නිපදවන සාන්ද්‍ර ප්‍රක්ටෝස් සීනි ද්‍රාවන තුල මෙම රසායනිකය අංශු මාත්‍රව අඩංගු වේ. මෙම ආහාරය වාණිජ මට්ටමේ බිගු පාලකයින් අමතර ආහාරයක් වශයෙන් මී මැසි ඝණාවාස වලට ලබා දේ. මෙම පලිබෝධනාශකය බඩ ඉරිගු වගාවන්ට 2005 වසර තුලදී හදුන්වා දී ඇති අතර (CCD) නම් අක්‍රමිකතාවය අධිකව ඇති වීමට පටන්ගෙන ඇත්තේද මේ කාලවකවානුවේදී බව පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත. මෙසේ බිගු ගහන වඳ වීමේ තත්වය වඩා සීඝ්‍ර වීමත් ඉමිඩැක්ලොප්රිඩ්(Imidacloprid) නම් රසායණිකය අතර සෘජු සම්බන්ධයක් ඇති බවත් " ලූ " ගේ අදහසයි. මෙය තවදුරටත් තහවුරු කර ගැනීම සදහා 2010 වසරේ වසන්ත සෘතුවේදී ලූ ඇතුළු පර්යේෂකයන් වාණිජ මට්ටමේ බිඟු ජනපද තෝරාගත් අතර එක් ජනපදයක ඝණාවාස 5 බැගින් පර්යේෂණයට යොදා ගන්නා ලදී. ගිම්හාන සෘතුවේදී කාන්ඩ 3ක් යටතේ අමතර ආහාර වශයෙන් සාන්ද්‍ර ප්‍රක්ටෝස් ද්‍රවණය ලබා දුනි. මෙහිදී (Imidacloprid) අඩංගු නොවන, කොටස් බිලියනයකට කොටස් 20(20bbp) හා කොටස් බිලියනයකට රසායණික කොටස් 400 (400bbp)ක් වශයෙන් ලබාදුනි. සීත සෘතුවේදී මෙම (CCD) තත්වය දැකගත හැකි විය. මෙහිදී (Imidacloprid) අඩංගු ආහාර ලබාගත් බිගු ඝණාවාසයන්ගෙන් ලබාගත් සාම්පල අතරින් මැස්සන් 15/16 තුලම මෙම රසායණිකය අඩංගු වූ අතර ඇතිවු හානිය ප්‍රබල විය. නමුත් පාලක (රසායණිකය අඩංගු නොවූ) ආහාර ලබාගත් බිගු ඝණාවාස සුරක්ෂිත වූ බවත් පර්යේෂකයන් අනාවරනය කරගෙන ඇත.
එහෙත් මෙම රසායණිකය නිෂ්පාදිත බේයර් (Bayer) ආයතනය පවසන්නේ මෙම
පර්යේෂණයේ දුරුවලතා ඝණානාවක් ඇති බවත් මීමැස්සන් හට මෙම (CCD) තත්වය ඇතිවීම සඳහා වෙනත් පාරිසරික සාධකද හේතුවන බවයි.
එසේම විද්‍යාඥ “ ලූ ” පවසන්නේ මෙම අක්‍රමිකතාවය
සදහා එකම සාධකය මෙය නොවූවත් එය ප්‍රබල සාධකයන් වන බවයි. තවද කෘෂිකර්මාන්තය ආශ්‍රිත
රසායණික භාවිතයේදී ක්‍රියාත්මක අන පනත් හා ගනු ලබන තීරණ මෙවන් පාරසරික හිතකාමී
ජීවීන්ටද වඩාත් සමීප විය යුතු බව ලූ ගේ අදහසයි.
වීඩියෝ දර්ශන සඳහා - http://time.com/100011/pesticides-are-killing-bees/
0 comments:
Post a Comment