July 19, 2015

එළවළු විජලනයේ වාසි සහ එළවළු විජලනය ක්‍රියාවලිය




1.     අනෙකුත් කල් තබා ගැනීමෙ ක්‍රම වලට වඩා  ලේසි ලාභදායි ක්‍රමයකි.
2.     පහසුවෙන්  සොයාගත හැකි භෝග වලින් නිෂ්පාදන කාර්යයක් කල හැක.
ü මිල අඩු කාලයේදි විජලනය කර මිල වැඩි කාලයට විකිණිම මගින් වැඩි ලාභයක ලබා ගත හැක.
ü අස්වැන්න වැඩි කාලයට විජලනය කර අපතේ යෑම අවම කරගත හැක. ඉන් පසු අස්වැන්න අඩු කාලයට විකිණිම තුලින්   වැඩි ලාභයක් ලබා ගත හැකි වේ.
3.     අවාරයේදී ඉල්ලුම වැඩි නිසා   හොද වෙලද පොලක් ඇති වේ.
4.     වාරයේදී අපතේ යාම අවම වේ.
          එම නිසා මිල ගණන් උච්චාවචනය අඩු වේ.
          එසේම පෝෂණ ගුණය රැකගත හැක.
5.     අවුරුද්ද පුරාම හිගයකින් තොරව පරිභෝජනය කල හැක.
6.     නැවත සකස් කිරීම පහසුය.
         එම නිසා ඉල්ලුම වැඩි වී  හොද වෙළද පොලක් ඇති වේ.
7.     විවිධ නිෂ්පාදන සිදු කිරීමට හැකි වීම.
o   එළවළු ඒ ආකාරයටම
o   සුප් මිශ්‍රනය
o   නුඩ්‍ලස් එළවළු මිශ්‍රනය
o   කොළ වර්ග කුඩු
8.     කර්මාන්තයක් ලෙසඅ රම්‍භ කිරිමට අවශ්‍ය මුලික ප්‍රාග්ධනය අඩුය.
                අවශ්‍ය ද්‍රව්‍ය / උපකරණ ඉතාමත් අල්පයි
9.     නරක් වීමට ඇති ප්‍රවණතාවය අඩුයි.
10.    ගබඩා කිරීම පහසුයි.( අඩු අවකාශයක් ප්‍රමාණවත් වන නිසා)
11.   ඇසුරුම්කරණය පහසුය.
12.   ප්‍රවාහනය  පහසුය. එමනිසා ප්‍රවාහන වියදම් අඩු වේ.


එළවළු විජලනය ක්‍රියාවලිය

A.   නැවුම්ලපටි එළවළු තේරීම (කෘමි හානි වු නරක් වු එළවළු ඉවත් කිරීම)
B.   වර්ග කිරීම ( වර්ණය ආදිය අනුව) අනවශ්ය කොටස් ඉවත් කිරීම කොල, මුල්, ආදිය
C.   සේදිම (පිරිසිදු ජලයෙන්)
D.   පොතු ඉවත් කිරිම (සමහර එළවළු වලට පමණි)
E.    පෙති/ඝන / කැබලි කැපීම (පාරිභෝගික ඉල්ලීමට අනුව හැඩය වෙනස් කළ හැක)මෙම අවස්ථාවෙ එන්සයිමික දුඹුරු පැහැවිම සිදු විය හැක.
එමනිසා එළවළු දුඹුරු පැහැ /අව පැහැවෙ.
F.    පූර්ව ප්‍රතිකර්ම මගින් දුඹුරුපාට වීම අවම කර ගැනීම (තාවකාලිකව නවතා ගත හැක.)
1.     මළ නොබැදෙන වානේ පිහි
2.     කැපු විගස සිසිල් ජලයට
3.     කැපු විගස 2% ලුණු ද්‍රාවණයකට
4.     දෙහි යුෂ යොදන ලද හෝ සිට්‍රක් අම්‍ලය සහිත ද්‍රාවණයකට 
5.     කේ.එම්‍.එස්. හෝ එස්.එම්‍.එස් (0.1%) 
එස්.එම්‍.එස්  යෙදීම මගින්,   
·        පාට සුරකීම
·        එළවළු නරක් වීමට හේතු වන ක්ෂුද්‍ර ජීවින් විනාශ කිරිම
·        විටමින් සී හානිය අවම වීම
G.   බ්ලාන්වීකරණය (උණු දියේ දැමීම) 
·        අව පාට / දුඹුරු පාට වීමට හේතු වන එන්සයිම විනාශ කරයි
·        බැක්ටීරියා විනාශ කරයි
·        පටක ලිහිල් වන බැවින් කැබලි වියලීම වේගවත් වේ.
·        උණු දියේ දැමිම මගින් පෝෂ්‍ය ද්‍රව්‍ය ඉවත් විමට පුළුවන
·        පෝෂ්‍ය පදාර්ථ රැකෙන පරිදි හා එන්සයිම ඉවත් වීමට අවශ්‍ය වන කාල සීමාව තුල පමණක් උණුදියේ දැමිම වැදගත් වේ.එළවළු වර්ගය අනුව වෙනස් වේ.
H.   සිසිල ජලයේ ගිල්වා තාපය ඉවත් කර ගැනීම.
I.       ජලය බෙරීම
J.      විජලනයට  ඇසිරීම
K.   විජලනය (50 -60 Co සහ පැය 6-8)
L.    ඇසුරුම්කරණය  
ස්කස්කලේ
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි,
යටවත්ත  

0 comments:

Post a Comment