Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 28, 2017

ලයිම් රෝගය

ලයිම් නැමැති රෝගයක් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැනට වසර 40 ක් පමණ තිස්සේ පවතී. මෙය කිනිතුලි විශේෂයක් මගින් බෝවේ. මෙය ව්‍යාප්ත වන්නේ වන සතුන්ගෙන් මනුෂ්‍යයන්ටයි. කිනිතුල්ලන් මාර්ගයෙන් මිනිසුන්ට මෙම රෝගය බෝවෙයි. මෙය ව්‍යාප්ත වීම පසුගිය වසර 20 තුළ 3 න් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. දැනට සොයාගෙන ඇති පරිදි ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෙසෙන කටුසු විශේෂයක් මගින් මෙම කිනිතුල්ලන්ගේ සිරුරු තුළ පවතින රෝග බීජ විනාශකර දමයි. මෙම කටුසු විශේෂයෙහි රුධිර ධාරාවෙහි ඇති ප්‍රෝටීන් විශේෂයක් මගින් ලයිම් රෝගය ඇතිකරන බැක්ටීරියාව විනාශකර දමනු ලබයි.
තවමත් මෙම ලයිම් රෝගය සහ එහි ව්‍යාප්තිය පිළිබදව විද්‍යාඥයින්ට ප්‍රහේලිකාවක් වී ඇත. මෙම රෝග ව්‍යාප්ත කරන්නේ IXODES  නම් කිනිතුලු විශේෂය මගිනි. මෙම රෝගය ඇති කරන රෝග ව්‍යාප්තිකාරකයා ලෙස මුවන් කටයුතු කරයි. මුවන් ප්‍රධාන රෝග කාරකයා ලෙස කටයුතු කරන අතර මුවන් නැති ප්‍රදේශ වල මෙම කිනිතුලු විශේෂය දක්නට නැත. මෙම රෝගය ඇති කරන ප්‍රදේශ වල මුවන්ගේ සංඛ්‍යාව අඩුකිරීම මගින් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට දැනට පියවර ගෙන තිබේ. මෙම ලයිම් රෝග ඇතිකරන බැක්ටීරියාවේ නාමය වන්නේ borelia නම් බැක්ටීරියාවයි. මෙම රෝගය ව්‍යාප්ත කරවීමට කුඩා ක්ෂීරපායි ජීවින් වන ලේනුන් හා මීයන් වැනි සතුන් ද ආධාර වේ. මෙම රෝගය ව්‍යාප්ත වී පවතින ප්‍රදේශවල රෝග ව්‍යාප්තිය සිදුකිරීමට ආධාර වන ජීවින් වන කුඩා ක්ෂීරපායි සතුන් ගහනය අඩු කිරීමට පියවර ගැනීම ද එම රෝගය ව්‍යාප්තිය නතර කිරීමට පියවර ලෙස ගැනෙයි. ඒ සදහා කුඩා ක්ෂීරපායි ජීවින් ගහණය අඩු කිරීමට ඔවුන්ට ආහාර ද්‍රව්‍ය සැපයුම් මාර්ග අඩපන කරවීම ඔවුන්ව භක්ෂණය කිරීම සදහා ඔවුන් මත යැපෙන මාංශ භක්ෂකයින්ව හදුන්වා දීම වැනි ක්‍රම වේ ද දැනට හදුනාගෙන ඇත.
සමහර විද්‍යාඥයින් කොටසක් තර්ක කරන ලෙස ප්‍රධාන රෝග කාරකයින් වන්නේ මුවන් විශේෂයක්ම නොව තවත් කුඩා ක්ෂීරපායින් විශේෂයක් මෙම රෝග ධාරකයා ලෙස ක්‍රියා කරන බැවින් සම්පූර්ණ වනගත පරිසර පද්ධතියක්ම වෙනස් කල යුතු බවයි ඔවුන් පවසන්නේ.
කුඩා වදුරු විශේෂත් මෙම රෝග ව්‍යාප්තියට ආධාරවෙයි. ඔවුන් මගින් මෙම රෝග ව්‍යාප්තිය මිනිසුන් වෙත පැතිරෙන ආකාරය තවමත් ප්‍රහේලිකාවක්ව පවතී. මෙම වදුරු විශේෂ තුළ ජීවත් වන කිනිතුලු විශේෂය මගින් ද මිනිසාට මෙම රෝගය බෝවෙයි. එම කිනිතුලු විශේෂය තුළ ඇති බැක්ටීරියා බහු කෙදි ලෙස පවතී. මෙම කෙදි වල උප කොටස් ලෙස ආසාධිත ජීවියාට පැතිරේ. මෙම පැතිරීම සිදුවන ආකාරය තවමත් විද්‍යාඥයින්ට ප්‍රහේලිකාවක්ව පවතී.
ACARLCIDES නම් කෘමිනාශක විශේෂය සුළුපරිමාණ මට්ටමින් භාවිතය මෙයට කෙටි කාලීන විසදුම් ලෙස හදුනාගෙන ඇත. නමුත් ඒවා ද ස්ථිර විසදුම් ලෙස සොයාගෙන නැත. මෙම කෘමිනාශක ගෘහාශ්‍රිතව යොදා ගැනීමට නිවෙස් හිමියන් බොහෝ විට අකමැතිය. මුවන් සදහා රෝලර් භාවිතයෙන් කෘමිනාශක ඔවුන්ගේ ශරීර මත ගැල්වීම ද මීයන් සදහා කුඩා පුළුන් රොද වල් මත තවරා කෘමිනාශක ඔවුන්ගේ කූඩු තුළ රැද වීම ද මෙයට විසදුම් ලෙස යොදාගෙන ඇත. මෙය සදහා 80% ක් සාර්ථක බැක්ටීරියාවක් හෙවත් එන්නතක් හදුන්වා දී ඇතත් ඒ සදහා උනන්දුව අඩුවීම මත 2002 දී පමණ වෙළද පොලෙන් මෙම එන්නත ඉවත් කරගෙන ඇත.
මෙම රෝගය පැතිරීම වැලැක්වීමට ප්‍රයෝජනයට නොගත් විවිධාකාර ක්‍රමෝපායන් ඇති බව විද්‍යාඥයින් පවසයි. ප්‍රදේශවාසී ජනයාගේ වගකීම වන්නේ මෙම රෝගයෙන් වැලකීමට ඔවුන් විසින්ම ක්‍රමෝපාය ගැනීම වේ. මදුරුවන් පැතිරීම වැලැක්වීමට උපයෝගී කරගෙන ඇති පරිදි මදුරු ගහන මර්ධන ඒජන්සිය වැනි මෙම කෘමි සතුන් මර්දන ඒජන්සිද පිහිටුවීම වැදගත් බව කිල් පැට්‍රික් නම් මෙම රෝගය පිළිබදව සොයා බලා වාර්තාව ලියා ඇති  විද්‍යාඥයා පවසයි.
 

April 27, 2017

පෙර නුදුටු තත්වයට මොලය පත් කරන අධි චිත්තාවේග ඹෟෂධ

අධි චිත්තවේග ඖෂධ මඟින්  වෙනත් වර්ගයක විඥානයක් නිර්මාණය කරමින් මොළයේ තත්වය සත්‍ය වශයෙන්ම වෙනස් කරන බව නියුරෝන ක්‍රියාකාරීත්වය  මැනීම තුළින් අනාවරණය කරගෙන තිබේ.
මොළයේ සංඥා වල විවිධත්වය වර්ධනය වීම අපි දුටුවෙමු යැයි එක්සත් රාජධානියේ Sussex විශ්ව විද්‍යාලයේ අනිල් සෙත් ප්‍රකාශ කරයි. සෙත් සහ කණ්ඩායම මෙම සොයාගැනීම කරන ලද්දේ ලන්ඩනයේ ඉමිපීරියල් විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මින් පෙර එක් රැස් කළ දත්ත නැවත විශ්ලේෂණය කිරීමෙනි. Ketamine ඖෂධ භාවිතා කරන 19 ක්, LSD ඖෂධ භාවිතා කරන 15 ක් සහ මායා බ්ම් මල් ඇති භාන්තිජානකයක් වු Psilocybin වල බලපෑම සහිත 14 ක් ගෙන් යුත් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු කණ්ඩායමකගේ මොළයේ ක්‍රියාකාරීත්වය Carhart Harris හා ඔහුගේ කණ්ඩායම නිරීක්ෂණය කරන ලදි. මෙම ස්වෙච්ඡා කණ්ඩායමේ නියුරෝන මඟින් නිපදවු චුම්භක ක්ෂේත්‍ර මැනීම සඳහා ඔවුන්ගේ හිස්කබලවලට සම්බන්ධ කළ සංවේදක කට්ටල Carhart Harris විසින් භාවිතා කරන ලද අතර එම චුම්භක ක්ෂේත්‍ර දත්ත සාමාන්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අයගේ නියුරෝන මඟින් නිපදවු චුම්භක ක්ෂේත්‍ර දත්ත සමඟ සංසන්දනය කර තිබේ.

අපි ක්‍රියාකාරීත්ව මොළයේ සංඥා දත්ත ලබා ගෙන පිරිසිදු කර තත්පර දෙකේ කුට්ටි වලට වෙන් කළෙමු. සෑම කුට්ටියකම  විවිධත්වය මැනීමට අපි සමත්වු වෙමු යැයි සෙත් ප්‍රකාශ කළේය.පෙර අධ්‍යයනවලදී අවදි වී සිටීමේ හැකියාව ඇති පුද්ගලයන් නිදාගත් පුද්ගලයන්ට වඩා වැඩි විවිධත්වයක් සහිත මොළයේ ක්‍රියාකාරී රටාවන් පෙන්නුම් කර තිබේ. සෙත් කණ්ඩායම කළ නිරීක්ෂණයන් ආශ්‍රිතව නොනිදා සිටි අයටද වඩා වැඩි විවිධත්ව මොළයේ ක්‍රියාකාරී රටාවන් අධි චිත්තාවේග ඖෂධ ලබාගත් අයගෙන් දක්නට ලැබී තිබේ.

වෙනත් ප්‍රතිකාර වලට වඩා විෂාදය සඳහා භාවිතාවන අධි චිත්තාවේග ඖෂධ මොළයේ ක්‍රියාකාරී විවිධත්ව රටාවන් ඇතිකිරීමේදී වඩා ක්‍රියාකාරී බවට සාක්ෂි වැඩි වෙමින් පවතී. LSD, Ketamine, Psilocybin සහ දකුණු ඇමරිකානු ආගමික වතාවත් වල යොදාගත් ayahuasca පානය මඟින් මෙම පරීක්ෂණයේ සාර්ථකත්වය සදහා ලබාදුන් සමහර ප්‍රතිලාභ දැනටමත් හඳුනාගෙන ඇති නිසා මෙම ක්‍රියාවලියේ සුවිශේෂී හැකියාවන් ඇති බව සෙත් පවසයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ ;
හර්ෂ ලංකේශ්වර    

https://www.youtube.com/watch?v=Rd17fkFKbtI

facebook අතථ්‍ය යථාර්තය (Virtual Reality) වෙත පිය නැඟීම

ලොව පුරා විසිරී සිටින අවුරුදු ගණනකින් හමුනොවුනු ඔබගේ හිත මිතුරන් සමඟ එකම ස්ථානයක මේසයක් අසල මුහුණට මුහුණලා කථා කිරීමට හැකි ලෙස facebook අතථ්‍ය යථාර්ත (Virtual Reality) සේවාවන් සැපයිමට සූදානම් වේ. අතථ්‍ය මේසය, අතථ්‍ය යහළුවන් ගේ ත්‍රිමාණ චලනයවන රූප  ඔබ ඉදිරියේ ඔබේ ඇසට සත්‍ය සේ දැනෙන ලෙසට මෙහිදී ඉදිරිපත් කෙරේ. එනම් facebook තවදුරටත් තලයක් තුල නොව ත්‍රිමාණව ක්‍රියාත්මක කිරීම වේ.

සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන facebook ඔවුන්ගේ F8 සංවර්ධන සමුළුව San Jones හි පවත්වමින් නව නිෂ්පාදන බොහොමයක් හඳුන්වා දුන් අතර අතථ්‍ය හා ආවර්ධිත යථාර්ථය වෙත ඔවුන්ගේ ප්‍රධාන ඉදිරිපත්  කිරීම් යොමු විය. Oculus VR 2014 නිර්මාණය මිලදී ගැනීමෙන් පසු අතථ්‍ය යතාර්ථය සමාජීය භාණ්ඩයක් කිරීමට හැකි වි ඇතැයිද ඔවුන් ප්‍රකාශ කර තිබේ. වෙනත් තාක්ෂණයකින් ලබා දිමට සමත් නොවූ අරුම පුදුම තාක්ෂණයක් ලෙස VR තාක්ෂණය අප සත්‍ය වශයෙන්ම එකිනෙකා වෙන්ව දුරස්ථව සිටියද ළඟ සිටින හිතවතුන් පිරිසක් ලෙස අපට දැනිමට සලස්වන බව මෙම App (වැඩසටහන) ඉදිරිපත් කරමින් VR සමාජීය අංශයේ නායිකා Rachel Franklin ප්‍රකාශ කළාය.

මෙම අතථ්‍ය යතාර්ථය ඔබට දැනීම සඳහා ඔබගේ රූපය කාටුන් අවතාරයන් බවට පත්කරනු ලැබේ. ඒ සඳහා දැනටමත් ඔබ විසින් පළකර ඇති ඡායාරූප භාවිතා කළ හැකිය. ඉන් පසු ඔබ හා  ඔබගේ මිතුරන්ගේ අතථ්‍ය අවතාර රූප ඔබගේ පෞද්ගලික වටපිටාවක (ස්ථානයක) දිස්වෙනු ඇත. මේ පිලිබඳ ප්‍රායෝගික නිරූපණයක් එහි ප්‍රධාන විධායක Mark Zuckerberg අතථ්‍ය යතාර්ථ මේසයක් මත කෝපි බිම මගින් ඉහත සම්මන්ත්‍රණයේදි ප්‍රදර්ශණය කරන ලදී.

කෙසේ වෙතත් මෙම ක්‍රමය භාවිතය සදහා අවශ්‍ය අමතර උපාංග දැනට මිල අධික වන අතර ඒවා සමහර පුද්ගලයින්ට භාවිතයද අපහසු විය හැක. එම දුර්වලතා මඟ හැරීමට තාක්ෂණය තවදුරටත් දියුණු කරමින් පවතින බව තවදුරටත් වාර්ථා වේ.   
    
අන්තර්ජාලයේ පිළිගත් ප්‍රභව ඇසුරෙන් සකස් කළේ :
හර්ෂ් ලංකේශ්වර

https://www.youtube.com/watch?v=iUHu3VT94p0



ඔලිව් ශාකයේ ගුනාත්මක නව සොයාගැනීම්
මධ්‍යධරණී දේශගුන කලාපය සමග සම්බන්ධව ඇති Oleaceae කුළයට අයත් අතර Olea europaea යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ. ඔලිව් ගෙඩිය වෙරළු ගෙඩියකට සමාන හැඩරුව ඇත. ගෙඩිය තනි ඇටයක් වටා වූ මදයකින් හා ලෙල්ලකින් නිර්මාණය වී ඇත. මල් සුදු පැහැතිය. දම් පැහැයට හැරෙන විට ගෙඩිය නෙලා ගැනේ. කල් තබා ගැනීම වෙනුවෙන් රසායන දියරයන්හි බහා තබන අතර ටින් කරන ලද ඔලිව් අද වෙළද පොලේ අපට දක්නට ලැබේ.


ඔලිව් මගින් රුධිර ගත අධි කොලොස්ට්‍රෝල් මට්ටම අඩු කල හැක. අසංතෘප්ත මේද අම්ල පිළිබදව වඩාත් ගුන ගායනාවය ගැයෙන ඔලිව් මගින් අඩු ඝනත්ව කොලෙස්ට්‍රෝල් හෙවත් හෘද රෝග අවදානම වෙනුවෙන් චෝදනා ලබන law density lipoprotein cholesterol මට්ටම මට්ටු කල හැක.
ඔලිව් වල අසංතෘප්ත මේද මගින් ඉන්සියුලින් මට්ටම පාලනය කර ගත හැකි අතර රුධිරගත සීනි මට්ටමද පාලනය වෙනුවෙන් හිතකරය. අද දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන්ටත් ඔලිව් ඉතා ගුන දායක බැව් දැන් හදුනා ගෙන ඇත. මේ නිසා දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන් ඔලිව් තෙල් සඳහා යොමු වීම වඩාත් වැදගත්ය.
තවද වයසට පාලනය කර ගැනීමට ඔලිව් තෙල් භාවිතය සුදුසුය. හදවත නිරෝගීව තබා ගැනීමට කිසිම බාධාවකින් තොරව ඔලිව් තෙල් ආහාරයට ගත හැක. අපිත් එක්කම අපේ හදවත වයස්ගත වීම බොහෝ රෝගාබාධයන්ට මග කියන බවත් මතකයේ තබා ගැනීම ඉතා වැදගත්ය. අද බයිපාස් සැත්කම ඉතාම සුලභව සිද්ධවනවා. ධමනියක් පටු වීම හෝ අවහිර වීම නිසා ඇතිවන හෘද රෝග අවදානම වෙනුවෙන් කල්තබා ආරක්ෂාව ලබා ගැනීමට නම් ඔබ ඔලිව් තෙල් ආහාරයට ගන්න.
 මෙහි ඇති පොලිනිනෝල් නිසා ඇතිවන ප්‍රති ඔක්සිකාරක ගුනයෙන් පිළිකාවන්ට තිබෙන අවදානම මග හැරෙනවා. අද විවිදාකර පිළිකා පිළිබදව නිතරම අපට ඇසේ. ඒ පිළිකා වර්ග නැසීමටත් ඔලිව් තෙල් උපකාරි වනවා. දිනපතා ඔලිව් ආහාරයට ගැනීමෙන් වියපත් වීම පමණක් නොව ආඝාත රෝග තත්ත්වයන්ගෙන්ද ආරක්ෂාව ලැබෙනවා. පිළිකා අතරින් වඩාත්ම මාරාන්තික පිළිකා තත්ත්වය ලෙසට හදුනා ගැනෙන මෙලිගන්ට් මෙලනෝමා තත්ත්වයට ඔලිව් තෙල් වල අන්තර්ගත විටමින් ඊ ප්‍රතිඔක්සිකාරකයක් ලෙසින් කටයුතු කරමින් මේ තත්ත්වයට සහනයක් දෙනවා. පාරජම්බුල කිරණයන්ගෙන් සමට ආරක්ෂාව ලබාදීමට එහි අන්තර්ගත කැරොටින් මගින් ශක්තිය ලබා දෙනවා.

ඔලිව් කොල අබරාගත් යුෂ ආලේපයෙන්ද සමේ රැළි සහිත ස්වභාවයට පිළියම් ලැබෙන බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙම යුෂ දියර ලෙස මෙන්ම තේ කුඩු ලෙසද සකස්කර ගෙන පානයටත් මිනිසුන් පුරුදු වී සිටිති. විටමින් ඊ බහුලව ඇති ඔලිව් සුවද විලවුන්,සබන්,ආලේපන සහ ක්‍රීම් වර්ග නිෂ්පාදනයේ දී අමුද්‍රව්‍ය ලෙසින් යොදා ගැනේ. ඔලිව් අස්වැන්න නෙලා ගැනීමේ දී ඉතා ප්‍රවේශමෙන් කිරීමට සිදුවී ඇත. ඊට හේතුව තැලුනු ගෙඩි කල්පවත්වා ගැනීමට අපහසු වීමයි. ඇට අබරා නිෂ්පාදනය කරන තෙල් දේවස්ථානයන්හි පහන් දැල්වීමට යොදා ගැනේ. වම්බටු,මාළුමිරිස් බැඳගෙන එය ඔලිව් තෙල් වල බහා සුළං නොවැදෙන සේ බෝතලයක දමා ගන්න. එව්ට ඉතා පහසුවෙන් කල්තබා ගැනීමේ හැකියාව ඔබට ලැබේ.


April 26, 2017

ආහාර තාක්ෂණය සදහා නැනෝ

නැනෝ තාක්ෂණය යනු කුමක්ද? ආහාර තාක්ෂණයේදී ඇති වැදගත්කම කුමක්ද?
නැනෝ තාක්ෂණය යන්නෙහි සරල අදහස වන්නේ ද්‍රව්‍යය පරමාණුක හා අනුක මට්ටමෙන් වල හැසිරවීම යන්නයි. මෙය ප්‍රථමයෙන් අධයනය කරන ලද්දේ 1959 රිචර්ඩ් පෙයින්මන් (Richard Feynman) නම් වූ භෞතික විද්‍යාඥයා විසිනි.

April 24, 2017

අරුම පුදුම අකුණුසැර විදුලිය

බක් මාසය අකුණුසැර විදුලිය සදහා ප්‍රසිද්ධියක් උසුලයි. සාමාන්‍යයෙන් අප ඇස නොගැටුණු  එහෙත් කැමරා ඇසට හසුවූ Sprites, Elves, Blue jets (නිල් පුලිගු), Upside down lightning (උඩු යටිකුරු අකුණු) සහ Ball lightning ( ගෝල අකුණු) වැනි අරුම පුදුම අකුණුසැර විදුලිය ඉතා භියකරුය. ඒවායෙන් Sprites, Elves වල තොරතුරු පෙර සදහන් කරන ලද අතර Blue jets (නිල් පුලිගු), Upside down lightning (උඩු යටිකුරු අකුණු) සහ Ball lightning ( ගෝල අකුණු) අකුණුසැර විදුලිය පිළිබද කෙටි විස්තරයකි මේ.

Blue jets (නිල් පුලිගු)


 අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසළ අහඹු ලෙස විද්‍යාමාන වන Blue jets (නිල් පුලිගු)  නාගරුප මෙන් අකුණු වළාකුළුවල සිට කිලෝ මීටර 50 ක් පමණ ඉහළට විහිදී තත්පරයෙන් 10න් පංගුවක් (0.1) වැනි ඉතා සුළු කාලයකින් අතුරුදහන් වේ. නිල් පුලිගු ඉතා දුර්ලභ නිසා ඒවා ගැන අධ්‍යනය අපහසුය.


Upside down lightning (උඩු යටිකුරු අකුණු)

















අකුණු වළාවක් සහ පෘථිවිය අතර ඇතිවන විදුලි ක්ෂේත්‍රය උදාසීන වීම සදහා බොහෝවිට මුලිකවනුයේ අකුණු වළාවයි. එහෙත් සමහර අවස්ථාවලදී අකුණුසැර විදුලිය පෘථිවි මට්ටමේ සිට  අකුණු වළාව දක්වා ඉහළට විහිදී යයි. මෙලෙස නිතර සිදුනොවන පහළ සිට ඉහළට විහිදෙන අකුණුසැර විදුලිධාරා Upside down lightning (උඩු යටිකුරු අකුණු) ලෙස හදුන්වයි.

Ball lightning ( ගෝල අකුණු)

අධික විදුලිය නිසා සජීවී වූ Ball lightning ( ගෝල අකුණු ) ජනෙල් විදුරු දියකරමින් ජනෙල් තුලින්ද පාවෙමින් ගොඩනැගිලි හරහාද ගමන් කරයි. සමහර විට අගුවන්යනා අන්ත්රාලයෙන් පොලාපැනීමද සිදුවේ. වසර 2000 කට පෙර සිට මෙම Ball lightning ( ගෝල අකුණුසැර ) පිලිබදව බොහෝ වාර්තා පළවී තිබේ. මෙම ගෝල අකුණු පිළබදව බොහෝ න්‍යායන් ඇති නමුත් ඒවා සම්පුර්ණයෙන් වටහා ගැනීමට තවමත් සමත් වී නැත.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:

හර්ෂ ලංකේශ්වර 

ලොව භියකරුම විදුලිය

මුහුදු රකුසන් මෙන්වූ විදුලි ගිනි හෝ විදුරු ජනේල දිය කිරීමට හැකි අභිරහස් විදුලි ගෝල ලෙස විදුලි අකුණු විශ්මයාකාර ස්වරූප බොහෝමයකින් පවතියි. එ්වායෙන් ඉතාමත් අසාමාන්‍ය කලාතුරකින් දැකිය හැකි අකුණුසැර විදුලි රූප කැමරා ඇසට හසු වී තිබේ. මෙලෙස අවබෝධ කර ගැනීමට අපහසු සහ ක්ෂණයකින් අතුරුදහන් වන විදුලි අකුණු කිහිපයක් පිළිබඳව පහත වාර්තා පල වී තිබේ.

Sprites

අකුණු වලා වලට ඉහළින් සිටින අති විශාල ලොඩියකු (Jelly fish) ලෙස දිස්වන රතු ආලෝකයේ ක්ෂණික ගිනි පිට කිරීම් Sprites නම් වේ. කලකදී මෙය මිථ්‍යාවක් ලෙස හඳුන්වන ලදි. ඉහළ වායු ගෝලයේ අකුණු නිර්මාණය කිරීමේදී උපදින බලගතු විදුලි ක්ෂේත්‍ර මඟින් මෙය නිර්මාණය වී අයනකෘත  වායු පීත්ත පටි එකතුවක් ලෙස සකස් වේ.

Elves

උළුදු වඩයක හැඩයෙන් ආලෝක දීප්තියක් ඇති කරන  Elves කිලෝ මීටර 400 ක පරාසයක් පුරා විහිදී ක්ෂණයකින් නොපෙනී යයි. අකුණු කුණාටු මඟින් හයිඩ්‍රජන් අණු තුලට කාවදින ඉලෙක්ට්‍රෝන නිසා උපදින විදුලි ක්ෂේත්‍ර නිසා සිදුවන Elves දිස් වීම සදහා තත්පරයෙන්  1000 න් පංගුවක වැනි ඉතා සුළු කාලයක් ගත වේ.

මිට අමතරව Blue Jets (නිල් පුළිගු), Upside down lightning (උඩුයටිකුරු වු අකුණු) හා Ball lightning (ගෝල අකුණු) වැනි මේ ආකාරයේ විදුලි අකුණු පිළිබඳවද කෙටි විස්තර සහිත රූප අන්තර්ජාලයේ පල වී තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:

හර්ෂ ලංකේශ්වර 

April 18, 2017

රෝග විනිශ්චය කරන උපකරණයක්

විද්‍යාත්මක ප්‍රබන්ධ බොහෝවිට නව සොයාගැනීම් සදහා විද්‍යාත්මක අනුප්‍රාණයක් ඇති කරයි. හොලොග්‍රම් (Hologram) හෙවත් ආලෝක කදම්භ මගින්  මවන ත්‍රිමාණ රූප, ටෙලෙප්‍රොටේසන් (Teleportation) හෙවත් පදාර්ථය අවකාශයේ භෞතික නොවන ලෙස චලනය කිරීම යනාදිය මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැක. Star Trek විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියෙන් ඉදිරිපත් කළ සර්වකාර්ය වෛද්‍ය උපකරණය වූ Tricorder (ට්‍රයිකොඩරය) ද රෝගියෙකුගේ රෝගය විනිශ්චය කළ හැකි මෙවැනි කල්පිත උපකරණයකි. එම උපකරණය සත්‍ය ලෙස ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට උනන්දු වූ XPrize Foundation නම් ලාභ නොලබන සංවිධානය රෝග විනිශ්චය කරන කෘතීම උපකරණයක් නිපදවීම සදහා විවෘත විශ්ව තරගාවලියක් දියත් කරන ලදී.

තරගාවලියේදී එක් කණ්ඩායමක් රෝග විනිශ්චය කරන කෘතීම උපකරණයක් නිපදවීමට සාමත්වී ඩොලර් මිලියන 2.5 ක පළමු ත්‍යාග මුදල දිනාගත් අතර දෙවන ස්ථානය දිනාගත් තායිවානයේ ක්‍රියාශීලි ජෛවදර්ශක කණ්ඩායමට ඩොලර් මිලියනයක මුදලක් හිමිවිය. පළමු ස්ථානය දිනු පෙන්සල්වෙනියාවේ Final Frontier Medical Devices කණ්ඩායම හදිසි ප්‍රතිකාර වෛද්‍යවරයකු වූ Dr. Basil Harris සහ ඔහුගේ සහෝදර ජාල ඉන්ජිනේර්වරයකු වූ George Harris යන එකම පවුලේ සාමාජිකයන්ගෙන් සමන්විත වූ අතර ඔවුන් නිර්මාණය කළ Tricorder (ට්‍රයිකොඩරය) කෘතීම බුද්ධිය භාවිතා කරන FinDxtER වේ.

Qualcomm Tricode XPRIZE නම් මෙම තරගාවලියේ කොන්දේසිය වුයේ කිසිදු වෛද්‍ය වෘත්තිකයකුගේ උපදේශනයෙන් තොරව ක්‍රියාත්මක වන විනාඩි 90 - පැය 24 ක කාලයක් තුලදි සෞඛ්‍ය තත්ව 13 ක් හෙවත් රෝග 12 ක් හෝ එම රෝග නොමැති බවට රෝග විනිශ්චය කළ හැකි සැහැල්ලු, අතින් හැසිරවිය හැකි ආක්‍රමණික නොවූ උපකරණ තරගය සදහා පිළිගැනීමයි.

රටවල් 38 කින් ඉදිරිපත් කළ මෙවැනි උපකරණ 312 ක් අතරින් ජයග්‍රහණය කළ FinDxtER ට රෝග තත්ව 13ක් නොව 34 ක් පිළබදව පැය 24 කට වඩා බොහෝ අඩු කාලයකින් රෝග විනිශ්චය කළ හැකි විය. මේ සදහා FinDxtER හි කෘතීම බුද්ධිය සායනික දත්තගබඩා තොරතුරු වලට අනුව සියුම් ලෙස රෝග විනිශ්චය කරන ආකාරය සහිත විශ්වකෝෂයක් සමග රෝගියාගේ සෞඛ්‍ය තත්ව වාර්තා එකවර සැසදීමට සහ අසමානතා හදුනාගැනීමට ක්‍රියා කළේය.  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ
හර්ෂ ලංකේශ්වර

https://www.youtube.com/watch?v=rdpdWJdx5CE

April 17, 2017

අන්තර්ජාලය හරහා බිමට ලෙමනේඩ්

ජලය වීදුරුවක්, LED බල්බයක් සහ විදුලි ස්පන්ධන භාවිතා කර මිනිසුන්ගේ ඉන්ද්‍රිය සංවේදීතාව ප්‍රයෝගයෙන් රවටා ලෙමනේඩ් පානයක මිහිර අන්තර්ජාලය හරහා ලබාදීමට සිංගප්පූරුවේ විද්‍යාඥයින් සමත්වී තිබේ. එනම් පෙනුමෙන් ලෙමනේඩ්, රසින් ලෙමනේඩ් වුවත් එය ලෙමනේඩ් නොවේ. මෙලෙස අන්තර්ජාලය හරහා බෙදාහදා ගනිමින් ලෙමනේඩ් පානයක රස විදීමේ හැකියාව ලබාදීම සාර්ථක විය හැකි විභවයක් සහිත සැලැසුම් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් ගොඩනගා ඇත.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක් වන නිමේෂා රණසිංහ ප්‍රකාශ කළේ “සමාජ මාධ්‍ය හරහා බොහෝ ආහාර පාන වර්ගවල ජායාරුප හා වීඩියෝ දසුන් පළ කෙරෙන නිසා මිනිසුන්ට ඒවා නිතර දක්නට ලැබේ. එහෙත් ඔබට එම පානය අන්තර්ජාලය හරහා මෘදුකාංගයක් ලෙස බාගත කිරීමෙන් රසවිඳිය හැකි නම් ඔබ එයින් කොතරම් තෘප්තිමත් වේවිද”

පසුගිය මස ජපානයේ පැවතී මුර්තිමත්, එබ්බවූ සහ ස්පර්ශනීය අන්‍යොන්‍ය ක්‍රියා සම්බන්ධ සම්මන්ත්‍රණයේදී (Conference on Tangible, Embedded and Embodied interaction) මෙම පර්යේෂණයේ ප්‍රතිපල පර්යේෂක කණ්ඩායම ඉදිරිපත් කළේය. විදුරු ගැටිය (දාරය) වටා ගමන් කරන ඉලෙක්ට්‍රොඩයක් සහිත ජලය පිරවූ ඩිජිටල් වීදුරුවක් මේ සදහා භාවිතා කළ අයුරු ඔව්හු මෙහිදී ප්‍රදර්ශනය කළෝය. බිම වීදුරුවේ ගැටිය දිව ගෑ ක්ෂණයෙන් එහි ඇති ඉලෙක්ට්‍රොඩයෙන් දිවට ලබාදෙන විදුලි ස්පන්ධනය නිසා රස නහර උත්තේජනය වී ව්‍යාජ ලෙස ඇඹුල් රසයක් ඇති කරයි.

ලෙමනේඩ්වල පැහැය ලබා ගැනීම සදහා RGB වර්ණ සංවේදනයන් උපයෝගී කරගෙන LED බල්බ දල්වා ව්‍යාජ ලෙමනේඩ්, සත්‍ය ලේමනේඩ්වල තිබෙන වර්ණ 3 කින් ආලෝක ගන්වා තිබේ. කහ, කොළ සහ වලාකුළු සුදු එම වර්ණ වේ. පර්යේෂණයේ සාර්ථකත්වය අත්හදා බැලීම සදහා කළ එක් ක්‍රියාකාරකමකදී ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ අයට මෙම ව්‍යාජ ලෙමනේඩ් සහ සත්‍ය ලෙමනේඩ් පානය කිරීමට ඉඩ සලස්වන ලදී. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් සත්‍ය ලෙමනේඩ් වලට වඩා ව්‍යාජ ලෙමනේඩ් ඇඹුල් රස වැඩි බව හදුනාගෙන තිබේ.එනිසා පර්යේෂණය තවදුරටත් සංවර්ධනය කරන අතර නිමේෂා ඇතුළු පර්යේෂකයින් ලොලිපොප් රසයද අන්තර්ජාලය හරහා විදුලි ලොලිපොප්  ලෙස ලබාදීම සදහා සුවඳ වැනි අනෙක් සංවේදිතා දියුණු කිරිමේ පර්යේෂණවල නියෙලෙන බව වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ
හර්ෂ ලංකේශ්වර

April 7, 2017

ඉරුගු වලින් නිපදවන සපත්තු අඩි

ක්‍රීඩා සහ එළිමහන් භාවිතය සදහා රෙදිපිළි හා සම්භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම් ඔවුන්ගේ වෙළද භාණ්ඩ වලට උපයෝගී කර ගැනීමට සුදුසු පුනර්ජනන අමුද්‍රව්‍ය සොයා ගැනීමට මහත් උනන්දුවක් දක්වයි. ඒ අතරින් Reebok සමාගම සපත්තු අඩි නිපදවීම සදහා කල්පවත්නා එහෙත් ජෛව ජීර්ණ අමුද්‍රව්‍යක් ලෙස ඉරුගු ධාන්‍ය තෝරාගෙන තිබේ. මෙය ඔවුන්ගේ කපු සහ ඉරුගු නිෂ්පාදන ආරම්භක ක්‍රියාවලියේ තවත් අදියරයකි. ගස් වල සපත්තු නොවැඩේ. එහෙත් ඉරුගු වලින් සපත්තු අඩි සෑදීමට Reebok සමත් වී තිබේ.

සාමාන්‍යයෙන් සපත්තු අඩි නිපදවනුයේ පෙට්‍රෝලියම් වලින් ව්‍යුත්පන්න කළ අමුද්‍රව්‍ය භාවිතයෙනි. මෙම නව සොයා ගැනීම අනුව ඒ සදහා මේරු වියලි ඉරුගු මදය භාවිතයෙන් නිපදවූ Susterra Propanediol අමුද්‍රව්‍ය භාවිතා කරයි. මැලියම් සහ සුර්ය පැනල ශිත කරන ද්‍රව්‍ය වැනි කාර්මික නිෂ්පාදන වල Susterra දැක ගත හැකිය. ඒවා විවිධ සුත්‍ර අනුව සකස් කර තිබේ.

සපත්තුවේ ඉහළ කොටස කපු ආශ්‍රිතව නිෂ්පාදනය කර ඇති විට ඉරුගු ඇසුරෙන් නිපදවූ අඩිය සහිත සපත්තු ඉවත ලීමට සිදුවූ විට මුළු සපත්තුවම ජෛව ජීර්ණ හෙවත් ක්ෂුද්‍ර ජීවින් මගින් පරිසරයට හානි නොවී විනාශ වේ. එහෙත් වත්මන් සපත්තු කර්මාන්තයෙන් ඇතිවන අපද්‍රව්‍ය එතරම් පරිසර හිතකාමී නොවේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ:
හර්ෂ ලංකේශ්වර   

ජලයේ ලුණු ඉවත් කිරීමට ග්‍රැෆින් පෙරණය


ජලයේ ඇති ලුණු ඉවත් කර පිරිසිදු ජලය ලබා ගැනීමට ග්‍රැෆින් භාවිතා කරන අයුරු විද්‍යාඥයෝ ප්‍රදර්ශනය කලහ. එහෙත් මෙමඟින් මිලියන ගණනාවක ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරාලිය හැකි වේද?

මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායම මේ පිළිබඳව Nature Nanotechnology  සඟරාවේ විස්තර පළකර තිබේ. ජලය පෙරනය කිරීම සඳහා සුදුසු ග්‍රැෆින් පටලයක් හෙවත් ග්‍රැෆින් සිහින් ස්ථරයක් භාවිතා කළ හැකි බව ඔව්හු සනාථ කළෝය.

මින් පෙර ජල පෙරණයක් නිපදවීමට ග්‍රැෆින්  යොදාගැනීමට මෙම විශ්ව විද්‍යාලයේම පරීක්ෂණ කණ්ඩායමක් 2004 වසරේදී උත්සහ කළ නමුත් ඔවුන් නිපද වූ ග්‍රැෆින් පටලය ක්‍රමයෙන් ඉදිමීම නිසා ඒ හරහා කුඩා ලුණු අංශු  ගමන් කරන ලදි. නව නිෂ්පාදනයේදී ග්‍රැෆින් පටලයේ ඉදිමීම වැලැක්වීම සඳහා  පටලය දෙපස ඇලෙන සුළු ලාටු වර්ගයක් භාවිතා කර පටලය ප්‍රසාරණය වීම වලක්වා ඇත.
ග්‍රැෆින් පටලයේ සිදුරු වඩා සියුම්ව පාලනය කිරීමෙන් ලුණු පටලය හරහා ගමන් කිරීම වළක්වා ජලයට පමණක් ඒ තුලින් යෑමට සැලැස්වීමෙන් ජලයේ ලුණු සියල්ල ඉවත් වී පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි විය.

මෙම අධ්‍යයනයේ සම කතෘ සහ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මහාවාර්ය රාහුල් ප්‍රකාශ කරන්නේ ජලයෙන් ලුණු ඉවත් කිරීමට ග්‍රැෆින් පටලය සාර්ථකව භාවිතා කල ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම වර්ගයේ ග්‍රැෆින් වඩාත් පහසුවෙන් පාරගම්‍ය ලෙස සැකසිය හැකි බවත් මහා පරිමාණයෙන් ලුණු ඉවත් කර ජලය නිපදවීමට සැලසුම් සකස් කරන බවත් තවදුරටත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ලෝක ජනගහනයෙන් 14% කට පමණ වර්ෂ 2025 දි  ජල ඌනතාවයකට මුහුණ දීමට සිදුවන බව එක්සත් ජාතීන් ඇස්තමේන්තු කර ඇති අතර දැනට පවතින පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ සදහා  විශාල වියදමක් දැරීමට සිදුවේ. මේ නිසා ග්‍රැෆින් පටලය මඟින් ජලය පිරිසිදු කිරීම දැරිය හැකි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ් ලංකේශ්වර

https://youtu.be/3db7QHCV5ZU?t=5