April 27, 2017

facebook අතථ්‍ය යථාර්තය (Virtual Reality) වෙත පිය නැඟීම

ලොව පුරා විසිරී සිටින අවුරුදු ගණනකින් හමුනොවුනු ඔබගේ හිත මිතුරන් සමඟ එකම ස්ථානයක මේසයක් අසල මුහුණට මුහුණලා කථා කිරීමට හැකි ලෙස facebook අතථ්‍ය යථාර්ත (Virtual Reality) සේවාවන් සැපයිමට සූදානම් වේ. අතථ්‍ය මේසය, අතථ්‍ය යහළුවන් ගේ ත්‍රිමාණ චලනයවන රූප  ඔබ ඉදිරියේ ඔබේ ඇසට සත්‍ය සේ දැනෙන ලෙසට මෙහිදී ඉදිරිපත් කෙරේ. එනම් facebook තවදුරටත් තලයක් තුල නොව ත්‍රිමාණව ක්‍රියාත්මක කිරීම වේ.

සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන facebook ඔවුන්ගේ F8 සංවර්ධන සමුළුව San Jones හි පවත්වමින් නව නිෂ්පාදන බොහොමයක් හඳුන්වා දුන් අතර අතථ්‍ය හා ආවර්ධිත යථාර්ථය වෙත ඔවුන්ගේ ප්‍රධාන ඉදිරිපත්  කිරීම් යොමු විය. Oculus VR 2014 නිර්මාණය මිලදී ගැනීමෙන් පසු අතථ්‍ය යතාර්ථය සමාජීය භාණ්ඩයක් කිරීමට හැකි වි ඇතැයිද ඔවුන් ප්‍රකාශ කර තිබේ. වෙනත් තාක්ෂණයකින් ලබා දිමට සමත් නොවූ අරුම පුදුම තාක්ෂණයක් ලෙස VR තාක්ෂණය අප සත්‍ය වශයෙන්ම එකිනෙකා වෙන්ව දුරස්ථව සිටියද ළඟ සිටින හිතවතුන් පිරිසක් ලෙස අපට දැනිමට සලස්වන බව මෙම App (වැඩසටහන) ඉදිරිපත් කරමින් VR සමාජීය අංශයේ නායිකා Rachel Franklin ප්‍රකාශ කළාය.

මෙම අතථ්‍ය යතාර්ථය ඔබට දැනීම සඳහා ඔබගේ රූපය කාටුන් අවතාරයන් බවට පත්කරනු ලැබේ. ඒ සඳහා දැනටමත් ඔබ විසින් පළකර ඇති ඡායාරූප භාවිතා කළ හැකිය. ඉන් පසු ඔබ හා  ඔබගේ මිතුරන්ගේ අතථ්‍ය අවතාර රූප ඔබගේ පෞද්ගලික වටපිටාවක (ස්ථානයක) දිස්වෙනු ඇත. මේ පිලිබඳ ප්‍රායෝගික නිරූපණයක් එහි ප්‍රධාන විධායක Mark Zuckerberg අතථ්‍ය යතාර්ථ මේසයක් මත කෝපි බිම මගින් ඉහත සම්මන්ත්‍රණයේදි ප්‍රදර්ශණය කරන ලදී.

කෙසේ වෙතත් මෙම ක්‍රමය භාවිතය සදහා අවශ්‍ය අමතර උපාංග දැනට මිල අධික වන අතර ඒවා සමහර පුද්ගලයින්ට භාවිතයද අපහසු විය හැක. එම දුර්වලතා මඟ හැරීමට තාක්ෂණය තවදුරටත් දියුණු කරමින් පවතින බව තවදුරටත් වාර්ථා වේ.   
    
අන්තර්ජාලයේ පිළිගත් ප්‍රභව ඇසුරෙන් සකස් කළේ :
හර්ෂ් ලංකේශ්වර

https://www.youtube.com/watch?v=iUHu3VT94p0

0 comments:

Post a Comment