April 3, 2017

යල්පැන ගිය ATM වෙනුවට ඇඟිලි තාක්ෂණ ක්‍රමයක්

වර්තමානයේ ATM හොරුන් විවිධ ක්‍රම මඟින් ඔබේ ගිණුමේ ඇති මුදල් සොරාගැනීම සුලබ දෙයක් බවට පත්ව ඇත. මෙම ප්‍රශ්නය ඔබ පමණක් නොව ලෝකයේ බොහෝදෙනෙක් මුහුණ දෙනු ලබන පොදු ගැටළුවකි.

මේ සඳහා කදිම විසඳුමක් දැනටමත් සොයාගෙන ඇත. එනම් යල්පැන ගිය ATM කාර්ඩ් වෙනුවට තම ඇඟිල්ල භාවිතා කර මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමයි. මෙහිදී සිදුවන්නේ අලෝකය මඟින් ඇඟිල්ලේ ඇති ශිරාවල හිමෝග්ලොබින් රටාව සුක්ෂමව හඳුනාගෙන මුදල් නිකුත් කිරීමයි. 

ශිරාවේ ඇති හිමෝග්ලොබින් රටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා ඔබගේ අනන්‍යතාවය පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකිවේ. මේ නිසා ATM කාර්ඩ් ලඟ තබා ගැනීම හෝ රහස්‍ය අංක මතක තබාගැනීමට අවශ්‍ය නොවේ. ඔබගේ අනුදැනුමකින් තොරව ගිණුමේ ඇති මුදල් වෙනත් පුද්ගලයෙකුට භාවිතා කිරීමට නොහැකි වන අතර මේ නිසා ගිණුම සුරක්ෂිතවේ.


ප්ලැනට් නම් කෑෂ් යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය පලමුවෙන්ම පෝලන්තයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර ඔබටද මෙම ක්‍රමවේදය ඉක්මනින් අත්විඳිමට හැකිවනු ඇත.

0 comments:

Post a Comment