Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2016

ශ්‍රී ලංකාව තුල තෙත් බිම්

"තෙත් බිම් යනු ගැඹුර මීටර හයක් ඉක්මවා නැති ස්වභාවික කෘතිම හෝ ස්ථිතික හෝ ගලා යන සාගර ප්‍රදේශ  ඇතුළු, නැවුම්, කිවුල් හෝ ලුණු ජලය , තාවකාලිකජලය, අඩු උදම් කලාප වෙ.
මෙම තෙත් බිම් රැම්සා අර්ථ දැක්වීමටඅනුව පුළුල් වශයෙන් වර්ග තුනකට බෙදිය හැකිය:
  •           දේශීය ස්වභාවික ජල තෙත් බිම් (උදා ගංගා, ඇළ, මඩවගුරු, වගුරු වනාන්තර සහ විල්ලු)

  •           නාවික හා ලුණු ජලය තෙත් බිම් (උදා කලපු, ගං මෝය, කඩොලාන, මුහුදු තෘණ තලා , සහ කොරල් පර)
  •           මිනිසා විසින් නිර්මාණය කරන ලද තෙත් බිම් (උදා වැව්, ජලාශ, ලුණු ලේවාය)


තෙත්බිම් වල ප්‍රයෝජන

අ) ගෘහස්ථ ජල සැපයුම්
                                     ලබුගම, කලටුවාව ගංගා, ඇළ,, වැව් සඳහා,

ආ) වාරිමාර්ග
                                     මින්නේරිය වැව, මහවැලි ගඟ ජලාශ

ඇ) මානව පරිභෝජනය සඳහා
                                     සහල්, පලා වර්ග, කුඹුරු
 
ඉ) ඖෂධීය පැලෑටි
                                     "ලුනුවරණ" (Bacopa moneri) ‚ නීරමුල්ලිය(Hygrophylla shulli)

ඊ) හස්ත කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය
                                     "කදුරු" (වෙස් මුහුණු) , වැටකෙයියා කොළ (පැදුරු)

උ) ජල විදුලි
                                     වික්ටෝරියා, රන්දෙණිගල සහ දියඇලි, රන්ටැඹේ ජලාශය
 

ඌ) ආහාරයට ගත හැකි
                                     මිරිදිය හා කිවුල් දිය මාළු, කකුළුවන්

එ) විසිතුරු මාළු සහ පැල
                                     බුලත් හපයා, චෙරි පෙතියා, දහරා,

ඒ) ආගමික උත්සව / පූජා

                                     නෙළුම්‚ඕලුමානෙල් මල්

ඔ) ලුණු
                                     හම්බන්තොට ලුණු ලේවාය

ඕ) විනෝදාත්මක හා සංචාරක කටයුතු
                                     බුන්දල, කලපු, දිය ඇලි‚ තෙත් බිම්

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන තෙත් බිම් වල ප්‍රධාන කාර්යයන්

          1.                   ගංවතුර අවම කිරීම
          2.                 වෙරළ ඛාදනය‚ කුනාටු වැළැක්වීම
          3.                 කොරල් පර ආරක්ෂා‚ අවසාදිත රඳවා ගැනීම
          4.                 විෂ ද්‍රව්‍ය රඳවා ගැනීම
          5.                 වගුරු ජලය පිරිසිදු කිරීම
          6.                 ආහාරයට ගත හැකි මාළු‚ මුහුදු තෘණ අභිජනන ස්ථාන


තෙත් බිම් සඳහා තර්ජන හා එයින් වන බලපෑම්

1.                       තෙත් බිම් සහ වගුරු බිම් ගොඩකිරීම ( උදා: බෙල්ලන්විල‚ අත්තිඩිය, මුතුරාජවෙල)
2.                       තෙත් බිම් වල කැලෑ එලි කිරීම් (පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ )
3.                       ජල දූෂණය
4.                       කැළිකසළ බැහැර කිරීම
5.                       සැලසුමකින් තොර වාරිමාර්ග (උදා. කලමැටිය, මලාලා)
6.          පතල් කැණීම් (වැලි / කොරල්)

     ශ්‍රී ලංකා ජාතික  තෙත් බිම් නාමාවලිය ඇසුරින්

සෙල්සියස් අංශක දෙකේ ඉලක්කයත් අවදානමේ?

දේශගුණ වෙනස් වීම පාලනය සදහා ලෝකයේ රටවල් ලබා දී ඇති පොරොන්දු ප්‍රකාරව කටයුතු කළත්, ලෝක උෂ්ණත්වය සෙල්සියස් ඉහළ යෑම අංශක දෙකේ සීමාව ඉක්මවා යා හැකි බව එක්සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන නිකුත් කළ වාර්තාවක් පෙන්වා දෙයි. ඒ අනුව උක්ත සීමාවේ රැදී සිටීමට නම් 2030 දී වායුගෝලයට එකතු විය හැකි උපරිම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා 25%ක් පමණ අධික විමෝචන ප්‍රමාණයක් වර්තමාන තත්ත්වය යටතේ විමෝචනය වනු ඇත. 2030 වන විට විමෝචනය කළ යුතු විමෝචන ප්‍රමාණය ගිගා ටොන් 42ක් වුවද, අද තත්ත්වය යටතේ එය ගිගා ටොන් 54 හා 56 අතර ප්‍රමාණයක් විය හැකිය.  

මේ සමාලෝචනය සිදු කර ඇත්තේ පැරිස් ගිවිසුමට අනුව ඒ ඒ රටවල් ලබා දී ඇති ප්‍රතිඥා හෙවත් ජාතිකමය වශයෙන් නිශ්චිත කළ අපේක්ෂිත දායකත්වවල (INDC) ප්‍රමාණය අනුවය. මේ අනුව පෙනෙන්නේ එසේ ලබා දී ඇති පොරොන්දු ප්‍රමාණවත් නොවන බව හා අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සදහා වායු විමෝචන තවත් 25%කින් අඩු කිරීමට පියවර ගත යුතු බවය. එසේ නොවුව හොත්, මේ සියවස අවසානය වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියට වඩා සෙල්සියස් අංශක 2.9ත් 3.4ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. මේ පුවත වාර්තා වූයේ පැරිස් සම්මුතිය බලාත්මක වූ නොවැම්බර් 4දාට දිනකට පෙරය. එසේම දේශගුණ වෙනස් වීම පිළිබද ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වන වාර්ෂික දේශගුණ සමුළුව මේ සතියේ මොරොක්කෝවේ දී ආරම්භ විය. 



(මූලාශ්‍රය: UN Emissions Gap Report, http:// web. unep. org/ emmissionsgap/ resources,
https://www.nrdc.org/stories/global-warming-101)


N. S. Medagedara
Vidatha  Resources Centre   
Udunuwara


දේශගුණ බලපෑමෙන් ජීවීන් වෙනස් වන අයුරු

දේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල දැකිය හැකි ජීවී වි‍ශේෂවල ඇති වන වෙනස්වීම් පිළිබදව කරුණු අනාවරණය කරන අධ්‍යයන වාර්තාවක් පසුගිය දා පළ වී ඇත. ඒ අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමග ජීවී වි‍ශේෂ, නව ජීවි ප්‍රජාවන් ඇති වීම දැකිය හැකි වනු ඇත. ඒ  දේශගුණ බලපෑම නිසා ජීවී වි‍ශේෂවල සුලබතාව හා ව්‍යාප්තිය වෙනස් වීම නිසාය.

මේ වෙනස්කම් සිදු වන ආකාර තුනක් මේ අධ්‍යනයේ දී හදුනාගෙන ඇත. ඉන් පළමුවැන්න වන්නේ දේශගුණ නව්‍යතාවයි (climate novelty). එහි දී සිදු වන්නේ නව දේශගුණ තත්වයක් ඇති වීමය. ඇතැම් වි‍ශේෂ මේ තත්වයට හුරු වන අතර තවත් ව්ශේෂ වලට එසේ කළ නොහැකි වේ.දෙවැනි ආකාරය වන්නේ දේශගුණ වෙනස් වීමේ වේගයයි (speed of climate change). විවිධ වි‍ශේෂ  දේශගුණය වෙනස් වන වේගයට අනුගත වීම සිදු වන්නේ වෙනස් ආකාරවලටය. එවිට පැවැති ජීවී ප්‍රජාව වෙනස් වී නව ජීවි ප්‍රජාවක් ඇති වේ.

අවසන් ආකාරය වන්නේ දේශගුණ අපසාරිතාවයි (climate divergence). එනම් දේශගුණ විචල්‍යතාවල වෙනස් වීම් හා වෙනසේ අවකාශීය දිශානතියයි. ඒ අනුව වි‍ශේෂවල පැතිරීම විවිධ දිශා ඔස්සේ වෙනස් විය හැක. මේ අනුව නව වි‍ශේෂ සම්බන්ධතා ඇති විය හැකි ප්‍රදේශ හා වෙනස්කම් මේ අධ්‍යනයේ දී සිතියම් ගත කර ඇත. නිදසුනක් ලෙස ගත හොත් ඇමරිකාවේ මහා තැනිතලා, සෞම්‍ය කලාපීය වනාන්තර, ඇමසන් ප්‍රදේශය, දකුණු ඇමරිකානු තෘණභූමි මේ අතර වේ.
(මූලාශ්‍රය‍: Nature Climate Change, DOL: 10. 1038/ nclimate3127)







N. S. Medagedara
Vidatha  Resources Centre   
Udunuwara

ගල් අගුරු වායු දුෂණය පාලනයෙන් ජීවිත බේරාගැනීම

ගල් අගුරු වායු දුෂණය පාලනයෙන් ජීවිත බේරාගැනීම

යුරෝපයේ ගල් අගුරු බලාගාරවලින් සිදු වන වායු දූෂක සම්බන්ධ නීති දැඩි කිරීමෙන් වාර්ෂිකව ජීවිත 20000ක් පමණ බේරාගැනීමට හැකියාව ඇති බව පසුගිය දා නිකුත් වූ වාර්තාවක සදහන් විය.එම වාර්තාවේ දක්වා ඇති පරිදි  ගල් අගුරු බලාගාරවලින් විමෝචනය කළ හැකි වායු විමෝචන සදහා වඩා දැඩි සීමා පැනවීම හා ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ගල්අගුරු දහනයෙන් නිකුත් වන දූෂක නිසා වාර්ෂිකව සිදු වන අකල් මරණ ප්‍රමාණය 22,900ක පමණ ප්‍රමාණයේ සිට 2,6000ක් පමණ දක්වා අඩු කර ගත හැකි ය. එසේ ම තවත් යහපත් සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාගැනීමට ද ඉන් අවස්ථාව සැලසේ. ඒවා අතර විවිධ ශ්වසන ආබාධ අඩු වීම මෙන්ම ශ්‍රම බලකායේ සේවා දින ගණන ඉහළ යෑම ද වේ. වර්තමානයේ දී යුරෝපයේ ක්‍රියාත්මක තත්ත්වයේ ඇති ගල් අගුරු  බලාගාර අතරින් අඩකටත් අධික ප්‍රමාණයක් යුරෝපා සංගමයේම නීතිවලට වඩා වැඩි වායු දූෂණයක් සිදු කරන බව මේ වාර්තාවෙන් හෙළි වන තවත් කරුණකි. ඒ පවත්නා තත්ත්ව යටතේ ඊට අවස්ථාව ලැබී ඇති නිසාය. මේ තත්ත්වය වළක්වාලීම සදහා යොදාගත හැකි ගල් අගුරු කර්මාන්තය විසින් පිළිගනු ලබන හා මේ වන විට භාවිතයේ ඇති හොද ම පවත්නා තාක්ෂණය (best available technology) පිළිබදවද මෙහිදී අදහස් දක්වා ඇත.

යුරෝපීය පාරිසරික කාර්යංශය හා තවත් ආයතන කිහිපයක් එක්ව සකස් කර ඇති මේ වාර්තාවට සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන්ගේ අනුමැතියද හිමි වී තිබේ. 

(මූලාශ්‍රය: Lifting Europe’s Dark Cloud: How cutting coal saves lives, http:// env- health. org/, http://endcoal.org/health/)




N. S. Medagedara
Vidatha  Resources Centre   
Udunuwara

ආක්ටික් අයිස් දිය වීමේ බලපෑම්

ආක්ටික් ප්‍රදේශවල අයිස් දිය වීම පිළිබදව අවධානය යොමු කරන වාර්තාවක දැක්වෙන ආකාරයට එය බරපතල බලපෑම් ඇති විය හැකි අවස්ථා 19ක් සදහා හෙළීම් ලක්ෂ්‍යයක් (tipping point) වියහැකිය.එහි බලපෑමෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණයේ වෙනස් වීම් ඇති විය හැකිය.

මේ වර්ෂයේ ආක්ටික් සාගරයේ වාර්තා වූ අවම අයිස් මට්ටම දෙවැනි වන්නේ 2012 වර්ෂයේදී  ආක්ටික් සාගරයේ පැවැති අයිස් මට්ටමට පමණි. වර්ෂයේ මේ කාලය වන විට ආක්ටික් සාගරයේ අයිස් මිදීම ආරම්භ විය යුතු වූවද, මේ වර්ෂයේ දී මේ දක්වා එය සිදු වී නොමැති වීම විශේෂ සිදුවීමකි.
ආක්ටික් ප්‍රත්‍යස්ථතා වාර්තාව (Arctic Resilience Report) නම් පසුගිය දා නිකුත් වූ වාර්තාවකට අනුව ආක්ටික් අයිස් දිය වීම නිසා බලපෑම් ඇති විය හැකි අවස්ථා කිහිපයක් මෙසේය. ආක්ටික් ප්‍රදේශයේම ඇති විය බලපෑම් අතර තුන්දා ප්‍රදේශවල ශාක වර්ධනය වීම හා මීතේන් විමෝචන නිකුත් වීම ඉහළ යෑම දැක්විය හැකිය. මේ බලපෑම් නිසා  දේශගුණ වෙනස් වීම තවදුරටත් ඉහළ යා හැකිය. එසේම ආක්ටික් කලාපයෙන් පිටත ප්‍රදේශවලට ඇති විය හැකි බලපෑම් අතර ආසියාවේ දේශගුණ රටාව වෙනස් වීම වැදගත් කරුණකි. ආසියානු කලාපයේ මෝසම් වැසිවල ද වෙනස්කම් ඇති විය හැකි යැයි දක්වා තිබේ.
මෙවැනි වෙනස්කම් ඇති වන්නේ ස්වභාවික පද්ධතිවල විශාල පරිමාණයේ හෝ ඉක්මන් වෙනස් වීම් ඇති වන අවස්ථාවල දී ය.ලෝකයේ එක් ප්‍රදේශයක සිදු වන වෙනස්වීම් නිසා ඇති වන බලපෑම් ලෝකයේ තවත් ප්‍රදේශවලට අහිතකරව බලපෑම් ඇති කළ හැකි වීම විශේෂත්වයකි.

 (මූලාශ්‍රය: Arctic Resilience Report, www.sei- international.org)


N. S. Medagedara
Vidatha  Resources Centre   
Udunuwara


December 30, 2016

ලෝකයේ විශ්මය ජනක පුදුම

ලෝකයේ පුදුමාකාර දේ බොහොමයක් පවතින අතර ඒවායෙන් සමහරක් පුදුමයෙනුත් පුදුමයන් වේ.

1.   යක්ෂයාගේ කුළුන ( Devil’s tower)
මෙම මීටර් 390 ක් උස යෝධ පාශානය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මීට වසර මිලියන පනහකට පෙර ඇති වූ ගිණි කඳු පිපිරීමකින් මෙම පාශානය ඇති වූ බව සළකනු ලැබේ. මෙය ආග්නේය පාශාන ගණයට වැටේ. 
ගිණිකඳු පිපිරීමේදී ඇති වූ ලාවා දහරාවේ ඉහළ කොටස ඝනීභවනය වීමෙන් මෙම පාශානය ඇතිවූ බවට සාධක ඇත. ගිණි කන්දෙන් නිකුත් කරනු ලැබූ ලාවා ඉතා සෙමින් සීතල වීම නිසා ඝනීභවනය වීමෙන් සෑදුනු ෂඩාස්‍රාකාර කුළුනු රාශියකින් මෙම යෝධ පාශානය සෑදී ඇත.

 2.     සැන් ඇන්ඩ්‍රියාස් ජිද්‍රය (San Andreas Fault)
පෘතුවිය නිර්මාණය වී ඇත්තේ භූ තල කීපයකිනි. මෙම භූ තල කිහිපයක පිටත සීමාවන් පිහිටා ඇත්තේ සාගරය යටයි. මෙම සීමාවන් අසළ භූ කම්පන සිදු වීම සුලබ දෙයකි. මෙවැනි එක් භූ තල සීමාවක් ගොඩබිම පිහිටා ඇත. මෙය කැලිෆෝනියා ජනපදයේ පිහිටා ඇති සැන් ඇන්ඩ්‍රියාස් ජිද්‍රය ලෙස හැඳින්වේ. මෙය ගොඩබිම ඔස්සේ කිලෝමීටර් 1000 ක් පමණ විහිදී ඇත.
මෙය දෙපස උතුරු ඇමරිකානු හා හා පැසිපික් භූ තල පිහිටා ඇත. මෙම භූ තල වසරකට සෙන්ටි මීටර 2.5 ක් පමණ දෙපසට ඈත් වීමෙන් පවතී. මෙම තල දෙක අසළ දී ඉතා ප්‍රචණ්ඩ භූමි කම්පා නිතර සිදුවේ. 

3.     උල්කාපාත ආවාටය (Meteor Crater)
පොළවට ඉතා විශාල බලපෑමක් කරමින් එයට පතිත වන ආකාශ වස්තුවකි උල්කාපාත. එහි විශාලත්වය වැඩි වන තරමට ඒ මගින් ඇති කරන බලපෑම ද වැඩි වේ. මෙවැනි විශාල බලපෑම් නිසා පොළව මත ආවාට ඇති වේ.
එසේ ඇති වූ ආවාටයක් ලෙස උතුරු ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇති වින්ස්ලෝ (Winslow) ආවාටය සැළකෙනු ලැබේ. මෙම ආවාටය නිර්මාණය කරනු ලැබූ උල්කාපාතය මීට වසර 50,000 කට පෙර පතිත වී ඇති බව සළකනු ලැබේ. මේ මගින් ඇතිවූ ශක්තිය TNT කිලෝග්‍රෑම් මිලියන විස්සක් දැවීමෙන් ඇති වන ශක්තියට සමාන බව ගණනය කොට ඇත. මෙම ආවාටයේ විශ්කම්භය කිලෝමීටර් 1.2 ක් වන අතර එය මීටර් 180 ක් ගැඹුරු වේ.

4.      මහා බාධක පරය (Great Barrier Reef)
මේ දක්වා ලෝකයේ ජීවීන් විසින් කරනු ලැබූ විශාලම නිර්මාණය මෙය වේ. එය ඊශානදිග ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් 2010 ක් දිගට පැතිර පවතී. මෙම කොරල් පරය සීලෙන්ටරාටාවකු (Coelenterata) වන කොරල් බුහුබාවා විසින් ඇමෝනියම් කාබනේට් ශ්‍රාවය කරනු ලබන අතර එය මුහුදු ජලයේ ඇති  කැල්සියම් ක්ලෝරයිඩ් සමඟ ප්‍රතික්‍රියා කොට කැල්සියම් කාබනේට් සාදනු ලබන අතර එමගින් මෙම කොරල් සැකිල්ල සෑදී ඇත. මෙම සැකිල්ල නිර්මාණය වීමට වසර දහස් ගණනක් ගතවේ.

5.     මළ මුහුද (Dead Sea)

එය ජෝර්දානය හා ඊශ්‍රායලය අතර පිහිටා ඇත. මෙම මුහුද වෙත ජෝර්දාන් නදිය මගින් මුහුදු ජලය ගෙන එනු ලබන අතර ඉහළ වාෂ්පීකරණ සීඝ්‍රතාවය නිසා විශාල ලවණතාවයක් එහි ඇති වී ඇත.
සාමාන්‍ය මුහුදු ජලය මෙන් සත් ගුණයක ලවණතාවයක් මළ මුහුදු ජලයේ ඇත. මේ නිසා ජලයේ ඝනත්වය සාමාන්‍ය මුහුදු ජලයේ මෙන් සත් ගුණයක් ඉහළ වේ. මෙම ජලාශය මුහුදු මට්ටමට වඩා මීටර් 408 ක් පහළින් පිහිටා ඇත. එහි අධික ලවණතාවය නිසා කිසිදු ජීවියෙකුට එහි ජීවත් විය නොහැක. එම අධික ලවණතාවය නිසාම එහි නෑමට පැමිණෙන මිනිසුන් ජලය මත පාවෙයි.

අන්තර්ජාලයඇසුරින්

දියවැඩියාව පරාජයට මිනිත්තුවක ව්යාියාමයක්!

දිනකට මින්ත්තුවක් ව්‍යායාම කිරිමෙන් දියවැඩියා රෝගය වළකන්නට හැකි බව පර්යේෂකයෝ කියති. බ්‍රිතාන්‍යයේ බාත් සරසවියේ පර්යේෂකයන් පවසන ආකාරයට සතියකට තුන් වතාවක් ව්‍යායාම පා පැදියෙන් කෙටි වේලාවක්, වේගයෙන් පැදවිමෙන් 2වැනි වර්ගයේ  දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරිමේ හැකියාව සහ එම රෝගය වැළදිම වළකන්ට හැකිය.

මේ පර්යේෂණය සඳහා බාත් සරසවියේ පර්යේෂකයන් යොදා ගෙන ඇත්තේ ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වු දියවැඩියා රෝගින් පිරිසකි. තත්පර 20 බැගින් දිනකට දෙවතාවක් සතියකට තුන් වරක් ව්‍යායාම පා පැදි පදින ලෙස පර්යේෂණයට ඉදිරිපත් වු දියවැඩියා රෝගින්ගෙන් ඉල්ලා ඇත.

මේ ආකාරයට එම රෝගින් සති හයක් ක්‍රියා කල පසු  ඔහුගේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය සියයට 28කින් වර්ධනය වී ඇති බව බාත් සරසවියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන්ට දැක ගන්නට ලැබි ඇත. දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය ඇති වන්නේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය අඩු විම නිසා  ලේවල සීනි මට්ටම භායානක මට්ටමට ඉහළ ගිය විටය. බොහෝවිට මේ තත්ත්වය ඇති වන්නේ ව්‍යායාම වලින් තොර එක තැන වාඩිවි සිටින පුද්ගලයන්ටය.

මේ තත්ත්වය හෘදයට, වකුගඩු වලට ,ඇස් වලට සහ අත් පාවලට ජිවිත තර්ජනාත්මක සංකිර්ණතා ඇති වන්නට හේතුවිය හැකිය.එබදු සංකිර්ණතා ඇති වන්න වු රෝගියකුට ප්‍රතිකාර කිරිමට සහ රැකබලා ගැනිමට බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයට පැයකට පවුම් මිලියනයක් වැය වෙන බවද වාර්තා වේ.

නිත්‍ය වශයෙන් ව්‍යායාමවල යෙදිම ලේවල සීනි මට්ටම පහළින් තබා ගැනිමට උපකාරි වේ. එහෙත් කාර්යබහුල ජිවිත රටාවක් සහ පෙලඹීමේ අඩුව නිසා ජනගහනයෙන් සියයට 66 ක් නිර්දේශිත සතියකට මිනිත්තු 30 වාර පහේ මැදිහත් ව්‍යායාමවල නොයෙදෙන බව ද බාත් සරසවියේ පර්යේෂකයෝ පවසති.

මේ පර්යේෂන කණ්ඩායමේ නායකත්වය දරන්නේ දොස්තර නීල්ස් වොලාඩ්ය. අපේ මස්පිඩුවල සීනි ගබඩා තිබෙනවා  ඒ ගබඩා වලට කියන්නේ ග්ලයිකෝජින් ඇත්තේ ව්‍යායාමවල නිරත විමෙන් පසු මේ ගබඩා නැවත පුරවා ගැනිම සඳහා මස්පිඩු වලට ලේ වලින් සීනි ලබා ගත යුතුය. දොස්තර වොලාඩ් කිවේය.

තවදුරටත් කරුණු පැහැදිලි කරන දොස්තර නීල්ස් වොලාඩ් මෙසේ පවසා තිබිණි. ක්‍රියාශිලි නැති මිනිසුන්ගේ මස්පිඩුවලට මේ ආකාරයට සීනි ලබා ගැනිමේ අවශ්‍යතාවක් නැත. මෙය ඉන්සියුලින් සඳහා දුර්වල සංවේදිතාවක්,ලේවල සීනිවල ඉහළ මට්ටමක් සහ අවසානයේ 2වැනි වර්ගයේ දියවැඩියාවක් ඇති වන්නට හේතු වෙනවා .


වේගවත් කෙටි පා පැදි පුහුණුවකින් ඉන්සියුලින් සංවේදිතාව වර්ධනය කළ හැකි බව අපි දැනටමත් දනිමු.එහෙත් අපට ව්‍යායාමවල යෙදිමේ වාර කෙටි සහ පහසු කළ හැකි දැයි සොයා බලන්නට වුවමණා වුණා. මෙම අධ්‍යනයේදි ව්‍යායාම පාපැදිවලට ප්‍රතිරෝධය ( පාපැදියේ පැඩල පෑගිම තද බව ) ශිඝ්‍රෙයන් වැඩි කල හැකි විය. ඒ නිසා පර්යේෂණය සඳහා ස්වේච්ජාවෙන් ඉදිරිපත් වු අයට සාමාන්‍ය පා පැදියක් පැදිමේ දි කළ නොහැකි ආකාරයට, වඩා වැඩි තීව්‍රරතාවයකින් කෙටි වේලාවක් ව්‍යායාමවල යෙදෙන්නට හැකි විය.


වෙහෙසකින් තොර උණුසුම් විමක් සහ සිසිල් විමක් සමග එක් ව්‍යායාම වාරයක් සඳහා ගතවන මුළු කාලය මිනිත්තු දහයක් පමණ විය. අප අධ්‍යනයේදි භාවිතා කරන ලද වේගයෙන් කෙටි වේලාවක් ව්‍යායාම පා පැදි පැගිමට වඩා ග්යිකොජන් භාවිතයට මස්පිඩු යොමු කර ගැනිමේ ඉක්මන් සහ පහසු කිසිදු වෙනත් ක්‍රමයක් පිළිබද අපි නොදන්නෙමු දොස්තර වොලාඩ් පැවසිය.

සාමාන්‍ය මැදිහත් ව්‍යායාමයක දි පැයක කාලයක් ඇතුළත පාවිච්චියට ගන්නා ප්‍රමාණාත්මක ග්ලයිකෝජන් ප්‍රමාණයක් තත්ත්පර විස්සක් ඇතුළත වේගයෙන් ව්‍යායාම පා පැදියක් පැදිමෙන් පාවිච්චියට ගැනිමට මඟ පාදන්නට හැකි වුණා, දොසුතර වොලාඩ් තවදුරටත් පැවසිය. ඔහු මෙසේ ද පැවසිය.මෙය සම්පුර්ණයෙන්ම අලුත් ක්‍රමයක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනිම සඳහා මේ පහසු සහ කෙටි වේලාවක ව්‍යායාම වැඩසටහන මෙන් වැඩසටහනක් කිසිවෙකු කිසිදා සොයා ගෙන නෑ.

මේ මොහොතේ මෙය සිදු කර ඇත්තේ පර්යේෂණාගාර මට්ටමේ පමණයි. එහෙත් ශාරිරික ව්‍යායාම ශාලාවක් තුළ මෙය සිදු කළ හැකිය. පා පැදියක් නිර්මාණය කිරිම පහසු කාර්යයක් වනු ඇත. මේ ව්‍යායාම කුමය අවශ්‍ය නම් වැඩ කරන ස්ථානයේ වුව සිදු කළ හැකිය. කෙටි වේලාවක් වේගයෙන් ව්‍යායාම පා පැදියක් පෑදිමෙන් බොහෝ කැලරි ප්‍රමාණයක් වැය නොවන නිසා මේ ව්‍යායාම ක්‍රමය බර අඩු කිරිමට සුදුසු නැත. එහෙත් මේ නව ක්‍රමය මඟින් සාමාන්‍ය නිරෝගි බවේ වර්ධනයක් පෙන්වා ඇත.

 European Journal Of Applied Physiology නැමති සඟරාවේ මෙම පර්යේෂණය පිළිබද අධ්‍යයන වාර්තාව පල කර ඇත.දැන් මෙම අධ්‍යයනයට ස්වේච්ජාවෙන් ඉදිරිපත් වන දියවැඩියා රෝගින් වඩා වැඩි ගණනකට සහභාගි වි ව්‍යායාම වාරය තවදුරත් කෙටි කර ගැනිමට හැකි දැයි නිශ්චය කර ගැනිමට හැකි වන සේ අධ්‍යන කාලය තව දුරටත් දිර්ඝ කර ඇත.මෙම නව ව්‍යායාම ක්‍රමයත් සමඟ නිසි ආහාර පාලනයක් සහ පිළිවෙළකින් යුතු ජිවන රටාවකක් අනුගමනය කිරිමෙන් 2වැනි වර්ගයේ ඉදියවැඩියාව වඩා හොදිනු පාලනය කර ගැනිමට හැකි වනු ඇතැයි බාත් සරසවියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෝ  විශ්වාසය පල කරති


උපුටා ගැනීම - ඩේලිමේල්