December 25, 2016

විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද දියමන්ති

බොහෝ පුද්ගලයින් සිතනුයේ ලෝකයේ දැනට ඇති තද බවින් යුත් ස්වභාවික ද්‍රව්‍යය වන්නේ දැනට ස්වර්ණාභරණ සෑදීමට භාවිතා කරන සහ ලෝහ සහ පාෂාණ කැපීමට යොදා ගන්නා දියමන්ති බවයි. එය එසේ වුවත් විද්‍යාඥයන් විසින් පසු ගිය අවුරුදු කිහිපය තුළ පියවරෙන් පියවර කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵල ලෙස දැනට ස්වභාවිකව පවතින දියමන්ති වලට වඩා ඉතා තද බවින් යුත් දුර්ලභ ගණයේ දියමන්ති නිර්මාණය කිරීමට සමත්ව සිටී.

මෙම දියමන්ති Lonsdaleite වර්ගයේ දියමන්ති ආකාරයක් වේ. එනම් ලෝකයේ ස්වහාවිකව අහසින් වැටෙන උල්කාපාත වස්තූන්ගේ කොටස් ඝට්ටනයෙන් හමුවන Lonsdaleite කාබන් ව්‍යුහයන් වේ. මෙහි විශේෂත්වය වන්නේ අපට හමුවන සාමාන්‍ය දියමන්ති ඝන මූලිය දැලිසකින්(Cubic lattice) සමන්විත කාබන් ව්‍යුහයක් වේ.
නමුත් මෙම Lonsdaleite වර්ගයේ දියමන්ති ෂඩ්මූලිය (Hexagonal lattice) කාබන් ව්‍යුහයකින් සමන්විත වන අතර එය දැනට ඇති දියමන්ති වලට වඩා 58% ගුණයකින් තද බවින් යුක්ත වේ.
තවද පර්යේෂකයන් විසින් මෙම දියමන්ති වල නැනෝ  පරිමාණයේ ව්‍යුහයන් සැකසීම පිළිබව විවිධ පර්යේෂණයන් අත්හදා බලමින් සිටී. එමගින් ඉතා කුඩා ශක්තිමත් ද්‍රව්‍යයක් නිර්මාණය කිරීම අරමුණයි. ඒ සහා  amorphous carbon යොදා අත්හදා බැලීමට පර්යේෂකයන් බලාපොරොත්තු වේ
Lonsdaleite ප්‍රථම වරට හමුවූයේ Canyon Diablo meteorite  නම් වූ උල්කාපාත වස්තූන්ගේ කොටස්
පිළිබඳ අධ්‍යනයේදීය.

පර්යේෂකයන් විසින් මෙම දියමන්ති සෙල්සියස් අංශක 1000 තෙක් උෂ්ණත්වය වැඩි  කිරීමෙන්  නව දියමන්ති නිර්මාණය කිරීමට සමත්විය.
තවත් පර්යේෂකයන් පිරිසක් විසින් මේ සහා වෙනත් ක්‍රම වේදයක් අනුගමනය කෙරිණ. එහිදී diamond anvil  නම්වූ උපකරණයක් භාවිතා කරමින් නව දියමන්ති සකස් කරන ලදී. මෙහිදී එකිනෙකට ප්‍රතිවිරුද්ධව තැබූ දියමන්ති දෙකක් භාවිතාකරමින් ඉතා  ඉහළ පීඩනයක් නවනිර්මාණය කිරීමෙන් නව දියමන්ති නිපදවයි.
 
මෙම උපකරණය භාවිතයෙන් කලින් භාවිතා කළ ක්‍රම වේදයට වඩා භාගයක් අඩු උෂ්ණත්වකදී එනම් වඩා ලාභදායි ක්‍රමවේදයකින් නව දියමන්ති නිපදවිය හැක.මෙම නව දියමන්ති ලෝකයේ බොහෝ දියමන්ති භාවිතා කරන ආකාරයට ආභරණ සැකසීමට වඩා කැණීම් සහා භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සකස් කළේ.

දුෂ්‍යන්ති එස්.උඩහේන්තැන්න
විද්‍යා හාතාක්ෂණ නිළධාරි
ඉහළ කෝරළේ
උපුටා ගැනීම්
 

 

0 comments:

Post a Comment