December 30, 2016

LED සංඥා පුවරු නිර්මාණය කිරීම (2)

උපාංග සවි කර ගැනීම

1)      බල සැපයුම් ඒකකයේ AC ස්ථානයට ප්‍රධාන විදුලි සැපයුම් වයර සවි කරන්න.
2)       බල සැපයුම් ඒකකයේ +V ස්ථානයට රතු ද -V ස්ථානයට කලු ද වන ලෙස පරිපථ කොටස් වලට බලය සපයන වයර සවි කරන්න. එහි අනෙක් කෙළවරවල් මවු පරිපථයේ  5V සැපයුම ලබා දෙන VCC+  ස්ථානයට  (+) ද GND ස්ථානයට (-) ද වන පරිදි සවි කරන්න. LED පැනලයට විදුලිය ලබා දීම සදහා ද මෙම ස්ථානවලින් කුමකට හෝ තවත් වයර සවි කර ගැනීමට සිදුවේ.


මවු පුවරුවට පැනලය සම්බන්ධ කිරීම


මෙම මවු පුවරුවේ 12-1 හා 12-2 ලෙස ස්ථාන දෙකකි. ඒ පළමු පැනල පේළිය හා දෙවන පැනල පේළිය සදහා වේ.  Data cable හි රතු දාරය පැත්ත මවු පුවරුවේ සම්බන්ධකයේ ඉහල ස්ථානයට වන ලෙස නිවැරදිව අමුණා ගත යුතුය.

මවු පුවරුවට ඇමුණූ දත්ත කේබලය LED පැනලය පිටුපස ඇති IN ස්ථානයට නිවැරදිව අමුනන්න. VCC ස්ථානයට + ද GND ස්ථානයට - ද වන පරිදි 5V විදුලිය සපයන්න. මෙහි OUT යන ස්ථානයට තවත් පැනලයක් වන පරිදි 1 වන පේළියට අවශ්‍ය පැනල ප්‍රමාණය කේබල් මගින් ඈදා ගත හැක. සුදු පැහැති ඊතලයක් මගින් පැනලයේ ඉහල පැත්ත හා සංඥා ගමන් ගන්නා දිශාව දක්වයි

නිසි පරිදි එකලස් කොට විදුලිය සපයන්න. එවිට රටාවක් දිස්වේ. මවු පුවරුවේ ඇති TEXT බොත්තම එබීමෙන් රටාව වෙනස් කළ හැක.
ඉන්පසු අපට අවශ්‍ය රටාව පරිඝණකයෙන් සකසා මවු පුවරුවට ලබා දිය යුතුය. මේ සදහා ක්‍රම 2ක් භාවිතා කරයි.
  1. දත්ත කේබල් භාවිතය 
  2.   පෙන් ඩ්‍රයිව් භාවිතය (නූතනයේ බහුලව භාවිතා වේ.)

අප අද සකසනුයේ පෙන් ඩ්‍රයිව් භාවිතා කර රටා සැකසීම හෙවත් program කිරීම සිදු කරන මවු පුවරුවකි. අවශ්‍ය program සකසා පෙන් ඩ්‍රයිව් එකට ලබාගෙන පරිපථවලට විදුලිය ලබාදී මවු පුවරුවට පෙන් ඩ්‍රයිව් එක සවිකළ පසු පැනලයේ OK ලෙස දිස්වේ නම්  අපගේ program සාර්ථකව මවු පුවරුවේ ගබඩා වී ඇත. පෙන් ඩ්‍රයිව් එක ඉවත් කළ විට වැඩසටහන ක්‍රියාත්මක වේ.

(මතු සම්බන්ධයි........... )
සැකසුම: ඩී.එම්.වසන්ත රණසිංහ, මුලටියන විදාතා මධ්‍යස්ථානය.

0 comments:

Post a Comment