December 25, 2016

වස විෂවලින් සිරුර රැකගන්නා අක්මාව

අපගේ ශරීරයේ ඇති අවයවවලින් මොළය ,හෘදය වස්තුව වැනි අවයව පිළිබඳ අපි නිතර කතා කරන්නෙමු. නමුත් අපගෙ මොලය සහ හෘදය වස්තුව මෙන්ම විශාල වැදගත්කමක් ඇති අවයවයක් වන අක්මාව ගැන අප විසින් කතාකළ ප්‍රමාණය මඳි බව මෙම ලිපියෙන් ඔබට හැඟෙනු ඇත.  

         අක්මාව අපගේ  උදර කුහරයේ ඉහල දකුණු කොටසේ ආමාශයට ඉහලින් පිහිටා ඇත. ඇත්තෙන්ම මෙය බහු කාර්‍යය‍ අවයවයකි. එයින් ප්‍රධාන කාර්‍යය‍න් කිහිපයක් පහත පරිඳි වේ.

                             Ø  අහිතකර රසායන ද්‍රව්‍යය බිඳහෙලිම.

Ø  රුධිරයේ රසායනික සංයුතිය පාලනය කිරීම.
Ø  ඖෂධවල විෂ හරනය කිරම.
Ø  ආහාර ගබඩා කිරිම.
Ø රුධිර ප්ලාස්මාවේ ප්‍රෝටින සංයුතිය පාලනය කිරීම.
Ø  කොලෙස්ට්‍රෝල් නිපදවීම සහ පාලනය.
Ø  පිත නිකුත් කිරීම.
Ø  ග්ලූකෝස් සංචිත කිරීම,  අවශය පරිදි නිකුත් කිරීම.

මෙම කටයුතු වලට අමතරව තවත් බොහෝ  ක්‍රියාවන් සිදු කරන අතර මෙයින්  එක කාරණාවක් පමණක් වැඩිදුර විස්තර කිරීමට කැමැත්තෙමු. ඇත්තෙන්ම අප ආහාර සමඟ බොහොමයක් විෂද්‍රව්‍යය  අපගේ ආහාර මාර්ගයට ඇතුල් කරනු ලැබේ. උදාහරණ ලෙස කෘමිනාශක, රසකාරක, ඩයි වර්ග, නිකොටින්, බැක්ටීරියා සහ කල්තබා ගැනීමේ කාරක හැඳින්විය හැක. මෙම සියලු දේ ආහාර මාර්ගයෙන් රුධිරයට එකතු වේ. ඇත්තේන්ම මෙම විෂ දේවල් රුධිරය මඟින් අක්මාවට නොගොස් කෙලින්ම ශරීරය පුරා ගෙනගියහොත් විනාඩි කිහිපයකට වැඩිය ජීවත් වන්නේද යන්න සැක සහිත වේ. නමුත් මෙම වස විෂ රැගත් රුධිරය ආහාර මාර්ගයෙන් පසු ප්‍රථමයෙන් ම ඇතුල් වන්නේ අක්මාවට වීම අපගේ වාසනාවක් ලෙස සැලකිය හැක. මෙම අහිතකර ද්‍රවය අක්මාව තුළදී විනාශ කිරීම සිදු කෙරේ. මෙම විනාශ කිරීම ආකාර කිහිපයකට සිදු කෙරේ.

v  විෂ ද්‍රව්‍යය වෙනත් ද්‍රව්‍ය බවට බිඳ හෙළීම, පරිවර්තනය කිරීම.
v  එම බිඳ හෙලූ ද්‍රව්‍යය මූත්‍ර සමඟ හෝ පිත සමඟ බැහැර කිරීම.
v  සමහර විෂ ද්‍රව්‍යය අක්මාවේම තැම්පත් කිරීම.
v   වැඩිපුර ඇති මේදය තැම්පත් කිරීම.

මිනිසුන් වැඩි වශයෙන් වස විෂ සහිත ආහාර, බෙහෙත් හා මත් ද්‍රව්‍යය ආදිය සිරුරට ඇතුල් කර ගන්නා නිසා මෙම දේවල් ඉවත් කිරීමට අක්මාවට වැඩිපුර වෙහෙසවීමට සිදු වීම නිසා අක්මාව දුර්වල වීමත් ඉදිමීමත් ( අක්මා ප්‍රදාහය ) සුලබව දක්නට ලැබේ. මෙම හේතුව නිසා අක්මාව දුර්වල වීමෙන් මෙම විෂද්‍රව්‍යය අනෙකුත් අවයව වලට ගමන්කිරීම නිසා අපගේ සියලුම අවයව වලට හානි සිදු වේ. මේනිසා දියවැඩියාව, හෘද රෝග, රුධිර පීඩනය, වඳ බාවය, වකුගඩු ආබාධ, පිලිකා ,අංශබාගය,ගැස්ට්‍රයිටිස් වැනි බොහෝ බෝනොවන රෝග වලට ගොදුරුවීම සිදුවේ.

මෙම හේතූන් නිසා අක්මාව අපගේ සිරුරේ ආරක්ෂක කටයුත්ත ඉටුකරන බව ඉතාමත් පැහැදිලි වේ. එම නිසා අපගේ අක්මාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත වේ.

මේ සඳහා හැකිතාක් කෘමිනාශක, රසකාරක, ඩයි වර්ග, බැක්ටීරියා සහ කල්තබා ගැනීමේ කාරක නොයෙදූ ආහාර ගැනීම, දුම් පානයෙන් වැලකීම ,මත්ද්‍රව්‍යය පානයෙන් වැලකීම හා ඖෂධ භාවිතය අවමකිරීම අප විසින් සිදුකල යුතු වේ. අක්මාවේ කටයුතු පහසුකිරීම සඳහ එලවලු පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම සිදුකල යුතු වේ.

වෙලඳපොලේ ඇති කෘතීමව ආකර්ෂණය කල ආහාර වලින් දිව පිනවීමට පෙර දෙවරක් සිතීම මඟින් මෙවන් මහඟු මෙහෙවරක් කරන අක්මාව රැක ගැනීම තම ජීවිතයට ආදරය කරන අප කාගෙත් යුතුකම බව අවබෝධකරගත යුතුය.
                                                                                   
                                                                                         ඩබ්.ඒ.ආර්.සුමිත් කුමාර
                                                                                         විද්‍යා හා තාක්ෂණ නිළධාරී
                                                                                         නිකවැරටිය

0 comments:

Post a Comment