December 28, 2016

බෝ නොවන රෝග වලින් අත් මිදෙන්නට හෙළ ඔසු

අප ශාරීරික ක්‍රියාකාරකම් හා ව්‍යායාම්වල නිරත නොවීම සහ අතීතයේ මුතුන්මිත්තන් ගත කළ ජීවිතවලට සාපේක්‍ෂව අපි කරන ව්‍යායාම් වර්තමානය වන විට අඩු වී ඇත. අපේ මුතුන් මිත්තන් ගත් ආහාරවල කැලරි ප්‍රමාණය දහනය වන සේ ඔවුන් එදිනෙදා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වූ අතර ඔවුන් කුඹුරු කෙටීම, ගෙදර දොර වැඩකිරීම, පයින් ගමන් කිරීම වැනි කාර්යයන් සිදු කරන ලදී.ඒ නිසා ඔවුන් ගත් ආහාර දහනය විය. නමුත් වර්තමානයේ බොහෝ අය කැලරි අධික ආහාර ලබාගත්තද එම කැලරි දහනය වන අයුරින් ක්‍රියාකාරකම්වල නොයෙදෙති. එබැවින් අපේ ශරීරයේ තෙල්, මේදය ලෙස තැන්පත්වී අධික බර හා ස්‌ථූලභාවය ඇති වේ. එමෙන්ම හෘද රෝග, කිරීටක ධමනි ආශ්‍රිත රෝග, අධික රුධිර පීඩනය, ආඝාතය හෙවත් අංශභාගය, දියවැඩියාව, පිළිකා, නිධන්ගත ස්‌වසන රෝග (ඇදුම).මෙන්ම මානසික රෝගද ප්‍රධාන තැනක් ගනී. මෙම රෝග, වැළඳීමට නාගරීකරණය, කාර්මීකරණය වැනි හේතු නිසා අපේ ආහාර රටා වෙනස්‌ වීම සහ ක්‍ෂණික ආහාර ගැනීමට පුරුදුවීම මෙන්ම මේද සහිත ආහාර හා සීනි අඩංගු ආහාර ගැනීමට යොමුවීම වැනි කරුණු බලපා ඇත.
මෙම රෝගී තත්වයන් සදහා පරම්පරා ගණනක් තිස්සේ භාවිතා කර අත් බෙහෙත් සමුදායක්  පහත සදහන් කර ඇත.
දියවැඩියාව
1.   රණවරා ගසෙහි පංචාංග (මල්, ගෙඩ්,පොතු, මුල් කොළ) තම්බා දින 07 ක් පමණ පානය කිරීම
2.   ගම්මිරිස් කොළ තම්බා දින 07 ක් පමණ පානය කිරීම
3.   වරකා ගසෙහි කොළ 10 ක් පමණ දිනකට වරක් තම්බා බීම
4.   අමු කරවිල ‍පෙති රාත්‍රියට ඇල් වතුරට දමා කොටා පාන්දර හිස් බඩ පානය කිරීම
5.   වල් කොත්තමල්ලි තම්බා පානය කිරීම
6.   තෙබු /   මස් බැද්ද යන ද්‍රව්‍ය ආහාරයක් ලෙස සකස් කර ගැනීම
7.   වරකට බෙලි කොළ 07 ක් තම්බා පානය කිරිම
කොලෙස්ටරෝල්
01.කරපිංචා ග්රෑම් 25 , සුදු ළූනු බික් 04, උම්බලකඩ ග්රෑම් 10, ලුණු අවශ්‍ය ප්‍රමාණයට ,ගම්මිරිස් අවශ්‍ය ප්‍රමණයට ගෙන කරපිංචා කොළ සිහින්ව අඹරා ගන්න හෝ ලියා ගන්න පසුව සුදුළූණු වලට දමා අඹරා ගන්න එයට උම්බලකඩ කුඩු ගම්මිරිස්  ලුණු හා දෙහි දමා කවලම් කර ගන්න.මෙම සම්බොලය උදේ රාත්‍රී ආහාර සමග අනුභව කරන්න මේස හැදි 03 ක් වරකට සෑහේ.

02.ගොරකා ග්රෑම් 200 , කරපිංචා කොළ ග්රෑම් 200 ,ගම්මිරිස් ග්රෑම් 100
ලුණු ස්වල්පයක් ගෙන ගොරකා බෙරිවන තෙක් තම්බා ගන්න එයට ගම්මිරිස් හා කරපිංචා කොළ ලුණු දමා හොදට අඹරා ගන්න.සෑම ආහාර වේලකටම වෙරළු ගෙඩියක ප්‍රමාණයට මාසයක් ගන්න.

03.කරපිංචා කොළ,කරපිංචා මල් ,කරපිංචා ගෙඩි,සුදු ළූනු බික්,උළුහාල්
කුරුදු පොතු සියල්ල ග්රෑම් 05 බැගින් ගෙන වතුර කෝප්ප 02 ක් දමා තම්බා දිනකට දෙවරක් කෝප්පය බැගින් මාසයක් බොන්න
අධික රුධිර පිඩනය
01. බෙලි කොළ ග්රෑම් 05 ,ගම්මිරිස් ඇට 10 ක් පමණ ගෙන එය එකට දමා කොටා යුෂ පීරිසි කෝප්ප ½  සකස් කර යුෂ මේස හැදි 01 ක් උදේට සවසට බීම
02.කොල්ලු, බැබිල, සුදු ළූණු ඉහත සදහන් ද්‍රව්‍ය කලං 04 බැගින් ගෙන වතුර කාල් 08 ක් දමා කාල් 01 ට සිද පෙරා කාල් ½ බැගින් උදේ සවස පානය කරන්න
03බැබිල මුල් ,සුදු ළූණු,උළුහාල් ඉහත සදහන් ද්‍රව්‍ය කලං 04 බැගින් ගෙන වතුර කාල් 08 ක් දමා කාල් 01 ට සිද පෙරා ගන්න
කාල් ½ බැගින් උදේ සවස ගන්න

හෘද රෝග
1.   කාමරංකා,ඇඹරැල්ල,අඹ,නස්නාරං,ආදී පලතුරු ආහාරයට ගැනිම
2.   කුඹුක්පොතු ග්රෑම් 30 ක් පමණ ගෙනවතුර පීරිසි කෝප්ප 02 ක් පමණ දමා නටවා උදේ සවස බොන්න
3.   අවශ්‍ය දුව්‍ය
බෙලිමල් ගරෑම් 10,බැබිල මුල් ග්රෑම් 10 ,සුදුළූණු ග්රෑම් 10
          වතුර පීරිසි කෝප්ප 02 ක් පමණ දමා නටවා උදේ සවස පානය කරන්න
04.ගොටු කොළ පැෂන්පෘට් , කෝවක්කා කොළ ආහාරයට ගැනීම.

07. සහිද නුණු මදක් කබලේ බැද තේ හැදි ½ ක් පමණ තල තෙල් මේස හැදි 02 ක් සමග මිශ්‍ර කර අඹරා පපුවේ ගෑම.

උපුටා ගැනීම
සුව දිවයට හෙල ඔසු (දකුණු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය)

0 comments:

Post a Comment