December 22, 2016

පිළිකා යුද්ධයට මුහුණ දීමට රහසිගත අවියක් ?

ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් විකරණය කරන ලද ස්වයං විනාශකාරී බැක්ටීරියා පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.  පිළිකා වලට එරෙහි යුද්ධය සඳහා නවීන අවි ආයුධවල අවශ්‍යතාවය තදින්ම දැනී ඇත.යුධ බලඇනිය ශක්තිමත් කරනු වස් බැක්ටීරියාවල දායකත්වය අතිමහත් බව ඔප්පු වී හමාරයි.බැක්ටීරියාවල විෂ  නිකුත් කිරීමේ ගුණය මෙන්ම ස්වයං විනාශකාරී ගති ස්වභාවය ජාන ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ පිළිකා විනාශකාරී අවියක් වශයෙන් භාවිතා කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරගෙන යන බවට තතු හෙලි වෙමින් පවතී.

                      කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ Jeff Hasty ඇතුළු පර්යේෂක කණ්ඩායම කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල මීයන්ගේ මොළයේ පිළිකා සෛල සඳහා අත්හදා බලා එම පිළිකාවල වර්ධනය අඩාල වූ බව සොයා ගන්නා ලදී.මෙහිදී විනාශ කිරීමට අපහසු ස්ථාන ඉලක්ක කරගෙන පහර දීම නිසා සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුණි.
                         මෙම අදහස පර්යේෂකයන්ගේ මනස අවධි කරන්නට හේතු වී ඇත්තේ අප ශරීරය තුල වාසය කරන අපමණ බැක්ටීරියා ප්‍රමාණය මෙන්ම  පිළිකා තුල පවා බැක්ටීරියා ජීවත් වන බව ඔවුන් දන්නා බැවිනි.උදාහරණයක් ලෙස Salmonella ගතහොත් ඔක්සිජන් වලින් තොරව ජීවත්වීමේ හැකියාව ඔවුන් ඇත.ඔවුන් පිළිකා තුල ඇති නිර්වායු පරිසර තත්ව වලට ඔරොත්තු දීමට හොඳින් හැඩ ගැසී ඇත.සමහර  බැක්ටීරියා එසේ ශක්තිමත්ව පිළිකා  තුල වැඩීම සාමාන්‍යයෙන් ස්වභාවිකව සිදුවන සංසිද්ධියකි.දැනට පිළිකා මර්ධනය සඳහා යොදා ගන්නා chemotherapy ක්‍රමවේදයේදී සිදුකරන්නේ පිළිකාවල ඇතුලතට විහිදුනු රුධිර නාල හරහා ප්‍රතිකාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමයි.නමුත් පිළිකාවල ඇතුලාන්තයේ (inner most area) රුධිර කේශනාලිකා නොමැති වීම නිසා chemotherapy ප්‍රතිකාර ක්‍රමයට එම ප්‍රදේශය තුල ඇති පිළිකා සෛල විනාශ කල නොහැකි වීම ගැටළුවක් වී ඇත.
Salmonella බැක්ටීරියාවේ පිළිකාවල ඇතුලාන්තයේ ජීවත් වීමට ඇති හැකියාව Hasty ඇතුළු කණ්ඩායමේ අවධානයට පාත්‍ර වී ඇත.ඔවුන් මෙම බැක්ටීරියා කාණ්ඩය ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් විකරණය කිරීම තුලින් පිළිකා නාශක ඖෂධ නිපදවීමට යොදා ගන්නා ලදී.එම පිළිකා නාශක ඖෂධ මඟින් පිළිකා සෛල බිත්ති විනාශ කිරීම ,ශරීරයේ අන්තරාසර්ග පද්ධතිය සූදානම් කිරීම හා පිළිකා සෛල මැරීම සිදු කරයි.
විෂ සහිත දියර නිකුත් කිරීම ස්වයං ජීර්ණය මඟින් සිදු කිරීමට ඔවුන් අදහස් කරගෙන ඇත.මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස බැක්ටීරියා කිහිපදෙනෙකු එක් ඉලක්කයක් වෙත එකතු වීමට සලස්වා එකවර විෂ නිකුත් කිරීමට සූදානම් කිරීම මෙහිදී Hasty ගේ අදහසයි.
වේදනාකාරී පිළිකා වර්ධනය නිශේධනයට ඉහත ක්‍රමවේදය මීයන් යොදාගෙන අත්හදා බැලීම සිදු කරන ලදී.ජාන තාක්ෂණයෙන් වෙනස් කරන ලද බැක්ටීරියා අක්මා පිළිකා වලින් පෙලෙන මීයන්ට කවන ලද අතර එම බැක්ටීරියා කෙලින්ම පිළිකා වල නිර්වායු ප්‍රදේශවලට ගමන් කරන ලදී.ඉහත ඖෂධ වර්ග 3 නිකුත් කිරීමෙන් ඔවුන්ගේ පිළිකා වර්ධනය වීම නවතින ලදී.මෙම  බැක්ටීරියා සමඟ chemotherapy ක්‍රමවේදය ද එකට ක්‍රියාවේ යෙදවීම මඟින් පිළිකා ප්‍රමාණයෙන් හැකිලීමට මෙන්ම ඔවුන්ගේ ආයු කාලය 50% කින් වැඩි විය.
මෙම බැක්ටීරියා පිළිකා නාශක වශයෙන් යොදා ගැනීම මීට අවුරුදු 15කට පමණ පෙර අත්හදා බලන ලද්දේ Bert VogeIstein නම් විද්‍යාඥයා විසිනි.ඔහු පවසන්නේ නව සොයා ගැනීම වඩා දියුණු ක්‍රමවේදයක් බවයි.මෙම  නව ක්‍රමවේදයේදී, බැක්ටීරියා නියමිත අවස්ථාවේදී ඖෂධ නිකුත් කිරීම  සඳහා Programme කර තිබීම විශේෂ ඉදිරි පියවරක් බව ඔහු පවසයි.මෙහිදී ඖෂධ නිකුත් කිරීමට අමතරව එම ඖෂධ නිකුත් කිරීම පාලනය  කරගෙන තබා ගැනීම ද ඉතා වැඳගත් සංසිද්ධියකි.එමඟින් අවශ්‍ය ප්‍රමාණයට එම ඖෂධ නිකුත් කිරීම බොහෝ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වී ඇත.
Hasty විශ්වාස කරන්නේ මීයන්ට කවන ලද බැක්ටිරියා යාකෘතික ප්‍රතිහාර ශිරාව මඟින් රුධිරය හරහා ආමාශයේ සිට අක්මාවට ගමන් කරන ලද බවයි.
නමුත් මෙහිදී Elisabeth Bik නම් ක්ෂුද්‍රජීව විද්‍යාඥවරිය (Stanford University) පවසන්නේ මෙම බැක්ටීරියා ශරීරය පුරා පැතිර නිරෝගී.පටකවලට හානි නොකරන බවට සහතික කල හැකි ද යන්නයි.එබැවින් මෙය අනතුරුදායක ප්‍රතිකාර ක්‍රමවේදයක් ලෙස ඇය සඳහන් කරයි.
මෙහිදී Hasty පවසන්නේ මෙම  බැක්ටීරියා විශේෂිතවම ස්ථානගත වී ඇත්තේ පිළිකා තුලට බවයි.ඔහුගේ අදහස වී ඇත්තේ මෙම බැක්ටීරියා ප්‍රතිකාර ක්‍රමය දැනට භාවිතා කරන  ඖෂධ (chemotherapy ක්‍රමවේදය) සමඟ සමගාමීව පිළිකාවල ඇතුලතින් හා පිටතින් පහරදීමට යොදා ගැනීම සුදුසු බවයි.
තවදුරටත් Bik මහත්මිය පවසන්නේ මෙහිදී මීයන්ට භාවිතා කල ක්‍රමවේදය මඟින් වැරදි නිඟමනවලට එලඹීමට හේතු විය හැකි බවයි.තවද මීයන්ට වැලඳෙන පිළිකා හා මිනිසුන්ට වැලඳෙන පිළිකා වල වර්ධනය වන ආකායෙන් සමාන වීමට නොහැකි බවත්, මීයන්ට කරන ප්‍රතිකාර ක්‍රම මිනිසුන්ට ගැලපීමද සැක සහිත බවත් ඇය පවසයි.

තවද සමහර බැක්ටීරියා වර්ග මිනිසුන්ගේ ශරීරයට ඇතුළු කිරීම අවධානම් බව ඇය පවසයි.salmonella වැනි බැක්ටිරියා කාණ්ඩ පවා මිනිසුන්ට ව්‍යාධිජනක වීමට ඉඩ ප්‍රස්ථා ඇති බව ඇය තව දුරටත් පවසයි. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම සැකසංකා දුරැවී පිළිකා වලට එරෙහි යුද්ධය ජයගැනීමට මොවුන්ට දිරිය ලැබේවායි සැමගේ පැතුමයි.

0 comments:

Post a Comment