December 19, 2016

පරිසර පද්ධති

උප පරමාණුක අංශු මගින් ආරම්භ කර පරමාණුව සාදමින් ඉන්පසු අණුව ගොඩනගමින් සෛලය කරා ගමන් කර පටකය නිර්මාණය කරමින් අවයව එක්ව අවයව පද්ධති සාදමින් ඒකෛක ජීවියා තම ගහණය වර්ධනය කර ප්‍රජාව වැඩිකර පරිසර පද්ධති සැදීමට දායක වෙමින් ජෛව ගෝලය නිර්මිත කර ඇත.

Homo sapiens  ඒකෛක ජීවියකු වන අතර, යම් විශේෂයකට අයත් තනි ජීවියකු ඒකෛක ජීවියකු(Individual organism) ලෙස හැඳින්වේ. සෑම ඒකෛක ජීවියකුම තම විශේෂයට අයත් සෙසු ඒකෛක ජීවීන් සමගත් විශේෂ වල ඒකෛක ජීවීන් සමගත් අවට ජෛව පරිසරය සමගත් අන්තර්ක්‍රියා දක්වයි.
සෑම ඒකෛක ජීවියකු කිසියම් විශේෂයකට අයත් වන අතර විශේෂයක්(Species) යනු අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කිරීමට සමත් ජීවීන් කාණ්ඩයකි.
කිසියම් රටකට හෝ ප්‍රෙදේශයකට සීමා වී ඇති විශේෂ එම රටේ හෝ ප්‍රෙදේශයේ ඒකදේශීය විශේෂ(endemic species) ලෙස හැඳින්වේ. දේශීය විශේෂ(indigenous species) ලෙස හැඳින්වෙන්නේ යම් ප්‍රෙදේශයක හෝ රටක ජීවත් වන වෙනත් ප්‍රෙදේශයකින් හෝ රටකින් එම ප්‍රෙදේශයට හඳුන්වා නොදුන්, වෙනත් ප්‍රෙදේශ වලත් වෙනත් රටවලත් දැකිය හැකි විශේෂයි. විදේශික විශේෂ(exotic species)  යනු යම් ප්‍රෙදේශයකට හෝ රටකට ගෙනවුත් හඳුන්වා දුන් විශේෂයි.
යම් ප්‍රෙදේශයක් තුළ, දී ඇති කාලයක දී ජීවත් වන එකම විශේෂයකට අයත්, එකිනෙකා සමග අන්තර්ක්‍රියා දක්වන ජීවීන් සමුහයක් ගහනයක්(Population) ලෙස හැඳන්වේ. ගහනයක්  හැඳින්වීමේ දී ජීවත් වන ප්‍රෙදේශය හා කාලය සඳහන් කිරීම අත්‍යාවශ්‍යය. ගහනයක විශාලත්වය ගහන ඝණත්වය, උපත් වේගය, මරණ වේගය, ගහන වර්ධන වේගය, ලිංග අනුපාතය, අන්තංවිශේෂ අන්තර්ක්‍රියා, ව්‍යාප්ති රටාව යන සාධක මත රඳා පවතී.
ගහන ඝනත්වය(Population density) යනු යම් ඒකක අවකාශයක් තුළ ජීවත් වන ගහනයට අයත් වන ජීවීන් සංඛ්‍යාවයි. එය ඒකක වර්ගඵලයක හෝ ඒකක පරිමාවක සිටින ජීවීන් සංඛ්‍යාව ලෙසටය. 
උපත් වේගය(Birth rate) යනු ගහනයකට නව ජීවීන් එකතු වන වේගයයි. මරණ වේගය(Death rate) යනු ගහනයේ ජීවීන් මිය යන වේගයයි. උපත් වේගය හා මරණ වේගය ගහනයේ සිටින ජීවීන්ගේ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ද ප්‍රකාශ කරනු ලැබේ.
ගහන වර්ධන වේගය (Population growth rate) යනු ගහනයක ජීවීන් සංඛ්‍යාව වෙනස් වීමේ ශ්‍රීඝ්‍රතාවයි. මෙය ආගමනය හා විගමනය යන දෙකම නැති කල්හි ගහනයක උපත් වේගයත් මරණ වේගයත් අතර ඇති වෙනසයි.
ගහන වර්ධන වේගය = උපත් වේගය - මරණ වේගය
මරණ වේගයට වඩා උපත් වේගය වැඩි වු විට ගහනයේ ජීවීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වේ. එවිට ගහන වර්ධන වේගය + අගයක් වේ. මරණ වේගය සහ උපත් වේගය එකිනෙකට සමාන වු විට ගහනයේ ජීවීන් සංඛ්‍යාවේ වෙනසක් ඇති නොවන අතර ගහන වර්ධන වේගය ශූන්‍ය වේ. මරණ වේගය උපත් වේගයට වඩා වැඩි වු විට ගහනයේ ජීවීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වන අතර ගහන වර්ධන වේගය - සෘණ අගයක් ගනී.
උදාහරණයක් ලෙස ලෝකයේ මුස්ලිම් ජනතාවගේ ගහන වර්ධන වේගය + අගයක් ගන්නා අතර ලංකාවේ සිංහල ජනයාගේ ගහන වර්ධන වේගය සෘණ අගයක් ගනී.
දර්ශීය වර්ධන චක්‍රයක පරිසර සාධක ප්‍රශස්ථව පවතින්නේ වුවත් ආරම්භයේදී ගහනයක් වර්ධනය වනුයේ ඉතා සෙමෙනි. එයට හේතුව වනුයේ ගහන ඝණත්වය ඉතා අඩු මට්ටමක තිබීම නිසා ප්‍රජනක සහකරුවන් සොයා ගැනීම අපහසු වීමයි. අනතුරුව ගහනයේ ශ්‍රීඝ්‍ර වර්ධනයක් දැකිය හැක. ගහනයේ ජීවීන් සංඛ්‍යාව තව දුරටත් වැඩි වීමේදී ගහන වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වේ. එසේ වීමට හේතුව පරිසර සාධක ක්‍රමයෙන් සීමාකාරී තත්වයකට පත් වීමයි. විශේෂයෙන් ඉඩකඩ, ආහාර ප්‍රමාණය ආදිය සීමා වීම නිසා පරිසරයෙන් ගහනයේ වර්ධනය කෙරෙහි ප්‍රතිරෝධයක් ඇති වේ.
ගහනයේ ජීවීන් සංඛ්‍යාව අවසානයේදී එක්තරා අගයකට වර්ධනය වු පසු, ඉන් ඔබ්බට විශාලත්වයේ වෙනසක් බොහෝ විට සිදු නොවන අතර මේ අවස්ථාවේදී ගහනයේ ඇති ජීවීන් සංඛ්‍යාව, එම පරිසරය සඳහා ඉසිලීමේ ධාරිතාව (Carrying capacity) යනුවෙන් හැඳින්වේ.
ලිංග අනුපාතය (sex ratio) යනු ගහනයක සිටින ජීවීන්ගේ පිරිමි සංඛ්‍යාව සහ ගැහැනු සංඛ්‍යාව අතර අනුපාතයයි.
ව්‍යප්ති රටාව (Distribution pattern) ලෙස නම් වනුයේ ගහනයක ජීවීන් පර්සරය තුල ව්‍යාප්ත වී සිටින ආකාරයයි.
උදාහරණයක් ලෙස ලංකාවේ උතුරු පලාත හා මධ්‍යම කඳුකරයේ විවිධ පලාත් වල දෙමළ ජනවර්ගයක් ජීවත් වන අතර එය අහඹු ව්‍යප්තියක් ලෙස හැඳින්විය හැක. තවද ලංකාවේ අභ්‍යන්තර තැන්න, වෙරළ බඩ තැන්න හා මධ්‍යම කඳුකරයේ හා නැගෙනහිර පලාත් බදව සිංහල නම් ජනවර්ගයක් ඒකාකාරී ව්‍යප්තියක් දක්වමින් ජීවත් වන අතර අක්‍රමවත් ව්‍යාප්තියක් දක්වමින් මුස්ලිම් නම් ජනවර්ගයක් සෑම නාගරික පෙදෙසකම සරු බිම් කොටස් අල්ලා ගනිමින් ජීවත් වේ.
එක්තරා ප්‍රෙද්ශයක ජීවත් වන්නා වු ද පැහැදිලි ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි මගින් එකිනෙක සමඟ අන්තර් සම්බන්ධතා පවත්වන්නා වු ද ගහන සියල්ල ප්‍රජාවක් (Community) ලෙස අර්ථ දැක්වේ. මෙම ප්‍රජාවකට මිනිස් ඇසට පෙනෙන හා නොපෙනෙන සත්ත්ව හා ශාක ගහන අයත්වේ.
ප්‍රජාවක ඇති ගහන අතර කිටිටු අන්තර් සබඳතා පවතින අතර එවායින් පෝෂණය හා සම්භන්ධ විලෝපනය (Predation),පරපොෂීතාවය (parasitism),සහජීවනය (Symbiosis), සහභෝජීත්වය (commensalism), තරඟය  (comptition) යන ඒවා ප්‍රධානවේ.
පරිසර පද්ධතියක් (Ecosystem)ලෙස හැඳින්වෙනුයේ යම් ප්‍රෙදේශයක සිටින සියළුම ජීවීන්ද ඒ ජීවීන් සමග අන්තර් ක්‍රියා දක්වන එම ප්‍රෙදේශගත අජීවී පරිසරයද ඇතුළත් ක්‍රියාකාරී ඒකකයයි. පෘථිවිය මත වෙසෙන සියලු ම ජීවීනුත් ඔවුන් සමඟ අන්තර් ක්‍රියා කරන අජෛව පරිසරයත් එක්ව තැනෙන අති විශාල ක්‍රියාකාරී පද්ධතිය ජෛව ගෝලය(Biosphere) ලෙස හැඳින්වේ.ජෛව ගෝලය තුල එක් විශේෂයකට අයත් ජවීන් පමණක් සිටීමෙන්, උදාහරණ ලෙස පුර්ණ වශයෙන්ම වඳවීමකට ලක්වු ඩයිනසොරයන් මෙන් සමස්ථ පරිසර පද්ධතියමද ඒ හරහා සමස්ථ මානව ප්‍රජාවම වඳවීමේ අනතුරකට මුහුණ පෑමට සිදු වනු ඇත. චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව ස්වාභාවික වරණය අනාගතයේ යම් මොහොතක මානව වර්ගයාගේ පැවැත්ම තීරණය කරන අවස්ථාවක එක් ජීවී විශේෂයක ජාන පමණක් ප්‍රමුඛව තිබීම මානව වර්ගයාගේ පැවැත්ම ජෛව ගෝලය තුලින් තුරන් කිරීමට ඉවහල් වනු ඇත.
තුෂංග හේරත්

විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල

0 comments:

Post a Comment