December 22, 2016

ඔබ මේවා ගැන දන්නවා ද

ලාංකීය ජන සමාජය දේශීයත්වය කෙරෙහි නැඹුරු වෙමින් පවතින යුගයක දේශීය වෛද්‍ය ක්‍රමය නැවත ජනතාව අතරට ගෙන යැමේ අරමුණින් නීරොගීමත් ජීවිතයක් උදෙසා ඖෂධීය ශාක හදුනා ගැනීමට අවශ්‍ය බොහෝ කරනු මෙමගින්  ඉදිරිපත් වේ.

ඖෂධීය ගුණැති වට්ටක්කා

වට්ටක්කා බොහෝ ගුණ ඇති ඉතා රසවත් එළවළුවකි. මෙහි පිෂ්ඨය වැඩියැයි සිතුන ද මෙහි ඉතා අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත වේ. භාෂ්මීය ගුණය ඇති නිසා උදරයේ ඇති ආම්ලිකතාවය අඩු කිරීමත් කුස පුරවා බඩගින්න නැති කිරීමටත් ඉවහල් වේ. පොටෑසියම් ,පොස්පරස් , වැනි ලවන වර්ගත් A,C,E,K වැනි විටමින් වර්ගත් මේද , ප්‍රෝටීන හා ප්‍රති ඔක්සිකාරක අඩංගු වේ. සිංහල වෙදකමේ වට්ටක්කා කොළ , ඵල,වැල යන සියළු කොටස් විවිධාකාර රෝග සදහා භාවිතා කරයි.

          වට්ටක්කා ඇට ද ඉතාම ඔෂධීය ආහාරයක් වන අතර තායිලන්තය වැනි රටවල විකිණීමට පවා තිබෙන අතර ලාංකාවේද සුපිරි වෙළදසැල්වලද අලෙවි කරනු ලබයි.
v විලුඹ ඉදිමීම සදහා
v හන්දි පැනීම සදහාලේ විස ඉවත් කිරිම සදහා
v මතක ශක්තිය වැඩි කිරීමට
v යටිපත්ල හිරි වැටීමට
v ළමුන්ගේ පෙනීමේ දුර්වලතාවට
v ලේ පිරිසිදු කිරිමට

රස ගුණ පිරි මුරුංගා


විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වන බවත්, මුරුංගා කොළ යුෂ කෝප්පයක් බීමෙන් සිරුරට ලැබෙන ශක්තිය කිරි කෝප්ප 80කි. දොඩම් ගෙඩි 06කි. කෙසෙල් ගෙඩි 08ක් සහ අඹ කිලෝ 8 2/1ක් තුළින් ලැබෙන ශක්තියට සමාන බව කියති. මුරුංගා කොළ යුෂ බාල, තරුණ, මහලු කාටත් ගුණදායක බීමකි. කොළ මැල්ලුමද ජනප්‍රිය කෑමකි. මුරුංගා කොළ කොටා මිරිකා ගත් යුෂ කෝප්පයකට කිරි මිශ්‍ර කළ විට රසවත් බීමක් සැකසෙන බවත් එය සෙඛ්‍යයට බෙහෙවින් හිතකර බවත් කියති. මේ හැර අස්ථිවල වැඩීමටත්, ලේ පිරිසිදු කිරිමටත් ප්‍රතිශක්තිකරණ ගුණය සිරුර තුළ පවත්වා ගැනිමටත් ඒවා උපකාරි වෙයි.
ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග ලැබේ. එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කර දරුවෙකු බිහි කිරිමට මග පාදන බව ද කියති. ඉන්දීය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුරුංගා ඖෂධයක් ලෙසින් සැකසීමට ඔවුහු පුරුදු වී සිටිති.

v කොණ්ඩය යාම නතර වීමට
v යකඩ ඌණතාවයට
v හන්දිපත් කැක්කුමට
v ආර්තව දෝශ සදහා
v දරුවන්ගේ ශක්තිය වර්ධනයට
v මතක ශක්තිය වර්ධනයට
v හන්දි පැලීමට
v ඔස්ටිය පොරෝසීස් නැති කර ගැනිමට
v දත් හිරි වැටීමට
v ගැස්ට්‍රයිටීස් සදහා
v දරුඵල වර්ධනයට

ඖෂධීය ගොරකා

GUTTIFERAE කුලයට අයත් ගොරකා හි උද්භිද විද්‍යාත්මක නාමය Garchinia Cambogia වේ. ලංකාවේ වැවෙන ගොරකා ප්‍රභේද 3 කි. ඒවා නම්,මළ ගොරකා , රතු ගොරකා ,එල ගොරකා වන අතර . රතු ගොරකා හා එල ගොරකා වර්ග දෙකම කෑමට ගන්නා අතර  රතු ගොරකා ඉදුණු විට රතු - තැඹිලි පැහැ වන අතර මදය තද රතු පැහැතිය. එල ගොරකා ඉදුණු විට කහ පැහැ වන අතර මදය සුදු පැහැතිය. මළ ගොරකා "ගස් ගොකටු" හෙවත් කොකටිය ලෙස හදුන්වනු ලබයි. සැහැල්ලු, උෂ්ණ , බඩගිනි ඇතිකරවන රස කාරකයක් වන මෙය, හදවතට හිතකරය. කැඩුම් බිදුම් වෙදකමටද භාවිත කරයි. උගුරේ අමාරුවට සහ උදරයේ අජිරණ වලට ඖෂදයක් ලෙස භාවිත කරනු ලබයි.ලංකාවේ තෙත් , අතර මැද කලාප වල සහ වියලි කලාපයේ වනාන්තර සහිත කදුවල ගොරකා ගස් දැකිය හැකිය. 

ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාශ බිත්තියේ ඇති ශ්ලේෂ්ම පටලය ආරක්ෂා වන අතර ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු කිරිමයි.
Ø කොලෙස්ටරෝල් පාලනයට
Ø බර අඩු කර ගැනීමට
Ø මහත අය කෙට්යු වීමට
Ø අර්ශස් පාලනයට
Ø සීනි පාලනයට

ගුණයෙන් පිරි සුදුපොල්තෙල්

පොල්තෙල් වල සංතෘප්ත මේදය විශාල වශයෙන් අඩංගු වන අතර එහි ඇති lauric acid  මගින් වෛරස ආසාදන ඇති වීම වළක්වයි. පොල් තෙල් අත්‍යවශ්‍ය මේද අම්ල හා විටමින් E වලින්  පොහොසත් වන අතර තෛරොයිඩ් ග්‍රන්ථියටත් මෙය ඉතා වැදගත් වේ. එබැවින් සුදු පොල්තෙල් භාවිතය පහත සදහන් රෝග නිවාරණයට ඉවහල් වේ.
·        කොණ්ඩය යනවාට
·        හිස රදයට
·        බඩ අඩු කර ගැනීමට
·        කිරි ඉන්නනට
·        කොරල
·        හිස් හොරි සදහා
·        තැල්මට
·        සම වියලිමට
·        කළුලප
·        කෙස් වැඩිමට


උපුටා ගැනිම
mahamegha.lk  www.rivira.lk
 http://ccs.infospace.com

attammageathbeheth.blogspot.com

0 comments:

Post a Comment