December 30, 2016

දියවැඩියාව පරාජයට මිනිත්තුවක ව්යාියාමයක්!

දිනකට මින්ත්තුවක් ව්‍යායාම කිරිමෙන් දියවැඩියා රෝගය වළකන්නට හැකි බව පර්යේෂකයෝ කියති. බ්‍රිතාන්‍යයේ බාත් සරසවියේ පර්යේෂකයන් පවසන ආකාරයට සතියකට තුන් වතාවක් ව්‍යායාම පා පැදියෙන් කෙටි වේලාවක්, වේගයෙන් පැදවිමෙන් 2වැනි වර්ගයේ  දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරිමේ හැකියාව සහ එම රෝගය වැළදිම වළකන්ට හැකිය.

මේ පර්යේෂණය සඳහා බාත් සරසවියේ පර්යේෂකයන් යොදා ගෙන ඇත්තේ ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වු දියවැඩියා රෝගින් පිරිසකි. තත්පර 20 බැගින් දිනකට දෙවතාවක් සතියකට තුන් වරක් ව්‍යායාම පා පැදි පදින ලෙස පර්යේෂණයට ඉදිරිපත් වු දියවැඩියා රෝගින්ගෙන් ඉල්ලා ඇත.

මේ ආකාරයට එම රෝගින් සති හයක් ක්‍රියා කල පසු  ඔහුගේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය සියයට 28කින් වර්ධනය වී ඇති බව බාත් සරසවියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන්ට දැක ගන්නට ලැබි ඇත. දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය ඇති වන්නේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය අඩු විම නිසා  ලේවල සීනි මට්ටම භායානක මට්ටමට ඉහළ ගිය විටය. බොහෝවිට මේ තත්ත්වය ඇති වන්නේ ව්‍යායාම වලින් තොර එක තැන වාඩිවි සිටින පුද්ගලයන්ටය.

මේ තත්ත්වය හෘදයට, වකුගඩු වලට ,ඇස් වලට සහ අත් පාවලට ජිවිත තර්ජනාත්මක සංකිර්ණතා ඇති වන්නට හේතුවිය හැකිය.එබදු සංකිර්ණතා ඇති වන්න වු රෝගියකුට ප්‍රතිකාර කිරිමට සහ රැකබලා ගැනිමට බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයට පැයකට පවුම් මිලියනයක් වැය වෙන බවද වාර්තා වේ.

නිත්‍ය වශයෙන් ව්‍යායාමවල යෙදිම ලේවල සීනි මට්ටම පහළින් තබා ගැනිමට උපකාරි වේ. එහෙත් කාර්යබහුල ජිවිත රටාවක් සහ පෙලඹීමේ අඩුව නිසා ජනගහනයෙන් සියයට 66 ක් නිර්දේශිත සතියකට මිනිත්තු 30 වාර පහේ මැදිහත් ව්‍යායාමවල නොයෙදෙන බව ද බාත් සරසවියේ පර්යේෂකයෝ පවසති.

මේ පර්යේෂන කණ්ඩායමේ නායකත්වය දරන්නේ දොස්තර නීල්ස් වොලාඩ්ය. අපේ මස්පිඩුවල සීනි ගබඩා තිබෙනවා  ඒ ගබඩා වලට කියන්නේ ග්ලයිකෝජින් ඇත්තේ ව්‍යායාමවල නිරත විමෙන් පසු මේ ගබඩා නැවත පුරවා ගැනිම සඳහා මස්පිඩු වලට ලේ වලින් සීනි ලබා ගත යුතුය. දොස්තර වොලාඩ් කිවේය.

තවදුරටත් කරුණු පැහැදිලි කරන දොස්තර නීල්ස් වොලාඩ් මෙසේ පවසා තිබිණි. ක්‍රියාශිලි නැති මිනිසුන්ගේ මස්පිඩුවලට මේ ආකාරයට සීනි ලබා ගැනිමේ අවශ්‍යතාවක් නැත. මෙය ඉන්සියුලින් සඳහා දුර්වල සංවේදිතාවක්,ලේවල සීනිවල ඉහළ මට්ටමක් සහ අවසානයේ 2වැනි වර්ගයේ දියවැඩියාවක් ඇති වන්නට හේතු වෙනවා .


වේගවත් කෙටි පා පැදි පුහුණුවකින් ඉන්සියුලින් සංවේදිතාව වර්ධනය කළ හැකි බව අපි දැනටමත් දනිමු.එහෙත් අපට ව්‍යායාමවල යෙදිමේ වාර කෙටි සහ පහසු කළ හැකි දැයි සොයා බලන්නට වුවමණා වුණා. මෙම අධ්‍යනයේදි ව්‍යායාම පාපැදිවලට ප්‍රතිරෝධය ( පාපැදියේ පැඩල පෑගිම තද බව ) ශිඝ්‍රෙයන් වැඩි කල හැකි විය. ඒ නිසා පර්යේෂණය සඳහා ස්වේච්ජාවෙන් ඉදිරිපත් වු අයට සාමාන්‍ය පා පැදියක් පැදිමේ දි කළ නොහැකි ආකාරයට, වඩා වැඩි තීව්‍රරතාවයකින් කෙටි වේලාවක් ව්‍යායාමවල යෙදෙන්නට හැකි විය.


වෙහෙසකින් තොර උණුසුම් විමක් සහ සිසිල් විමක් සමග එක් ව්‍යායාම වාරයක් සඳහා ගතවන මුළු කාලය මිනිත්තු දහයක් පමණ විය. අප අධ්‍යනයේදි භාවිතා කරන ලද වේගයෙන් කෙටි වේලාවක් ව්‍යායාම පා පැදි පැගිමට වඩා ග්යිකොජන් භාවිතයට මස්පිඩු යොමු කර ගැනිමේ ඉක්මන් සහ පහසු කිසිදු වෙනත් ක්‍රමයක් පිළිබද අපි නොදන්නෙමු දොස්තර වොලාඩ් පැවසිය.

සාමාන්‍ය මැදිහත් ව්‍යායාමයක දි පැයක කාලයක් ඇතුළත පාවිච්චියට ගන්නා ප්‍රමාණාත්මක ග්ලයිකෝජන් ප්‍රමාණයක් තත්ත්පර විස්සක් ඇතුළත වේගයෙන් ව්‍යායාම පා පැදියක් පැදිමෙන් පාවිච්චියට ගැනිමට මඟ පාදන්නට හැකි වුණා, දොසුතර වොලාඩ් තවදුරටත් පැවසිය. ඔහු මෙසේ ද පැවසිය.මෙය සම්පුර්ණයෙන්ම අලුත් ක්‍රමයක් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනිම සඳහා මේ පහසු සහ කෙටි වේලාවක ව්‍යායාම වැඩසටහන මෙන් වැඩසටහනක් කිසිවෙකු කිසිදා සොයා ගෙන නෑ.

මේ මොහොතේ මෙය සිදු කර ඇත්තේ පර්යේෂණාගාර මට්ටමේ පමණයි. එහෙත් ශාරිරික ව්‍යායාම ශාලාවක් තුළ මෙය සිදු කළ හැකිය. පා පැදියක් නිර්මාණය කිරිම පහසු කාර්යයක් වනු ඇත. මේ ව්‍යායාම කුමය අවශ්‍ය නම් වැඩ කරන ස්ථානයේ වුව සිදු කළ හැකිය. කෙටි වේලාවක් වේගයෙන් ව්‍යායාම පා පැදියක් පෑදිමෙන් බොහෝ කැලරි ප්‍රමාණයක් වැය නොවන නිසා මේ ව්‍යායාම ක්‍රමය බර අඩු කිරිමට සුදුසු නැත. එහෙත් මේ නව ක්‍රමය මඟින් සාමාන්‍ය නිරෝගි බවේ වර්ධනයක් පෙන්වා ඇත.

 European Journal Of Applied Physiology නැමති සඟරාවේ මෙම පර්යේෂණය පිළිබද අධ්‍යයන වාර්තාව පල කර ඇත.දැන් මෙම අධ්‍යයනයට ස්වේච්ජාවෙන් ඉදිරිපත් වන දියවැඩියා රෝගින් වඩා වැඩි ගණනකට සහභාගි වි ව්‍යායාම වාරය තවදුරත් කෙටි කර ගැනිමට හැකි දැයි නිශ්චය කර ගැනිමට හැකි වන සේ අධ්‍යන කාලය තව දුරටත් දිර්ඝ කර ඇත.මෙම නව ව්‍යායාම ක්‍රමයත් සමඟ නිසි ආහාර පාලනයක් සහ පිළිවෙළකින් යුතු ජිවන රටාවකක් අනුගමනය කිරිමෙන් 2වැනි වර්ගයේ ඉදියවැඩියාව වඩා හොදිනු පාලනය කර ගැනිමට හැකි වනු ඇතැයි බාත් සරසවියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෝ  විශ්වාසය පල කරති


උපුටා ගැනීම - ඩේලිමේල්

0 comments:

Post a Comment