December 30, 2016

ජීව විද්‍යාව අප හැදෑරිය යුත්තේ ඇයි?




ජෛවීය විවිධත්වය පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා:- ලෝකයේ භෞමික කරදිය හා මිරිදිය සියළුම පරිසර පද්ධති වල ජීවත් වන සියළුම ජීවීන් තුල පවතින විචලතාවය ජෛව විවිධත්වය ලෙස හඳුන්වයි. පෘථිවියෙහි ජීවීන් බිහිවූයේ අදින් වසර මිලියන 3500කට පමණ පෙර වන අතර පෘථිවිය තුල ජීවය අද දක්වාම අඛණ්ඩව පවතී. මේ වන විට මිහිතලය මත ශාක හා සත්ව විශේෂ මිලියන 30ක් පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් තරම , හැඩය , අකාරය සහ ව්‍යාප්තිය අනුව විවිධ වේ.
තරම අනුව:- බැක්ටීරියාවන් 0.25µm-2µm පමණ වේ. එසේම යෝධ Redwood ශාකය 100m පමණ උස වේ.
හැඩය අනුව:- ජිවීන් හැඩයෙන් විවිධාකාර වේ.
ආකාරය අනුව:- සමහර ජීවීන් ඒක සෛලික වන අතර සමහර ජීවීන් බහුසෛලික වේ. ඇමීබා ඒක සෛලික ජීවියෙකු වන අතර මිනිසා බහු සෛලික ජීවියෙකි.
ව්‍යාප්තිය අනුව:- ජීවීන් භෞමික වාසී , ජලජ වාසී , රුක්වාසී ආදී වශයෙන් විවිධාකාර වේ.
            මිනිස් සිරුර සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධ කර ගැනීමට:- මිනිසාගේ සිරුර තුල පවතින අවයව හා පද්ධති වල ව්යුහය හා ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් විවිධ පද්ධති අතර පවතින අන්තර් සම්බන්ධතාවය සහ මිනිස් සිරුරේ සංවිධානය පිළිබඳ පුළුල් දැනුමක් ජීව විද්‍යාව හැදෑරීම තුලින් ලබා ගත හැක.
පරිසරය හා ස්වාභාවික සම්පත් කළමණාsකරණය සඳහා:- ලෝකයේ පවතින ස්වාභාවික සම්පත් ප්‍රමාණය ඉතා සීමිතය. නමුත් ජනගහණය සීඝ්‍රයෙන් වර්ධනය වේ. ඒ හේතු කොටගෙන ස්වාභාවික සම්පත් හීනවී යාමේ අවධානමක් පවතී. මේ නිසා ස්වාභාවික සම්පත් නිසි කළමණාකරණයකින් භාවිත කළ යුතුය. ඒ සඳහා ජීව විද්‍යාත්මක දැනුම අත්‍යාවශ්‍යවේ. 
එසේම මිනිසා හා පරිසරය අතර පවතින අන්තර් සම්බන්ධතාවය හේතුකොටගෙන මිනිසා විසින් පරිසරයට එල්ල කරන බලපෑම් නිසා පරිසර අර්බුද ගණනාවක් පැන නැඟී ඇත.
1.
වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යෑමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම.
2.
ඕසෝන් වියන තුනී වීම
3.
අම්ල වැසි ඇතිවීම
4.
ගංඟා හා භූගත ජලය අපවිත්‍ර වීම.
මෙම අර්බුධ වලට විසඳුම් සොයා ගැනීමට ජීව විද්‍යාත්මක දැනුම ඉතා ප්‍රයෝජනවත් වේ.
තිරසාර ආහාර නිෂ්පාදනය සඳහා:- වත්මන් ජනගහණය බිලියන 7ක් පමණ වන අතර එය අවුරුදු 40ක පමණ කාලයකට පසු දෙගුණ වෙතැයි අපේක්ෂා කරයි. වත්මන් ජනගහණ වර්ධන වේගයට අනුව සෑම තත්පරයකට වරක්ම පුද්ගලයින් තිදෙනෙකු ලෝකයට එක්වේ. මෙම විශාල මානව ගහණය නඩත්තු කිරීමට තිරසාර ලෙස ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතුය. ඒ සඳහා
=> වැඩි අස්වැන්නක් ලබාදෙන සත්ව හා ශාක ප්‍රභේද නිෂ්පාදනය
=>
රෝග සඳහා ප්‍රතිරෝධී ප්‍රභේද නිපදවීම
=>
දියුණු පසු අස්වනු ක්‍රම භාවිතය වැනි දෑ සිදු කළ යුතුය. මේ සියළු අභියෝග ජයගැනීමට ජීව විද්‍යා දැනුම අවශ්‍ය වේ.
රෝග වලට හේතු සහ ඒවායේ බලපෑම් අවම කර ගැනීම සඳහා:- ඌන සංවර්ධිත රටවල වසරකට මිලියන 3කට අධික සංඛ්‍යාවක් මැලේරියාවෙන් මියයයි. AIDS රෝගය ලෝකය පුරාම පැතිරෙමින් පවතින සෞඛ්‍ය ගැටළුවකි. බෝ නොවන රෝගයක් වන පිළිකා පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් තවමත් ලබාගෙන නොමැත. සමහර රටවල පුද්ගල මරණ වලට ප්‍රධාන හේතුවක් වන්නේ පිළිකායි. මෙවන් රෝග වලට හේතු සෙවීමට සහ ඒවා මර්ධනය කිරීමට ජීව විද්‍යා දැනුම අත්‍යාවශ්‍යවේ.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
හොරණ පාර, ගලගෙදර, 
පාදුක්ක.





0 comments:

Post a Comment