December 27, 2016

ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු ලැබීමේ වඟකීම කාටද?

 

මාතෘ හා පීතෘ ජන්මානු සංසේචනයේදී  ලිංග වර්ණ දේහ එක්වන ආකාරය    අනුව ලිංගය නීර්නය වන බව ඔබ දන්නවාද?

මිනිස් දේහ සෛලයක  වර්ණ දේහ 46 ක් එනම් යුගල් 23 ක් පවතී. ඉන් යුගල් 22ක් අලිංග වර්ණ දේහ හෙවත් දෛහික වර්ණ දේහ වන අතර  ඉතිරි වර්ණ දේහ යුගළය  ලිංග වර්ණ දේහ වේ.

ස්ත්‍රීන්ගේ  ලිංග වර්ණ දේහ යුගලය එක සමාන වර්ණ දේහ වලින් යුක්ත වන අතර ඒවා X වර්ණ දේහ ලෙස හැදින්වේ. පිරිමින්ගේ ලිංග වර්ණ දේහ යුගලය එකිනෙකට වෙනස් වර්ණ දේහ වලින් යුක්ත වන අතර ඒවා X හා Y ලෙස හැදින්වේ. Y වර්ණ දේහය X වර්ණ දේහයට වඩා කුඩාය. නමුත් පිරිමින්ගේ X වර්ණ දේහය කාන්තාවන්ගේ X වර්ණ දේහයට සමානවේ.

ඩිම්බ මාතෘ සෛලවලින් ඩිම්බ ඇතිවේ. ශුක්‍රධර නාලිකා තුළ ඇති ශුක්‍රාණු මාතෘ සෛලවලින් ශ්‍රක්‍රාණු ඇති වේ. ඩිම්බ මාතෘ සෛලවලින් හා ශුක්‍රාණු මාතෘ සෛලවලින් ඩිම්බ හා ශුක්‍රාණු සැදීමේදී ඌනන විභාජනය සිදුවේ. ශුක්‍රාණුවක හා ඩිම්බයක අලිංග වර්ණ දේහ 22ක් බැගින් පවතී. ඩිම්බ වල X ලිංග වර්ණ දේහ පමණක්ද ශුක්‍රාණු වල X ලිංග වර්ණ දේහ හෝ Y වර්ණ දේහ පිහිටයි.  


 XX මඟින් ගැහැණු දරුවකුද XY මඟින් පිරිමි දරුවෙකුද හට ගනී.  පිරිමි දරුවකු හෝ ගැහැණු දරුවෙකු ලැබීමේ සම්භාවිතාව 50% කි. මෙහිදී පැහැදිලි වන කරුණ වන්නේ පිරිමි දරුවකු බිහි කිරීමට අවශ්‍ය වන සාධක ලැබෙන්නේ පියාගෙන් බවයි.

සකස් කලේ: හංසනි ලුණුවිල, විද්‍යා හා තාක්ෂණ නිලධාරි, මාලිම්බඩ


0 comments:

Post a Comment