December 29, 2016

ගැඩවිල් පොහොර

ගැඩවිලා යනු දිරායන ශාක හා සත්ව කොටස් මත යැපෙන සත්වයෙකි. සරු පරිසර පද්ධති තුල උඩු පසේ බහුලබ දැකිය හැකි සත්වයෙකි ගැඩවිලා ඉතාමත් ලාබදායි මෙන්ම ශ්‍රමය අඩුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි තාක්ෂණයක් වේ.

මෙහිදි භාවිතා වන්නේ සදාගත් ඇටවුමක් තුල දිරායන ශාක හා සත්ව කොටස් ඉතා සරු පොහොරක් බවට පත්කරන ක්‍රම වේදයකි.රුපයේ දක්වා ඇති අයුරින් ගඩොල් කැබලි, පස්, ගොම පොහොර, ගැඩවිල් පනුවන්, ගොම පොහොර, කාබනික ද්‍රව්‍ය කොම්පෝස්ට් වලින් බදුන පිලියෙල කර ගන්න. මේ බදුන සදහා ගැඩවිලන් 50 දෙනෙකු පමණ එක් කරගත යුතුය. දිනකට වතුර කොප්ප  1/2 ක් පමණ පද්ධතියම තෙත් වෙන තෙක් යොදන්න. පලමු දින 15 දි කරාමයෙන් පිටවන ජලය භාවිතයට නොගෙන ඉවත් දැමීමට අවශ්‍යය. ඉන්පසු ලබා ගන්නා ජලය පොහොර ලෙස භාවිතා කරන්න

ජේ ඒ ඒ පි ජයසිංහ
විද්‍යා තාක්ෂණ නිළධාරි
ජා-ඇල

0 comments:

Post a Comment