December 30, 2016

මැමත් සත්වයින් ක්ලෝනීකරණය කිරීමට නව විද්‍යාගාරයක් පිහිටුවයි.

         වසර දහස් ගණනකට පෙර වදවී ගිය මැමත් සත්වයකුගේ පැරණි පොසිලයක් සොයා ගැනීමට සයිබීරියා විද්‍යාඥයින්ට මීට වසර කිහිපයකට ඉහතදී හැකිවුනා. ඔවුන් දැන් එම පොසිලයේ ඇති ඩීඑන්ඒ භාවිතා කරමින් ජීවමාන මැමත් සත්වයෙක් ක්ලෝනීකරණය කිරීමට වෙහෙසෙනවා. ලොව සීතලම නගරයේ පිහිටා ඇති එම අලුත් විද්‍යාගාරය තුල පර්යේෂණ පවත්වන විද්‍යාඥයින්ගේ ඒකායන අරමුණ වන්නේ ආරක්ෂා වී පවතින මැමත් සත්වයාගේ පොසිල වලින් සජීවී සෛලයක් වෙන්කරගෙන ජීවමාන මැමත් සත්වයෙක් නිර්මාණය කිරීමයි.


                     මැමත් යනු මීට අවුරුදු 10000 කට පමණ ඉහතදී වදවී ගිය බවට විශ්වාස කරන, නූතන අලියාට නෑකම් කියන සත්වයෙකි
චීනයේ  බීජින් වල ජාන විද්‍යස්ථානය සහ දකුණු කොරියාවේ සෝම් සමාගම සුනඛයින් ක්ලෝනීකරණය කිරීමේ අංශයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. වාර්තා වන පරිදි, මෙම පර්යේෂණය සදහාද ඔවුන්ගේ සහයෝගය ලැබීමට නියමිතයි.


                    අවුරුදු දහස් ගණනක් පුරාවට ආරක්ෂා වී පැවති පොසිලයකින් ලබාගත් කුඩා ජීව්‍ය ඩීඑන්ඒ එකකින් කිසිදා සිදු නොකරනු ලැබූ මෙවැනි ක්ලෝනීකරණයක් සිදු කිරීම නම් සැබැවින්ම අභියෝගයක් වනවාට කිසිදු සැකයක් නැහැ.

නමුත් ඉදිරි අවුරුදු කිහිපය ඇතුලතදී  වඩාත් හොදින් ආරක්ෂා වී පවතින නිදර්ශකයක්  සොයා ගැනීමට හැකි වුනොත් මෙම ක්ලෝනීකරණය ඒකාන්තයෙන්ම සිදුකල හැකියි යන  සර්ව සුබවාදී සිතුවිල්ලකින් ඔවුන් පසුවෙනවා.


අන්තර්ජාලය ඇසුරිනි.

0 comments:

Post a Comment