December 26, 2016

නිරෝගී ජාතියකට විද්‍යාවෙන් දේශීයත්වයට පියනගමු

ශ්‍රී ලංකාවේ දේශීය ඥාණය මත පදනම්ව කටයුතු කිරීමට කාලය උදාවී ඇති බවට වර්තමානයේ දක්නට ලැබෙන අත්දැකීම් හා තොරතුරු අධ්‍යයනය කිරීමේදී,දක්නට ලැබෙන්නේය .මිනිසාගේ ජීවිත කාලය කෙටිකරන  ක්‍රමවේදයන් මිහිතලය මත අසුභ දසුන් මවමින් මිනිසා ලෙඩුන් බවට පත්කරමින් සිටින්නේය. ඒ අතර වකුගඩු රෝග, කොලස්ටරෝල්, දියවැඩියාව බෝ නොවන එහෙත් ජීවිත විනාශ කරන රෝග කාරකයන් බවට පත්වී තිබේ. මේ ක්‍රියාදාමයට මුහුණ දිම අනාගත පරපුරට අභියෝගයක් වී තිබේ.

අනාගතයේ වාරි තාක්ෂණයට අපේ පැරැණ්නන් දැක්වූ දක්ෂතාවය රටපුරා ඇති ලොකු කුඩා වාරි ශිෂ්ඨාචාරය නිරීක්ෂණය කිරීමෙන් දැකගත හැකි වේ. මෙවන් වූ ශිෂ්ඨාචාරයක විද්‍යාත්මක බව පරාක්‍රම සමුද්‍රය ඉදිකිරීම් තුළින්ද කලාවැවේ සිට අනුරාධපුරය දක්වා යෝධ ඇළ නිර්මාණයෙන්ද අතීත වාරි තාක්ෂණයේ විද්‍යාත්මක බව මනාවට කියාපායි. මේ තුළ අපේ දේශීය කෘෂි තාක්ෂණය කෙරෙහි ලක්මවගේ දරුවන් නගා සිටුවන්නට ක්‍රියාකල  ආකාරය මැනවින් කියාපාන්නේය. මේතුල නිරෝගී ජාතියක් බිහිකිරීමට  උපයෝගී කරගත්  ආහාර රටාව අපට ඉතාමත් වැදගත් වන්නේය.  වසර සිය දහස් ගනනක් පැරණි ආයුර්වේදය තුල මෙන්ම පාරමිපරික වෙදකමෙන් ද අපේ දේශීය  සහල්වල ඇති ඖෂධීය වටිනාකම පෙන්වා දී තිබේ . අපේ මුතුන් මිත්තන් එදා වී වර්ග  දහස් ගනනක්  වගාකලේය.ඉන් වී වර්ග 1500 ක් පමණ මේ වන විට හදුනාගෙන තිබේ. ඒවායේ රසය, සුවඳ, ඖෂධීය ගුණය,වර්ණය ,අස්වැන්න ලැබෙන්නේ ප්‍රදේශයෙන්  ප්‍රදේශයට වෙනස්වය . ඒ නිසා ඒවා අනුභවය තුල අපේ මුතුන් මිත්තන් ඉතා නිරෝගීමත් ජාතියක් විය . මේවා වැඩිදියුණු කරන ලද සහල් වලට වඩා පෝෂණීය ගුණයෙන් වඩාත් වැඩිය.

                   කළුබාල වී , පච්චපෙරුමල් ,දහනළ , රතුහීනටි , කට්ටමංජල් ,වැනි සහල්වල යකඩ හා ප්‍රෝටීන වැඩිපුර අඩංගු විය. කළුබාල වී ,පච්චපෙරුමල්, රත්සුවදැල්, කළුහීනටි යන සහල්වල ඉතා ඉහල ඔක්සිකාරක ගුණයෙන් යුක්ත විය.

සුවඳැල්, දික් වී, මසුරන්,ගෝණබරු රතුහීනටි වැනි සහල් වර්ග දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු වේ. තවද ගොඩ හීනටි, සුදුහීනටි, මසුරන් සහ දික්වී පිළිකා නාශක ගුණයෙන්ද යුක්ත බවද, එමෙන්ම ප්‍රති ඔක්සිකාරක ගුණය වැඩිය.අහිතකර විස නැසීමේ ගුණයද පවතින බව පවතින බවට පර්යේෂණ තුළින් ඔප්පු වී තිබේ.
දියවැඩියාව, කොලස්ටරෝල්, හෘද රෝග වැනි රෝග කාරක ඇති කරන සෛල අභ්‍යන්තරයේ නිපදවන විෂකාරකයන් නසන ගුණය අපේ පාරම්පිරික සහල් වලින් ලබා ගත හැකි ය. මේ අතරින් පාරම්පරික සහල් වර්ග කිහිපයක ඇති ඖෂධීය වටිනාකමද පහත ලෙස දැක්විය හැකිය.

මාවී      -             දියවැඩියාව, මල බද්ධය, තරබාරු බව නැතිකිරීමට ද, කාය වර්ධනය, හා ශත්තිය වැඩි කර
                          ගැනීමටද ඉවහල් වේ.
සුවඳැල් -            ශරීර වර්ධනයට, කටහඩ මිහිරිවීමටද, උපකාරී වේ.බහිස්‍රාවය ක්‍රමවත් කිරීමත්, දියවැඩියාව
                         පාලනයටද උපකාරීවේ.
කළු හීනටි -        කාය ශක්තිය වර්ධවනයට හා ශරීර ගත විෂ නැසීමට ද සුදුසු වේ.
රත් සුවඳැල් -     ශරීරය සැහැල්ලුවට හා සිසිල්ව තැබීමට බහිස්‍රාවී ක්‍රියාවන් පාලනයටද සම නිරෝගීමත්               කිරීමටද ඉවහල් වේ.
පච්චපෙරුමාල් - මුත්‍රා රෝග සමනය කරයි. ශක්තිජනකය, රුධිරය පිරිසිදු කරයි. මනා ශාරීරික පැවැත්මක් ඇතිකරයි.
මඩතවාළු -         දියවැඩියාව පාලනයටත්, වාත , පිත්, සෙම් රෝග සඳහාත් සුදුසු වේ.
හැට දා වී  -         මල බද්ධය පාලනයටත් ශරීරයේ,සෘජු බව ඇති කිරීමත් හේතු වේ.
දහනල     -         වකුගඩු , පිළිකා, ප්‍රමේහය රෝග සඳහා සුදුසු වේ.
 පොක්කාලි -      දියවැඩියාව පාලනයට, ස්නායු රෝග, සමේ රෝග සඳහා ද සුදුසු  ගුණයෙන්ද යුක්තය වාජීකරන ගුණයෙන් ද යුක්ත වේ.     
මෙවැනි  වී වර්ග පසුගිය දශක දෙකක පමණ කාලය තුළ සංරක්ෂණය කර ගත් ඒවා අතරින් කිහිපයකි. මෙය තෘණ කුලයේ ශාකයක් වන අතර ජන්ම භූමිය ඉන්දියාව , චීනය වන අතර අපේ රටේ වී(ගොයම්), සහල්, අරිසි ලෙස භාවිතා කරයි.
මේවා නවීන විද්‍යාවත් සමඟ  ගලපා ගන්නේ කෙසේදැයි අප මං පෙත් විවර කර ගත යුතුව ඇත.
                      
විදාතා සම්පත් මධ්‍යස්ථානය - වාරියපොළ

ඡායාරූප - අන්තර්ඡාලය ඇසුරින්

0 comments:

Post a Comment