December 29, 2016

හදවතේ සිදුරු ක්ෂණිකව වසාලන ගම් වර්ගයක්

හානි වූ නහර හෝ අවයව සදහා  ඉතා කඩිනමින් පිලියම් කල හැකි ක්‍රමයක් වේ නම් වෛද්‍යවරුනට  මෙන්ම රෝගීන්ටද එය මහත් අත්වැසිල්ලක් වනවාට කිසිදු සැකයක් නැත.
එහෙත් දැනට නහර හෝ පටක පිලියම් කිරීමේදී භාවිතයට ගන්නා රසායනික සංයෝගයන් තුල විවිධ අක්‍රමිකතා බහුලව පවතී. එනම් විෂවීමේ හැකියාව, ඇදෙනසුළු ගතිය අඩුවීම හා තෙත සහිත පරිසරයකදී සිදුවන අක්‍රීයභාවය ඒ අතර ප්‍රධාන වේ. මේ ගැන අවධානය යොමු කල බොස්ටන් ළමා රෝහලේ විශේෂඥයින් මීට කදිම විසදුමක් හදුනාගෙන ඇත. මෙය නවතම ජෛවසංයුතික අලෙන සුළු ගම් වර්ගයක් වන අතර, ජීවී පටක සදහා මනාව ගැලපෙන ස්වාභාවිකව ජෛව හායනයට ලක්වන ඉතා පහසුවෙන් අබාධිත පටක සදහා ප්‍රථිවිරෝධීතාවයකින් තොරව හදුන්වා දිය හැකි යනාදී ගුණාංගයන්ගෙන් පරිපූර්ණ මෙය නමින් පොලිග්ලිසරෝල් සෙබකේට් ඇක්‍රිලේට් (Poly Glycerol Sebacate Acrylate(PGSA) ලෙස හැදින්වේ. පාරජම්බූල කිරණ හමුවේ සක්‍රීය වන මෙය තත්පර 5ක් වැනි කෙටිකාලයක් තුල හරස්බන්ධන සාදමින් ආවරණ පටලයක් ලෙස හැසිරේ. මෙය ජලප්‍රථිරෝදී, අලෝක සංවේදී, ඇලෙන සුළු ද්‍රව්‍යක් (Hydrophobic Light activated adhesive (HLAA ) ලෙස පර්යේෂකයන් හදුන්වයි.
හානිවූ පටකය මත (HLAA) (මෙය ඝන ජෙල් වර්ගයකි) පතුරවාහැර පසුව පාරජම්බූල ආලෝක කදම්බයක් ඒ මත වැටීමට සලස්වයි. එවිට තත්පර 5ක් වැනි කෙටි කාලයක් තුලදී ඒකාකාරීව පටලයක් ලෙස ක්‍රියාත්මක වෙමින් හානියට පත් වූ පටකය පිලිසකර කරනු ලබයි. මෙහිදී හානිවූ පටකයන් මැසීමකට අවශ්‍ය නොවේ. මෙසේ සෑදෙන පටලය ඉහල රුධිර පීඩනයක් හමුවේ හෝ පළුදුවීමකට ලක් නොවන, ජලරෝධික, නම්‍යශීලී ගුණාංගයන්ගෙන් සමන්විත බව පර්යේෂනයන්හිදී තහවුරු කරගෙන ඇත. දැනට මේ පිළිබද මූලික පරීක්ෂණ මීයන් යොදා සිදුකල අතර පසුව ඌරාගේ හෘදය ආශ්‍රයෙන් සිදුකල පර්යේෂණ වඩාත් සාර්ථක වී ඇත. මෙහිදී ඌරාගේ හෘත් කෝෂිකා අතර බිත්තිය (Interventricullar Septum) තුලවූ සිදුරු මෙම ක්‍රමය උපයෝගීකොටගෙන සාර්ථකව ආවරනය කල අතර සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බවත්, ශීර්ෂපෝෂී ධමනිය ආශ්‍රිතව වූ පලුදුවීම් ආවරණය කරමින් ලේ ගැලීම වැලැක්වීමටද සමත්ව ඇත.
පර්යේෂකයන්ගේ මතය අනුව මෙම රසායනිකයන්, රුධිරනාල ගතව මිශ්‍රවීමකදී සංකූලතා නොපෙන්වන අතර හෘත් පේෂීන් සමග අක්‍රමිකතාවන් නොදක්වන, ජෛවහායනයට ලක්වන වඩා සාමකාමී හිතකර සංයෝගයක් බවයි.

ඒ අනුව මෙම සොයාගැනීම තවත් වසර 2-3 අතර කාලයකදී වෙළදපොළට හදුන්වාදීමට හැකි බවත් මෙම තාක්ෂණයහදවත් සදහා පමනක් නොව අනෙකුත් අවයව සදහාද හදුන්වාදීමට කටයුතු කරන බවත් බොස්ටන් ළමා රෝහලේ පර්යේෂක කණ්ඩායම පවසයි. එනම් අනාගතයේදී හදුවතේ සිදුරු සහිත උපදින බිලින්ද හට කිසිදු හානිකර තත්වයකින් තොරව ඉතා කෙටි කලකින් සිදුරු වසා ගැනීමටත් ශල්‍යකර්ම සිදුකරමින් අත්කරගන්නා අවදානමට තිත තැබෙන කාලය වඩා දුර නොවන බවත් පර්යේෂකයින් පවසයි.


www.gizmag.com ඇසුරිණි.

0 comments:

Post a Comment