December 28, 2016

වකුගඩුවයි ජීවිතයයි


ශරීර අභ්‍යන්තරයේ පිහිටි ඉන්ද්‍රයන් අතරින් වකුගඩු යුගල අත් කරගනුයේ ඉතා වැදගත් ස්ථානයකි. රුධිරයේ ඇති අපද්‍රව්‍ය බැහැර කිරීමේ යාන්ත්‍රණය මෙමගින් සිදුවේ. මෙම ඉන්ද්‍රිය මගින් රුධිර  බෝතල් 200ක් පමණ දිනපතා පිරිසිදු කෙරෙන අතර විෂ සහිත කොටස්, අපද්‍රව්‍ය හා ලවණ වර්ග ද ඉවත් කරනු ලබයි. මීට අමතරව රුධිර පීඩනය පාලනය කිරීම සහ රුධිර සෛල නිපදවීමට අවශ්‍ය වන එරිත්‍රොපොයීන් නිපදවීමද සිදු කරනු ලබයි.
සාමාන්‍ය ශරීරයක වකුගඩු දෙකක් පිහිටා ඇතත් එක් වකුගඩුවකින් වුවද නිරෝගී ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඇත. වකුගඩු රෝග හට ගෙන වකුගඩු අක්‍රීය වීමට පටන් ගත හොත් වකුගඩු යුගලම අක්‍රීය වීම සාමාන්‍ය සිදු වීමයි. නිරෝගී එක් වකුගඩුවකින් වුව ජීවිතය ගෙන යා හැකි නමුත් රෝගී විම ඇරඹී ක්‍රියාකාරිත්වය 25% දක්වා අඩු වූ පසු නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාවක් නොමැත. වකුගුඩු වල ක්‍රියාකාරිත්වය 10% ත් 15% ත් අතර අඩු අගයක් ගත් විට ජීවිතය පවත්වා ගෙන යාමට නම් රෝගීයාගේ රුධිරය කෘතීම පෙරනයකට නැතහොත් කාන්දුකරණය ලක් කර යුතුවේ.
වකුගඩු රෝගී තත්ත්වයට පත් වීමට බලපාන විවිධ හේතු ගණනාවක් ඇත. සංකීර්න ශෛල්‍ය කර්ම, බරපතල පිලිස්සීම්, හදිසි අනතුරු වල ප්‍රතිවිපාක, සමහර ප්‍රතිජීවක ඖෂධ සහ සමහර වේදනා නාශක ඖෂධ භාවිතය, බැර ලෝහ වර්ග ආහාර වලට හා පානීය ජලයට එක් වීම, අධික තාපයට නිරාවරණය වීම යන ආදී කරුණු මේ සදහා දැක්විය හැක.මෙම රෝග කාරක අතරින් ශ්‍රී ලංකාවේ වැඩිපුර දක්නට ලැබනුයේ බැර ලෝහ ශරීර ගත වීම නිසා වකුගඩු රෝගී වන පිරිස්ය.
හරිත විප්ලවයත් සමග අප රටේහි ඇතිවූ ප්‍රධාන පෙරළිය නම් කාබනික පොහොර මත ගොඩනැගුන සාම්ප්‍රදායික ගොවිතැන වෙනුවට රසායනික පොහොර භාවිතයට යොමු වීමයි. කෘමි නාශක හා වල් නාශක භාවිතයත් මීට සමගාමීව ඇති වූවකි. කාලයක් තිස්සේ භාවිතා වූ රසායනික පොහොර කෘමි නාශක හා වල් නාශක හේතුවෙන් මෙම රෝගී තත්ත්වය මෙරට ව්‍යාප්ත වූ බව සදහන් කල හැක. අන්තර්ජාතිකව සිදුකල පර්යේෂණ වලට අනුව මෙම රෝග ඇති වීමට ප්‍රධනා හේතුව වී ඇත්තේ කැඩ්මියම් හා ෆ්ලෝරයිඩ් යන මූලද්‍රව්‍යයන්ය. මීට අමතරව ඇතැම් දීලීර වර්ගත් හේතු වෙන බව සොයා ගෙන ඇත.

ආනයනය කරන ලද පොස්පේට් පොහොර කිලෝග්රෑම්1 ක කැඩ්මියම් බැර ලෝහ මිලිග්රෑම් 71 පමණ අඩංගු බව ඒ පිළිබද කරන ලද පරීක්ෂණ වලින් හෙලි වී ඇත. මෙරටට ආනයනය කරනු ලබන රසායනික පොහොර සහ පළබෝධක නාශක මහ පොළවට කාන්දු වී තෙත් බිම් වල පවතින ජලය සමග වැව් වලට ගලා යයි. මෙම ජලයේ අඩංගු බැර ලෝහ වර්ග රොන් මඩ සමග මුසුව වැව්වල ජීවත් වන ජීවීන්ට සහ ශාක වලට උරා ගනී. කාලයක් තිස්සේ වැව් රොන්වල මඩ ඉවත් නොකිරීම නිසා වැව් ආශ්‍රිත ශාක සහ ජීවීන් අහාරයට ගන්නා මිනිසුන්ටද එම බැර ලෝහ ශරීර ගත වී වකුගඩු රෝග වලට ගොදුරු වීමේ අවධානමක් පවති.

0 comments:

Post a Comment