December 27, 2016

LiFi තාක්ෂණය

LIFI යන අකුරු 4 න් හැදින්වෙන්නේ Light Fidelity යන්නයි. මෙතෙක් භාවිතාකළ Wi-Fi තාක්ෂණ‍යෙදී රේඩියෝ තරංග භාවිතා කළ සේම ඒ වෙනුවට මෙහිදී දෘෂ්‍ය ආලෝකය භාවිතා කරයි. විද්‍යුත් චුම්භක වර්ණාවලියෙන් දෘෂ්‍ය පරාසයේ තරංග ආයාමයෙහි තරංග පථය,රේඩියෝ තරංග පථයට වඩා දස දහස් ගුණයකින් ඉහල වීම මෙහිදී විශේෂ වාසියක් වේ. මෙම තාක්ෂණය ලොවට හදුන්වා දෙන ලද්දේ හැරන්ඩ් ගේස් මහතා විසිනි.

                   අධි ආරක්ෂක දත්ත හුවමාරුවේදී රේඩියෝ තරංග භාවිතා කරන අවස්ථාවන් හිදී දැඩි බාධක තුලින් වුවත් ගමන් කළ හැකිවීම අවාසියක් වන අතර LIFI ක්‍රමයේ දී එවැන්නක් සිදු නොවේ LIFI ක්‍රමයේදී අඩු ශක්තියක් භාවිතාකර වැඩි දත්ත ප්‍රමාණයක් හුවමාරු කළ හැකි බැවින් බලශක්ති සංරක්ෂණය හා උපකරණවල ආයුකාලය වැඩි වේ. LIFI තාක්ෂණය රැහැන් රහිත සන්නිවේදන මාධයක් වන අතර අධි සිග්‍රතාවයෙන්යුත් ආලෝක විමෝචන දියෝඩ මේ සදහා භාවිතා කෙරේ.

LIFI තාක්ෂණයේදී සෘජු සංා අවශ්‍ය නොවන අතර පරාවර්තනය වන ආලෝකය මගින් පවා තාක්ෂණයට 70mbps දත්ත ප්‍රමාණයක් හුවමාරු කරගත හැකිය. මෙම තාක්ෂණය විශේෂයෙන් යොදාගත හැකි ස්ථාන වන්නේ න්‍යෂ්ටික බලාගාර ගුවන් යානා කුටි, රෝහල් වැනි විද්‍යුත් චුම්භක සංවේදී ස්ථාන වේ. මෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සම්ප්‍රදායික අන්තර්ජාල වේගයට වඩා සිය ගුණයකින් වේගවත් අන්තර්ජාල පහසුකමයි.විද්‍යායන් හට 224Gbps වේගයක් කරා (විද්‍යාගාරය තුලදී) ලගාවීමේ හැකියාව ලැබී ඇත. මේ අනුව නුදුරු අනාගතයේදී WiFi තාක්ෂණයට වඩා ඉදිරියෙන් LiFi තාක්ෂණය ලෝකය පුරා ප්‍රචලිත වනු ඇත.
 
උපුටා ගැනීම - පුවත්පත් හා අන්තර්ජාල ඇසුරින්


ඉදිරිපත් කිරීම- J M A S ජයලත්, කුණ්ඩසාලේ විදාතා සම්පත් මධ්‍යස්ථානය

0 comments:

Post a Comment