December 27, 2016

පෘථිවියටත් නිවුන් සහෝදරයෙක්

නාසා ආයතනය අපට ඉතා වැදගත් වන රහසක් සොයා ගෙන ඇත. එනම් පෘථිවියට සමාන තවත් ග්‍ර‍හලෝකයක් ඇති බවයි. එය “කෙප්ලර් 452b” යනුවෙන් නම් කර ඇත.නාසා ආයතනයේ විද්‍යා අංශ ප්‍රධානී විද්‍යාඥ ජෝන් ගෘන්ස්ෆෙල්ඩ් විසින් මෙය 'පෘථිවිය 2.0' (Earth 2.0)යනුවෙන්ද හඳුන්වා ඇත.මෙම ග්‍රහලෝකය නාසා ආයාතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් සොයා ගන්නා ලදී.

එම ග්‍ර‍හලෝකය අප පෘථිවියේ උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයකින් යුත්වන බවත්, එය පෘතුවි විශ්කම්භයට වඩා 60% විශාල වන බවත්ඔවුහු විශ්වාස කරති.

මෙම ග්‍ර‍හලෝකය පෘථිවියට ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර හිරුට  සමාන තරුවක් වටා භ්‍ර‍මණය වන බවද සොයා ගෙන ඇත. එම තරුව අප සූර්යයාට වඩා හතර ගුණයකින් විශාල සහ දස ගුණයකින් දීප්තිමත් වේ.

මෙම නිවුන් සහෝදරයාපෘථිවියේ සිට ආලෝක වර්ෂ එක්දහස් හාරසීයක් දුරින් පිහිටා ඇත.ලැබී ඇති තොරතුරු අනුව කෙප්ලර් - 452b ග්‍රහලොව පෘථිවියට වඩා වසර බිලියන එක හමාරක් පමණ පැරණි වන නිසා මෙම ග්‍රහලොවෙහි ද අපේ පෘථිවියේ මෙන් ජීවය පරිණාමය වී තිබීමට බෝහෝ ඉඩකඩ ඇති බවට විශ්වාස කෙරේ. මෙම ග්‍ර‍හලෝකය පිලිබද නාසා ආයතනය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර නුදුරු අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාටද කෙප්ලර් - 452b ග්‍රහලොව වෙත යාමේ හැකියාව උදාවන අතර එහි ජීවීන් ඇත්නම් ඔවුන් හා සම්බන්ධතා පැවැත්වීමටද හැකියාව ලැබෙනු ඇත.

0 comments:

Post a Comment