December 29, 2016

ඔබ මවිත කරවන අලිගැටපේර වල ගුණ

අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර පෝෂ්‍යදායකයි. අධ්‍යයනයන්ට අනුව අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථ වලින්  පොහොසත් බව අනාවරණය කර ගෙන තිබෙනවා. අපේ ශරීරයට අවශ්‍ය ‍ෙදෙනික ෆයිබර් ප්‍රමාණය, එක් අලිපේර ඇටයක අඩංගු වනවා. තවද අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා අලිපේර මද හා වෙනත් එළවලුවක හෝ පලතුරක තිබෙනවාට වඩා ප්‍රතිඔක්සිකාරක අලිපේර ඇටයක අඩංගුයි. ඒ විතරක් නොවෙයි, අලිපේර ඇට වලින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ බොහොමයි.


- අලිපේර මදයේ හා පොත්තේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 30% ක් වන අතර එහි ඇටයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 70% කි. හෘද රෝග වලින් අපව ආරක්ෂා කිරීමට මෙන්ම කොලෙස්ටරෝල් අවම කිරීමට හා තවත් විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට ප්‍රතිඔක්සිකාරක ඉවහල් වනවා.

-
අලිපේර ඇටයේ බෙහෙවින් ෆයිබර් අඩංගු බැවින් මලබද්ධය,අතීසාරය වැනි රෝගාබාධ වලින් ආරක්ෂා විය හැකියි.

-
අලිපේර ඇටයේ ඇති  Phenolic ප්‍රතිඔක්සිකාරක සංයෝගය ඔබේ උදරයේ ඇතිවන වේදනාවන් සමනය කිරීමට උපකාරීවන ප්‍රතිවෛරස හා බැක්ටීරියා නාශක ගුණ වලින් සපිරියි.

-
පිළිකා රෝගීන් හට flavonol බහුල ආහාර ගැනීමට වෛද්‍යවරුන් පවා උපදෙස් ලබාදෙන අතර  අලිපේරඇට තුල  flavonol  ප්‍රතිඔක්සිකාරක සංයෝගය අන්තර්ගත බැවින් එය පිළිකා රෝගීන්ට වඩාත් යෝග්‍යයි.

-
ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අලිපේර ඇට වලට හැකියාව තිබෙනවා.

-
ශරීරයේ හටගන්නා වේදනාවන්, අස්ථි රෝග වැනි දේ අවම කර ගැනීමට මෙන්ම ඔබේ ශරීරයේ බර හා ග්ලූකෝස් මට්ටම අඩුකිරීමට අලිපේර ඇට වලට හැකියාව තිබෙනවා.


අලිපේර ඇට පානයක් ලෙසින් සකසා ගන්නා ආකාරය.

-
හොදින් ඉදුණු අලිපේර ගෙඩියක් තෝරාගෙන එය සාමාන්‍ය පරිදි කපා ඇටය වෙන්කර ගන්න.

-
මීලගට එම ඇටය ප්ලාස්ටික් බෑගයක් තුලට දමා මිටියකින් තලා ඉතා කුඩා කැබලි වලට කුඩුකර ගන්න.

- නිවිති හෝ වෙනත් තද කොල පාට  එලවලුවක්, කෙසෙල් ගෙඩි කීපයක්, රටඉදි කිහිපයක් සමග කුඩා කැබලි වලට වෙන් කර ගත් අලිපේර ඇට කැබලි ටික බ්ලෙන්ඩරයට දමා එයට වතුර එක්කර හොදින් බ්ලෙන්ඩර් කරගන්න. (මේ සදහා හොද පවර්ෆුල් බ්ලෙන්ඩරයක් පමණක් භාවිතා කරන්න)
එලෙසින් සාදා ගන්නා අලිපේර ඇට පානය නිතර පානය කිරීමෙන් නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබට ලබාගත හැකියි.)


අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ,
ජේ.ඒ.පී ජයසිංහ.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
ජා ඇල.

2 comments:

Thanks for ur disclosure.i will try it n let u know t effects.

Prof .Karunadasa appreciate ur recipe.i will try it n post a comment layer

Post a Comment