December 30, 2016

දත් දිරා යාම නතර කරන අලුත්ම රසායන ද්‍රව්‍යක්

දත් දිරා යාම නතර කරන, දත් කුහර සෑදීම නතර කරන අලුත්ම රසායන ද්‍රව්‍යක් සොයා ගෙන ඇත. මේ රසායන ද්‍රව්‍ය භාවිතා කළ විට කිසිම දිනක දත් රෝග ඇති වී දන්ත වෛද්‍යවරුන් සොයා නොගොස් සිටීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත 

මේ රසායනික අනුව නම් කර ඇත්තේ කීප් - 32 (Keep-32) කියාය. ඒ මානව මුඛයේ දත් 32 පදනම් කර‍ගෙන ඒවා හොදින් තබා ගැනීම යන අරුත ඇතිවය.
මෙම රසායනික ද්‍රව්‍යය සැලසුම් කර ඇත්තේ චිලි දන්ත වෛද්‍යවරුන් පිරිසක් විසිනි. මේ රසායනික ද්‍රව්‍ය තත්පර 60 කදී දන්ත කුහර ඇතිවන්නට හේතු ව බැක්ටීරියා සියල්ල විනාශ කරන බව අත්හදා බැලීම් වලදී ඔප්පු වී ඇත.මේ රසායනික ද්‍රව්‍යය වර්තමානයේ භාවිතා ඕනෑම දන්තාලේපයකට හෝ මුඛ සෝදනයකට හෝ චුවින්ගම් එකකට එකතු කර සුපිරි දන්ත පිරිසිදුකාරක බවට ඒවා පත් කළ හැක.

 දන්ත එනමලය දිරා යාමට හේතු වන ලැක්ටික් අම්ලය නිපදවෙන්නේ අපේ මුඛයේ ඇති සීනි මගිනි. මුඛයේ ඇති සීනි ලැක්ටික් අම්ලය බවට හරවන්නේ ස්ට්‍රෙප්ටාකොකස් මිටුටන්ස් (Streptococcus mutans) බැක්ටීරියාව විසිනි. මෙම රසායනික ද්‍රව්‍යයේ ඉලක්කය වන්නේ මේ බැක්ටීරියාවය.
බැක්ටීරියාව සම්පූර්ණයෙන් විනාශ කරන කීප් - 32 දත්වලට හානි සිදු කිරිම වළකනු ලබයි. කීප් -32 අඩංගු දන්තාලේපයක් භාවිතා කිරීමෙන් ඔබේ දත් පැය කිහිපයක් දිරා යාමෙන් හෝ කුහර සෑදීමෙන් තොරව තබා ගනී.
මේ දන්තාලේප නිෂ්පාදනය මේ වන විට මිට වසර හතක් පුරා පර්යේෂණ තත්වයන් යටතේ පැවතී ඇත. දැන් එය  මානව දත් වලට අත්හදා බැලීමේ සුදානමින් පවතී. ඉදිරි කාලය තුලදී මෙම සුපිරි දත් පිරිසිදුකරණය වෙළද‍පොළට නිකුත් කරනු ඇති බව මෙම පර්යේෂණ කටයුත්තේ පුරෝගාමින් වන ගේල් සරසවියේ ජෝස් කෝඩොබා සහ චිලී සරසවියේ එරික් ඔස්ට්‍රඩිල්ලෝ පවසති.
මෙම රසායනික ද්‍රව්‍ය ආහාර වලට එක් කිරීම මගින්ද අපගේ දත් හානිකර බැක්ටීරියා වලින් ආරක්ෂා කර ගන්නට හැකි බවද ඔවුහු පවසති.
ප්‍රොක්ටර් හා ගැම්බල් වැනි දැවැන්ත සමාගම් වලට මෙම රසායනික ද්‍රව්‍යය භාවිතා කිරීමේ පේටන්ට් බලපත්‍ර ලබාදීමට පර්යේෂණ කණ්ඩායම අපේක්ෂිතය.

ලන්ඩන් ඩේලි මේල් පුවත්පතින් උපුටා ගන්නා ලදී


0 comments:

Post a Comment