December 21, 2016

ආහාර ආකලන

 වෙළද පොලේ ඇති  බොහෝ  ආහාර වලට ආහාර ආකලන ඇතුලත් කර ඇත.
 මොනවද මේ ආහාර ආකලන ???????
 නැවුම් ලෙස ගන්නා ශාක කොටස්  හා සත්ව කොටස් වල   ආහාර ආකලන බොහෝ විට අන්තර්ගත නොවේ
     ආහාර අලංකාරවත් ලෙස වර්ණ ගැන්වීම  සදහා යොදා ගන්නා වර්ණක, ආහාර  ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, ආහාරයේ මනා පෙනුම ලබාගැනීම සදහා යොදා ගන්නා රසකාරක ද්‍රව්‍ය, සමහර ආහාර වල  පෙන නැංවීම සදහා යොදන රසායනික ද්‍රව්‍ය, සුවදවත් වීමට යොදා  ගන්නා ද්‍රව්‍ය, ද්‍රාවණවල අංශූන් ඒකාකාරිව  පවත්වා ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍ය, ද්‍රාවණවල  උකු බව ලබා  ගැනීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය   වේ .

    . අප ගන්නා බොහෝ සැකසූ, වර්ණවත්, සුවදවත් හා කල්තබා ගතහැකි ආහාර වර්ග වල මේවා  අන්තර්ගත වේ. වෙළද පොළෙන් අප ගන්නා ආහාර වල Ë අක්ෂරයෙන් කෘතීම ආහාර ආකලනය ලේබලය මත පෙන්නුම් කර ඇත. ආහාර ආකලන කිහිපයක් පහත වගුවේ සදහන් වේ.

E අංකය
රසායනික සංයෝගය
201
බෙන්සොයික් ඇසිඩ්
214
හයිඩ්‍රොක්සි බෙන්සොඒට්
270
ලැක්ටික් ඇසිඩ්
249
නයිට්‍රයිට්
251
නයිට්‍රේට්
220
සල්ෆර් ඩයොක්සයිඩ්
200
සෝබික් ඇසිඩ්
306
ටොකොෆෙරෝල්


ඔබ භාවිතා කරන ආහාර ද්‍රව්‍ය වල Ë සංකේතය අඩංගු ඉලක්කම් කීයක් තිබේ දැයි නිරීක්ෂණය කර බලන්න.

0 comments:

Post a Comment