December 28, 2016

රූපලාවන්‍ය ආලේපන භාවිතය පිළිබඳ සැලකිලිමත් ද?

රූපලාවන්‍ය යනු සම පිරිසිදු කිරීම හා ශරීරයේ හැඩයට හෝ අභ්‍යන්තර ක්‍රියාවලීන්ට හානියක් නොවන අයුරින් යමෙකුගේ බාහිර පෙනුම සිත්ගන්නා සුළු ආකාරයට පත් කිරීම වේ. ආසියාතික රටවල කාන්තාවන් අතර රූපලාවන්‍ය පිළිබඳ ඇත්තේ දැඩි නැඹුරුවකි.
ආයුර්වේද හෝ ශාකසාර ආලේපවල රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බවට මතයක් සමාජය තුල පැවතුනද එහි ගුණාත්මක හා කල්පැවැත්ම රදා පැවැත්වීමට රසායනික මාධ්‍ය යොදාගැනේ මේ ද්‍රව්‍ය රූපලාවන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇති වන අතුරුඵල සමඟ මිශ්‍ර වී තිබීමට හැකි අතර එමඟින් පිළිකා කාරක හා වෙනත් සෞඛ්‍ය ගැටලු මතුවීම අවදානමක් පවතී.

එවැනි ගැටලු වලට උදාහරණ පහත දැක්වේ.

01  1,1,4,dioxane යනු ඛනිජ තෙල් ආශ්‍රිත නිපදවන පිලිකාකාරක රසායනික සංයෝගයක්වන අතර ශාක ආශ්‍රිත රූපලාවන්‍ය නිෂ්පාදනයේදී ඇතිවන අතුරුඵලයක් ලෙස නිෂ්පාදන තුල අඩංගු වියහැකිය.

02. N-nitrosoethanolamine(NDELA) මේ රසායනිකය 1979-1980 කාලයේදී රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු වූ හානිකර අපවිත්‍රකාරකයකි.

03. Ethyl dioxide - මෙම සංයෝගය ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍යවල අඩංගුවිය හැකි තවත්             අපවිත්‍ර කාරකයකි. එය සමට හා ශ්වසන පද්ධතියට හානිකරයි.

04. බැරලෝහ- නිෂ්පාදන ක්‍රියාවලියෙහි දී භාවිතාවන බඳුන් හා උපකරණ මගින් නිෂ්පාදනයට බැරලෝහ මි  මිශ්‍රවිය හැක. ජලය,රසායනික පොහොර දීලීර හා කෘමිනාශක වලින් අපවිත්‍රවූ පස් හා ජලය ආශ්‍රිතව ශාක අමුද්‍රව්‍ය යොදා ගැනීමේදී ඒවායේ බැරලෝහ අන්තර්ගතවීමේ අවදානමක් පවති.
සම පැහැපත් කිරීමේදී සිදුවන්නේ සමෙහි මෙලනින් ගනත්වය කෘතිමව අඩු කිරීමයි.මෙලනින් වර්ණකය නිෂ්පාදනය වීම ඉහළයාම හේතුවෙන් සමේ රෝග විශාල ප්‍රමාණයක් (Hyperpigmentation) ඇතිවිමේ අවදානමක් පවතින බව අනාවරණය වී ඇත. මුල් අවධියේදී සමපැහැපත් කිරීමේ සංයෝග (Hyperpigmentation)වැනි තත්ව සදහා බහුලව යොදා ගන්නා ලදි.වර්තමානයේදී කාන්තාවෝ සම පැහැපත් කර ගැනීමට වඩාත් නැඹුරුතාවයක් දැක්වුවත් එම සංයෝග මගින් සිදුවන අතුරු ප්‍රතිඵල ගැන සැලකිල්ලක් නොදක්වති.

සමෙහි මෙලනින් වර්ණකය නිපදවිමේ ක්‍රියාවලිය සදහා Tyrosinase නම් එන්සයිමයට Tryrosme නම් සංයෝගය හා ස්වසන ක්‍රියාකාරිත්වය සදහා Cu2t අයන උපකාරිවේ. සිරුරේ රසදිය පවතිනවිට Cu2 අයනවලට වඩා රසදිය එන්සයිමයේ ක්‍රියාකාරි ස්ථානයට සම්බන්ධවීම නිසා එන්සයිමයේ ක්‍රියාකාරිත්වය නිෂේධනය කරයි. එවිට මෙලනින් නිපදවීමේ ක්‍රියාව අඩාලවී සම පැහැපත්වේ.
සම පැහැපත් කිරිමට යොදාගන්නා ආලේපනවල ඇති රසදිය ප්‍රමාණයෙන් 8%ක් පැය 5ක් ඇතුලත සිරුරතුලට  අවශෝෂණයවේ. මෙලෙස උරාගන්නා රසදිය සංයෝග අක්මාව හා බඩවැල ආශ්‍රිතව අනතුරුදායක තත්ව ඇතිකිරීමට හේතුවන බව තහවුරු වී ඇත. රසදියකාරක ආලේපන භාවිතයේ අතුරුඵලයක් ලෙස ආලේපන සාන්ද්‍රගතව තැන්පත්වූ ප්‍රදේශ තද පැහැයක් ගැනීම සිදුවන අතර මේ තත්වය Ochronosis ලෙස හදුන්වයි.

රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු වියහැකි උපරිම රසදිය ප්‍රමාණය 3 ppm(parts permillion)ලෙස දක්වා ඇති නමුත් රූපලාවන්‍ය නිෂ්පාදන තුල බැරලෝහ යම් ප්‍රමාණයක් අන්තර්ගතවීම නොවැලැක්විය හැකිය. මෙලෙසම කැඩිමියම්(Cd)හා ආසනික්(As) යන මුලද්‍රව්‍ය වර්ණකාරක හෝ අනෙකුත් නිෂ්පාදනතුල අන්තර්ගත විය හැකි අතර උපරිම සීමාව 5ppm ලෙස නිර්දේශකර ඇත.Cd යනු කහ සිට තැඹිලි වර්ණය දක්වා යොදාන්නා වර්ණකාරක සංයෝගයකි.කැඩ්මියම් තොල් ආලේපන හා පුයර සදහා බහුලව භාවිතා වේ. කැඩ්මියම් සිරුරේ කෙරටින් සමග සම්බන්ධවේ. සම හරහා කැඩ්මියම් අවශෝෂණය තරමක් අඩුවුවද දිගුකාලීන භාවිතය චර්ම රෝග වැළදිමට හේතුවක් වේ.
ආසනික්(As) සම, නියපොතු හා හිසකෙස්වලට ඇති ආකර්ෂණය අවමවේ.එහි අනතුරුදායක ස්වභාවය වන්නේ අකාබනික ආසනික් (As) සංයෝග අහිතකර පිළිකාකාරක වීමයි.
කෙසේ වුවද ශාකසාර ආලේපන තුල ඇතුලත්වී ඇති බැර ලෝහ ප්‍රමාණය පාලනය කිරීම වැදගත් බව පර්යේෂණ වලින් හෙලිවි ඇත. ඒ අනුව නිෂ්පාදන ක්‍රියාවලි හා සම්බන්ධ නිර්මිත නිර්දේශ හා නීති මාලාවන් පැනවීම කළයුතුයි.

ඔබ භාවිතා කරන නිෂ්පාදන හා ආලේපන තුල අන්තර්ගත අමුද්‍රව්‍ය පිළිබද දැනුවත්විම තුලින් එම නිෂ්පාදන සහ ආලේපන භාවිතයෙන් ඔබට සිදුවිය හැකි හානිය අවම කරගත හැකිවේ.

උපුටා ගැනීම- පුවත්පත් හා අන්තර්ජාලය ඇසුරින් 

ඉදිරිපත් කිරිම - කුණ්ඩසාලේ විදාතා සම්පත් මධ්‍යස්ථානය

0 comments:

Post a Comment