December 26, 2016

මොකක්ද මේ ISBN ?

ආදී මානව සමාජය සතු එතෙක් උගත් සහ අත්දැකීමෙන් ලද දැණුම, ඉදිරි පරම්පරා වෙත උරුම කිරීමේ මූලික ක්රෙමවේදය වූයේ මුඛ ව්යුවහාරයයි. පසුකාළීණව ඔවුන්ගේ ශිෂ්ඨාචාරයන්හි විකාශණයත් සමග උක්ත කාර්යය සඳහා යම් යම් වස්තු මතුපිට, විවිධ තලවල / පෘෂ්ඨවල ආදී ස්ථානවල සංකේත සහ අක්ෂර සටහන් තැබීම උපයෝගී කර ගන්නා ලදි. එම ක්රීමවේදය තවදුරටත් වර්ධනය වී වර්තමානය වන විට ලොවපුරා විවිධ ජාතීන්ට අනන්ය වූ අක්ෂර හා ලේඛණ කළාවක් දක්වා ගොඩ නැගී ඇත.

එලෙස නිර්මාණය වූ අක්ෂර භාවිතයෙන් ලොව පුරා විවිධ වූ ජාතීන්ට අයත් ජන කොටස් තම තමන්ට අනන්ය් සහ ආවේණික වූ අක්ෂර මගින් තම දැණුම, හැඟීම්, ආකල්ප, අදහස් ආදිය අනෙකා වෙත ප්රේ්ෂණය කිරීම සඳහා ලේඛණ කළාව උපයෝගී කර ගනී. එම ලේඛණ අතර පුවත්පත්, පොත් සහ සඟරා ප්රණධාන තැනක් ගනී. එසේම ගෝලීයකරණයත් සමග විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති වත්මන් සමාජයේ පොතපත සහ සඟරා ආදිය පරිශීලණයද විශ්වීයකරණයට හසුවී ඇති ඇති බැවින් එම සෑම ලේඛණයකටම අනන්යප වූ යම් හඳුනා ගැනීමේ ක්රයමවේදයක අවශ්යසතාව පැන නගින ලදි. එයට පිළියමක් ලෙස ඒවායෙහි අන්තර්ගතයෙහි අගය මැනීම සඳහා පැහැදිලි දර්ශකයක්/ මිනුම් දණ්‌ඩක්‌ නොමැති වුවත් පොතක ප්රෙමිතිය පිළිබඳ ජාත්යදන්තර ව පිළිගත් ප්ර මිති අංකයක්‌ ලබාදීම සිදුකර ඇත. එය අන්තර්ජාතික ප්රාමිති ග්රනන්ථ අංකය ( International Standard Book Number ) ලෙස හඳුන්වයි. ඉහත ඉංග්රීගසි වචනවල මුල් අක්ෂර ගැලපීම මගින් ISBN ලෙස කෙටිකර මෙම අංකය හැඳුන්වන අතරම, නුතනව මුද්ර ණය කරනු ලබන් බොහොමයක් පොත් නිරීක්ෂුණය කළහොත් එහි ග්ර්න්ථ නාම පිටුවේ, පසු පිටේ හෝ කවරයේ පසු පිටේ විවිධ ගණකමින් යුතු වූ සිරස්‌ කෙටි ඉරි කාණ්ඩයක් සමග ISBN අකුරු පෙළ සහ ඉලක්කම් 13 කින් යුතුව මෙම ප්රිමිතිගත අංකය මුද්රසණය කර ඇත. මෙය ව්යයවහාරයේ BARCODE අංකය ලෙසද හඳුන්වයි.


මෙම අංකය ඕනෑම ප්රකකාශනයක් සඳහා ලබා දීමක් සිදුනොකරණ අතර, අන්තර් ජාතික නිර්ණායක අනුව පොතක් යයි නිර්මිථ ප්රිකාශන සඳහා පමණක් ලබාදීම සිදු කෙරේ. අන්තර්ජාතික නිර්ණායක අනුව යම් ප්රකකාශනයක් පොතක් ලෙස සැළකීමට නම් එය, ග්රතන්ථනාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අවම වශයෙන් පිටු 42 ක්‌ ඇති ප්රතකාශනයක් විය යුතුය.
එසේම එවැනි ප්රයකාශනයකට උවද මෙම ISBN අංකය ඉල්ලුම් කළ හැක්‌කේ එම ප්රිකාශනය‌ පළ කරන ප්රැකාශකට පමණි. එම කටයුත්ත සඳහා ක්රි යාත්මකවන එක් ආයතනයක් බොහෝ රටවල ඇති අතර ශ්රීඋ ලංකාවේ ඒ වෙනුවෙන් ක්රිකයාත්මක වනුයේ ජාතික පුස්‌තකාල හා ප්රකලේඛන සේවා මණ්‌ඩලයයි. භූගෝලීය වශයෙන් විශාල සමහර රටවල මේ වෙනුවෙන් අනුශාඛා කිහිපයකින් සමන්විත නියෝජිත ආයතන තිබුණත් එහි ජාලයේ එක්‌ ආයතනයක්‌ ප්රකධානත්වය ගනියි.
මෙම ISBN අංකය මූලික කොටස් පහකින් නිර්මාණය කර ඇත. ඒ අනුව,

1.මූලික හැඳුනුම් අංකය

ISBN යන අක්ෂුරවලට දකුණුපසින් ඇති ප්රකථම අංකය අන්තර්ජාතික ප්රෙමිති ග්රීන්ථ මධ්යපස්‌ථානය විසින් තීරණය කර ඇති පරිදි 978 ලබාදෙන අතර එය සෑම ග්රNන්ථයක් සඳහාම නිෂ්චිත වූ අංකයකි.

2.කලාපීය හැඳුනුම් අංකය

මෙම අංකය මගින් කිසියම් ග්රූන්ථයක්‌ ප්ර කාශයට පත් වූ රට සංකේතවත් වේ. මෙය ජාතික, භාෂාමය, භූගෝලීය හා වෙනත් කරුණු ද සැලකිල්ලට ගෙන අන්තර්ජාතික ප්රහමිති ග්ර්න්ථ අංක මධ්යාස්‌ථානයෙන් ලබාදීම සිදු කෙරේ. ශ්රී. ලංකාව සඳහා 955 ලබා දී ඇත.

3.ප්ර කාශක හැඳුනුම් අංකය

මෙම අංකය මගින් ප්රැකාශකයා සංකේතවත් වන අතර, විශාල ග්රදන්ථ සංඛ්යාිවක්‌ ප්ර කාශයට පත් කරනු ලබන ප්රඅකාශකයෙකුට කෙටි අංකයකුත්, ග්රථන්ථ අඩු ප්ර මාණයක්‌ ප්රඅකාශයට පත් කරන ප්ර්කාශකයෙකුට දීර්ඝ අංකයකුත් ලෙස ලබා දෙයි.

4.ග්රින්ථ නාම හැඳුනුම් අංකය

මෙම අංකය මගින් කිසියම් ප්රමකාශකයෙකු විසින් පළ කරන ලද ග්රෙන්ථ සංඛ්යාසව සටහන් කරයි.

5.පරීක්ෂාක අංකය

මෙම අංකය මගින් අංකය දෙනු ලබන්නේ මුලින් සඳහන් අනෙකුත් අංක 12 පිළිබඳව සංකීර්ණ ගණනය කිරීමකින් අනතුරුව වන අතර යම් ග්රදන්ථයකට දෙනු ලබන අන්තර්ජාතික ප්ර්මිති ග්රලන්ථ අංකයේ නිවැරදි බව පරීක්ෂාත කරනු ලබන්නේ ද මෙම පරීක්ෂජක අංකය මගිනි. මෙය සැම විට ම තනි ඉලක්‌කමක් නියෝජනය කරයි.

මෙම ISBN අංක ශ්රී. ලංකාවේ දී ජාතික පුස්‌තකාල හා ප්රකලේඛන සේවා මණ්‌ඩලයෙන් නිකුත් කරන අතර එක්‌ අංකයක්‌ වෙනුවෙන් දැනට රු. 100 ක මුදලක්‌ අයකරනු ලැබේ. මේ සමඟ විශේෂයෙන් ග්රතන්ථයකට අවශ්යං කරන පුස්‌තකාල විද්යාෂනුකූල දත්ත විස්‌තර Catalogue in Publi-tion(CIP) ජාතික පුස්‌තකාල හා ප්රලලේඛන සේවා මණ්‌ඩලයෙන් නොමිලේ ලබාදීම සිදුකරයි.

0 comments:

Post a Comment