December 28, 2016

මන්දාකිණියේ එහා සිට අපට ලැබෙන අභිරහස් රේඩියෝ සංඥා

මෙම වසරේ මාර්තු මාසයේදී විද්‍යාඥයින් විසින් විශ්වයේ ගමන් කරන ශක්තිමත් වේගවත් රේඩියෝ සංඥා  දහයකට ආසන්න ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට සමත් විය.මෙම සංඥා එකම ප්‍රදේශයකින් ලැබෙන බවට තොරතුරු තහවුරු වී ඇත. පර්යේෂකයන් විසින් මෙලෙස අපගේ ක්ෂීර පථයෙන් ඔබ්බෙන් එකම කලාපයකින් ලැබෙන රේඩියෝ සංඥා හයක් පමණ ග්‍රහණය කර ගැනීමට සමත්ව ඇත.

මෙම වේගවත් රේඩියෝ සංඥා (Fast Radio bursts-FRB) සමහර අවස්ථා වලදී හුනා ගත නොහැකි සහ ස්ඵෝඨක වන අතර මිලිතත්පර (milliseconds) කාල පරාසයක ගමන් කිරීම නිසා පර්යේෂකයන්ට මේ පිළිබඳව පර්යේෂණ කිරීම මහත් අසීරු වී ඇත. මෙම කුඩා කාල සීමාවකදී ග්‍රහණය කරන තරංග වල ඉතා විශාල ශක්තියක් උද්දීපනය වන අතර එය සූර්යයාගෙන් නිකුත්වන තරංග වල ශක්තියට හා සමාන වේ. මෙයට හේතුව නිශ්චිතව විද්‍යාඥයින් විසින් තහවුරු කරගෙන නොමැත.

මාර්තු මස මෙම සංඥා ග්‍රහණය කර ගන්නා තෙක් බොහෝ ලෙස විශ්වාස කළේ මෙම සංඥා විශ්වයේ අහඹු ප්‍රදේශවල සිදුවන ක්‍රියාවලින්ගෙන් හට ගන්නා සංඥා බවයි. හඳුනාගත නොහැකි රටා පැවැතියද පර්යේෂකයන් උනන්දු වනුයේ එම තරංග ඇති වීමට හේතුව කුමක්ද යන්න සොයා බැලීමටයි.

මෙවැනි FRB 2000 කට ආසන්න ප්‍රමාණයක් විශ්වයේ සැරිසරන නමුත් ඒවා ග්‍රහණය කිරීමට නොහැකි වන්නේ එවා පවතින කාලසීමාව ඉතාකුඩා බැවිනි. ප්‍රථම වරට FRBුනා ගනු ලැබුවේ 2007 වර්ෂයේදීය. මෙම වසරේදී මෙවැනි FRB 10 ක් පමණ එකම කලාපයකින් ලැබෙන බවට හුනා ගත් අතර ඒවා අපගේ ක්ෂිරපථය තුලදී හමුවීම විශේෂත්වයක් විය. තවද මින් පෙර හමු නොවූ රටාවන්ද දක්නට ඇත. කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵල ලෙස වර්තමානයේ එළඹ ඇති උපකල්පනය වන්නේ තාරකා දෙකක් අතර (neutron stars) සිදු වනු ලැබූ ඝට්ටනයක් (collision) හේතු වන්නට ඇතැයි කියාය. එනම් මෙවැනි ඝට්ටනයක් වීමෙන් රේඩියෝ සංඥා විශ්වයට මුදා හැරෙන බවයි. මෙය විද්‍යාඥයන්ගේ එක් අදහසක් පමණී.

මෙලෙස විශ්වයේ අපගේ මන්දාකිනියෙන් ඇතුලත හෝ පිටත FRB පිළිබව අධ්‍යයනය කිරීම තරකාරීව සිදුකෙරෙමින් ඇති අතර දැනට හුනාගත් මෙම රේඩියෝ සංඥා මගින් පැවැසෙන්නේ අප නොදන්නා අභිරහස් ක්‍රියාවලියක් අපගේ විශ්වය තුළ සිදුවන බවයි.
 

සකස් කළේ-
ඩී.එස්.උඩහේන්තැන්න
විද්‍යා හා තාක්ෂණනිළධාරි
ඉහළ කෝරළේ
උපුටා ගැනීම්-

0 comments:

Post a Comment