
මිනිසා පෘෂ්ඨ වංශියෙකි. ඔහු විවිධ ආකාරයෙන් සංවේදනය කරනු ලබයි. ඒ අතර ස්පර්ෂ, ශ්‍රවණ‚ ආඝ‍්‍රාණ, දෘෂ්ටි ආදි ක්‍රම
විශේෂිත වේ.මෙහිදී ස්නායු පද්ධතිය සිදු කරන්නේ අපරිමිත සේවයකි.
එහෙත් අපෘෂ්ඨ වංශීන්ට මෙවැනි ඉන්ද්‍රියන් නොමැති අතර ඒ
සඳහා විශේෂයෙන් අනුවර්තනය වූ ව්‍යුහයන් දැකගත හැක. එහෙත් ඉතා ප්‍රාථමික අපෘෂ්ඨ
වංශීන් ට ස්නායු පද්ධතියක් නොමැති අතර තරමක් දියුණු අපෘෂ්ඨ වංශීන්ගේ ශරීර තුල
නොදියුණු ස්නායු ජාලයක් පිහිටා ඇත.(උදා : Protozoa)
අපෘෂ්ඨ වංශික
කාණ්ඩයට අයත් ඇමීබා, ඇල්ගී, එවුග්ලිනා හා
පැරමීසියම් වැනි ජීවීන් ආලෝකයට, ගුරුත්වයට හා රසායනික ද්‍රව්‍ය වලට ප්‍රතිචාර දක්වන්නේ
ඔවුන් තුල සිදු වන රසායනික ද්‍රව්‍ය වල වෙනස්කම් සිදුවීම හේතුවෙනි උදාහරණ ලෙස සෞම්‍ය
ආලෝකය ඇතිවිට ක්ලැමිඩොමොනාස් ඇල්ගාව ඒ
දෙසට සංචරණය කරන අතර වඩා තීව‍්‍ර ආලෝකය ඇති විට එයින් ඉවතට සංචරණය කරනු ලබයි. හයිඩ‍්‍රා, මුහුදු
ඇනිමෝනියා වැනි බහු සෛලික සීලෝමාන්ත්‍රධරයින් ද උත්තේජන සඳහා ප්‍රතිචාර දැක්වීම
තුලින් සංවේදන ලබා ගන්නා බව පැහැදිලි වේ .
ඒ සඳහා ස්නායු ජාලයක් පිහිටා ඇත.

බහු සෛලික අසීලෝමාන්ත්‍රධරයින් වන පටි
පණුවන්ගේ දේහ තුල සංවේදන සඳහා වෙන්වූ ස්ථාන පිහිටා ඇත.
එසේම ඇනලීඩාවන් ( උදා: ගැටවිලුන් හා කූඩැල්ලන් ) තුල ප්‍රධාන
ප්‍රතිග්‍රාහක 03 ක් ඇත.
1) අපිචර්මීය ප්‍රතිග්‍රාහක
2) මෞඛ ප්‍රතිග්‍රාහක
3) ආලෝක ප්‍රතිග්‍රාහක
ගොලුබෙල්ලන්
මෙම ප්‍රතිග්‍රාහක ස්පර්ෂයන්ට, රසායනික ද්‍රව්‍ය
වලට හා උෂ්ණත්වයන්ට සංවේදී වේ. මෘද්වංශීන් වන( මොලුස්කාවන්) ගොලුබෙල්ලන් ගේ හිස්
මත ආඝ්‍රාණ ඉන්ද්‍රිය පිහිටා ඇති අතර එය ආඝ්‍රාණ ස්නායු වලට සම්බන්ධව ඇත.
මොලුස්කාවකු වන දැල්ලන් තුල පෘෂ්ඨ වංශීන්ට සමාන වූ
සරල ඇස් ඇති අතර දෘෂ්ටි සංවේදන ලබා ගැනීමට ඒවා ඉවහල් වේ
සන්ධි පාදිකයන්(ආත්‍රෙපෝඩා) ගේ සංවේදී ඉන්ද්‍රිය පෘෂ්ඨ
වංශීන්ට සමාන ආකාරයට හිහිටා ඇත.ඒ අනුව උෂ්ණත්ව, පීඩන, රස, ස්පර්ෂ යන සංවේදන ලබා ගැනීමට විශේෂණය වූ දේහ
ස්ථාන වෙන් වෙන්ව පිහිටා තිබීම දියුණු ලක්ෂණයකි.
සන්ධි පාදිකයන්
මුහුදු ඇනිමනියා
0 comments:
Post a Comment