December 30, 2016

පරිසරයට ඉවතලන ෂොපින් බෑග් අවම කරමු.

එදිනෙදා වෙළඳ පොලෙන් මිළදීගන්නා සෑම භාණ්ඩයක් සහාම ෂොපින්/ග්‍රොසරි බෑගයක් ලබාදීම සෑම වෙළසැලකම සාමාන්‍ය සිරිතවි ඇත. මිළදීගන්නා සෑම භාණ්ඩයක් සහාම ෂොපින්/ග්‍රොසරි බෑගය බැගින් ලැබෙන විට මිළදි ගන්නා භාණ්ඩ සංඛ්‍යාවට සමාන ෂොපින් බෑග් ප්‍රමාණයක් නිවසට එකතුවේ.
බොහෝ ගෘහණියෝ මේවා කුණු ලොරියට ලබාදෙන්නේ ඉවත් කිරීමට ක්‍රමයක් නොමැති බැවිනි. තවත් සමහරු දර ලිප අවුලවා ගන්නේද ෂොපින් බෑගය ලිපට දැමීමෙනි. මෙවිට පරිසරයට එකතුවන ඩයොක්සින් හා ෆියුරෑන් ප්‍රතිශතය දිනෙන් දින ඉහලයයි.

පරිසරයට මෙලෙස එකතුවන ෂොපින් බෑග් ප්‍රමාණය අවම කරගැනීමට හා ෂොපින් බෑගයට අගයක් එකතු කරමින් අත්කම් නිර්මාණය කරගත හැකිය.


මේ සදහා අවශ්‍ය වන්නේ ෂොපින් බෑග්,කතුරක් හා ගෙතුම් කටුවක් පමණි. ෂොපින් බෑග් අලක තීරුවලට කපා අතින් සකස් කරමින් ගෙතුම් කටුව භාවිතා කරමින් අලංකාර අත්කම් හා බෑග් ගොතා ගත හැකිය. වෙළපොලෙන් මිළදී ගන්නා ෂොපින් බෑග් වෙනුවට මේ බෑගය එදිනෙදා වෙළපොලට යන අවස්ථාවේදී භාවිතා කරන්නේ නම් ඔබේ නිවසට ෂොපින් බෑග් එකතු වන්නේ නැත. ෂොපින් බෑග් සදහා වැයවන මුදලද ඉතිරි කරගත හැක. බෑගය ,මේස දරණුව,මල්පෝච්චිය,පර්ස් එක හා තොප්පිය ආදී සියල්ල ගොතා බලන්න. ඔබේ නිවසේ ෂොපින් බෑග් එකතු වූ ස්ථානය හිස්වී තිබෙනු ඔබට දැකිය හැකිය.   





ඉදිරිපත් කිරීම හා නිර්මාණය - කුණ්ඩසාලේ විදාතා සම්පත් මධ්‍යස්ථානය 

0 comments:

Post a Comment