December 28, 2016

පුනර්ජනනීය බලශක්තිය ශ්‍රි ලංකාවට වැදගත් ඇයි

ශ්‍රි ලංකාවෙහි භාවිතා වන ප්‍රධාන බලශක්ති ප්‍රභවයන් වනුයේ දැව ඉන්ධන, ජල විදුලිය සහ පොසිල ඉන්ධනය. මීට අමතරව සුර්ය බල ශක්තිය, ජීව වායුව සහ සුලං බලයද සුළු වශයෙන් භාවිතා කරයි.

           දැව ඉන්ධන බහුල වශයෙන් ගම්බදව භාවිතා වන අතර ආහාර පිසීම මෙයින්  ප්‍රධාන වශයෙන් සිදු කෙරේ.  ජල විදුලිය හා අනෙකුත්  බලශක්තීන් ආලෝකකරණය , ගෘහස්ථ හා අනෙකුත්  විද්‍යුත් උපකරණ , කර්මාන්ත හ ප්‍රවාහන කටයුතු  සඳහා භාවිතා කරයි.
           දිළිදුකම තුරන් කර  ආර්ථික සංවර්ධනයක් ඇති කිරිම සඳහා  කාර්මික අංශයෙහි  සීඝ්‍ර දියුණුවක්  සිදුකල යුතු අතර ඒ සඳහා ˝බලශක්තිය˝ අත්‍යාවශ්‍ය සාධකයක් වේ. පොසිල ඉන්ධන සීඝ්‍රෙයන් Ì වෙමින් පවතින අතර  ජල විදුලිය මගින්  සපුරාලනුයේ  රටෙහි බලශක්ති අවශ්‍යතාවයෙන්  සීමීත  ප්‍රමාණයකි.  එයද විවිධ කාලගුණික හේතුන් මත ස්ථාවරව නොපවතීයි. සමහර වර්ෂ වලදී වර්ෂාපතනයෙහි  අඩුවීම මත ජල විදුලි බලාගාර ක්‍රියාකිරිමට තරම් ප්‍රමාණවත් ජලය නොලැබීම හේතුවෙන් දෛනිකව විදුලි බලය කපා හැරිමේ අවස්ථාවන් වලට අප රට මුහුණදී ඇත.  එවන් අවස්ථා සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම රටෙහි ආර්ථිකයටද විශාල බලපෑමක් සිදු කරයි. එවන් අවස්ථා වලදී කර්මාන්තශාලා අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා අමතරව වැඩි වියදමක් දැරිමට  සිදු වන අතර  අප රට කෙරෙහි විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණය අඩුකිරිමට මෙයද සාධකයක්වී ඇත.
          දිනෙන් දින වැඩි වන ජනගහනයට අනුව වැඩිවන බලශක්ති  ඉල්ලුම සපුරාලීමට රජයක් සමත්විය යුතුවේ. එබැවින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (renewable energy sources)  කෙරෙහි දැනට  පවතිනවාට වඩා    වැඩි අවධානයක් යොමු කිරිම  වැදගත්වේ.
           අවුරුද්දේ වැඩි කාලයක් හොදින් සුර්යාලෝකය ලැබෙන ඝර්ම කලාපීය රටක් වන  ශ්‍රි  ලංකාව  සුර්ය බලශක්තියෙන්  විදුලි  උත්පාදනයට මේ  වන විට යොමුව ඇත.පෞද්ගලික මට්ටමෙන් විදුලි නිෂ්පාදනයට යාමේදී මුලික වියදම   අධිකවීම  මෙහි  ඇති  අවාසිදායක  තත්වයකි.  ඉන්දියාව වැනි රටවල රජයේ  මැදිහත්වීමෙන්  විශාල සුර්ය ශක්ති  බලාගාර  පිහිටුවා ඇති    අතර  අප රටෙහිද මෙවැනි බලාගාර පිහිටුවීමට රජය මැදිහත් වන්නේ නම් ජනතාවට වැඩි වියදමක් දැරිමට සිදු  නොවන අතර වැඩි විදුලි ඒකකක ප්‍රමාණයක් ජාතික ජාලයට එක්වනු ඇත.
          මෙලසම අප රටෙහි බලශක්ති  අර්බුදයට  තවත්  සාර්ථක විසඳුමක් ලෙස සුලං බලයෙන්  විදුලි උත්පාදනය  දැක්විය හැකිය. ශ්‍රි  ලංකාව මේ සඳහා  හොඳ විභවයක්  පවතින  රටකි.  විශේෂයෙන් බස්නාහිර සහ දකුණු වෙරළ තීරය මේ සඳහා ඉතාමත් යෝග්‍ය තත්වයෙන් පවතී. මේ වන විටත් අප රටෙහි සුළං බලයෙන්  විද්‍යුත් උත්පාදනය  සුළු වශයෙන්  සිදුවේ. මෙහිදී අධික වියදමක් දැරීමට සිදුවීමත් ශබ්දය හේතුවෙන් පාරිසරිකව සිදුවන හානියත් පිළිබදව දැඩි  අවධානයක් යොමු කල යුතුය.
සුලං  බලාගාර  ඉදිකිරිමේදී  අධික වියදමක්  දැරිමට සිදුවීමත්  එම හේතුවෙන් විදුලි ඒකකයක මිල ඉහල යෑමත් නිසා ආයෝජකයන් යොමුවීම ඉතා අඩුය.
          දිනෙන් දින ඉහල යන ඛනිජ තෙල් මිල හමුවේ  වැඩි වන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම පිණිස අප රටට සම්පත් ලෙස ලැබී ඇති කිසිදා Ìය නොවන මෙවන් සම්පත් කෙරෙහි රජයේ වැඩි අවධානය යොමුවීම සිදුවිය යුතුමය.

එචි.එම්.ආර්.කේ.පී. හේරත්
විදාතා සම්පත් මධ්‍යස්ථානය
කොබෙයිගනේ

0 comments:

Post a Comment