ගංවතුර
උපද්‍රවය යනුවෙන් හදුන්වනු ලබන්නේ ගංගාවක ස්වභාවික නිම්න උතුරා එම ජලය ගංගා නිම්න
දෙපස පිහිටි පිටාර තැනි ප්‍ර දේශයේ ගලා ගොස් එහි පදිංචිකරුවන්ගේ ජීවිත හා දේපල වලට
හානි සිදු කිරීමය . වාර්ෂිකව ගංඟාවක ජල මට්ටම ඉහළ නැඟිම ඟං වතුර උපද්‍රවය ලෙස නොසැලකෙන
අතර අධික වර්ෂාපතනය නිසා ඇති වන අධික ජල ගැලීම ඟං වතුර ලෙස හඳුන්වයි. ගං වතුර උපද්‍රවයක්
සෙමින් හෝ වේගයෙන් හට ගැනීමක් සිදු විය හැකි අතර එය දින ගණනක් හෝ සති ගණනක් වූවද
පැවැතිය හැකිය. ඇත්තෙන්ම ගං වතුර වනාහී කාළගුණ විදයාත්මක උපද්‍රවයක ද්වීතික උපද්‍රවයක්
සේ සැලැකිය හැකිය
ප්‍රධාන වශයෙන ගංවතුර ඇති වන ආකාර
දෙකකි.
1. ක්ෂණික ගංවතුර : අකුණු කුණාටු ආශ්‍රිත
වර්ෂාපතනය ඇසුරින් නිර්මාණය වන ඟං වතුර මෙනමින් හැඳින්වේ. සාපේක්ෂකව කෙටි කාලයක්
තුළ තීව්‍ර වර්ෂාපතනය හේතුවෙන් ක්ෂණික ඟං වතුර තත්ත්ව ඇති වේ. මෙවැනි තත්ත්වයන්
ඉතා කුඩා ප්‍ර දේශයකට පමණක් බලපෑම දැකිය හැකිය.
2. ප්‍රාදේශීය ගංවතුර : මේවා ගංඟා ද්‍රෝණියක පිටාර ගැලීම නිසා විශාල ප්‍ර දේශයක් යට කරමින් ඇති වන
ජල ගැලීමේ තත්ත්වයයි. ප්‍රා දේශීය ජල ගැලීම් හේතුවෙන් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක්
දේපල විනාශ වීමක් වාර්ෂිකව සිදු වේ. එමෙන්ම ප්‍රවාහන හා සන්නිවේදන සේවාවන්ට අලාභ
හානි සහ අවහිරතා ඇති වීමෙන් සිදු වන ආර්ථික අලාභය ද විශාලය
ගංවතුර
උපද්‍රවයක් නිර්මාණය වීමේ ස්වභාවය අනුව එය ප්‍රධාන කොටස් තුනක් ඔස්සේ හඳුනා ගත හැක..

අධික
වර්ෂාව හේතුවෙන් ඟංගාවේ පිටාර ගැලීම් නිසා ඇති වේ.ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්
හට ගනුයේ වර්ෂාවත් සමඟ ගංගාවේ ජල ධාරිතාවය ඉහළ නැගිමත් සමඟය.
සාමාන්‍යයෙන් ගංවතුර හට ගනු
ලබන ආකාර ප්‍රධාන ස්වරූප තුනක් පවතී.
1. සෙමින් ඇති වන ගංවතුර (Slow-
Onset Floods ) තත්ත්වයක් හට ගත හැකි අතර එය නොකඩවා ඇති වන
වර්ෂා තත්ත්වය තුළ දින ගණනාවක් හෝ සති කිහිපයක් තුළ පැවතිය හැකිය.
2. කෙටි
කාලකදී හට ගනු ලබන වන ඟං වතුර (Rapid Onset Flood) ඉහළ
කඳුකර ප්‍රදේශ වලට හදිස්සියේ ඇති වන අධික වර්ෂාව නිසා හට ගනු ලබයි.
3. ක්ෂණික
ඟං වතුර (Flash Flood) තත්ත්වයන්
කැටිවැහි වළාකුළු ආශ්‍රිතව හට ගන්නා අධික තීව්‍රතාවය නිසා ඉහළ යන වර්ෂාපතන
තත්ත්වයටන් හමුවේ ඇති වේ. එමෙන්ම භූ ගර්භ උපද්‍රවයක් යටතේ නාය යෑම් නිසා ද
තාක්ෂණික උපද්‍රවයක් යටතේ බැමි හා වේලි කැඩි බිඳී යාම නිසාද හට ගැනෙන තත්ත්වයකි.

අධික
උදම් තරංග හා කුණාටු තරංග නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ප්‍ර දේශ ජලයෙන් යට වී යාම
මෙයින් අදහස් කෙරේ. පහත සටහන දක්වා ඇත්තේ වෙරළ ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් හට ගනු
ලබන ආකාරය ය.
නිවර්තන වාසුලි පවත්නා විට මේ තත්ත්වයන් ප්‍රබල වේ. අද වන ලෝකයේ හඳුනා
ගැනීම වන සුනාමි තත්ත්වයන් හමුවේද දෙශගුණික විපර්යාස ත්ත්ත්වයන් හමුවේද වෙරළාශ්‍රිත
ඟං වතුර තත්ත්වයන් උද්ගත වේ.

නාගරීකරණය
සමඟ ස්වභාවික ජල අපවාහනයේ තුලිතතාවය බිඳ වැටීම නිසා නාගරික ඟං වතුර තත්ත්වයන් හට
ගනී.
නාගරික ප්‍ර දේශ ආශ්‍රිතව නාගරීකරණය පදනම් කර ගෙන උද්ගතව ඇති
දැවැන්ත ව්‍යවසන තත්ත්වයක් ලෙස නාගරික ඟං වතුර හඳුනා ගත හැකිය. නාගරික ජල ගැලීම්
ව්‍යසන වර්ෂා ජලය වැඩි වීම නිසා ඉදි කළ භූමිය මත අතිරික්ත ජල අපදාවය වීම නිසා හෝ
සාමුද්‍රික ජල මට්ටම ඉහළ යාම තුළ වෙරළ ආශ්‍රිත පහත් බිම් හී පිහිටා ඇති නගරයන් යට වීම නිසා හෝ ඇති විය හැකිය.
මෝසම්
දේශගුණික ප්‍රදේශ වාර්ෂිකව ගංවතුර උපද්‍රවයන්ට ලක්වේ. ආසියාවේ වසරකට හෙක්ටයාර් දස
ලක්ෂ 4 ක් භෝග හා ඉඩම් විනාශ වේ. දස ලක්ෂ 17 ක් ජනතාවට වාර්ෂිකව ඟං වතුර ව්‍යසනයක් ලෙස බලපායී . කාලීන හෝ ප්‍රාදේශීය වශයෙන් ඟං වතුර ව්‍යසනයන්ගේ
ස්වරූපය වෙනස් වූවත් 2012වර්ෂය වන විටත් ලොක්යේ වැඩි
වශයෙන්ම දක්නට ලැබෙන උපද්‍රවය වන්නේ ඟංවතුර ව්‍යසනයි .
ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන ගංවතුර තත්ත්වයන්, මෝසම්
වැසි සමයන් හා සෘජුවම බැඳී පවතී. ඊසාන දිග මෝසම් තත්ත්වයන් පවතින දෙසැම්බර් -
පෙබරවාරි කාලය ඇතුලත නැගෙනහිර උතුරු හා උතුරු මැද පළාත් ගංවතුර තර්ජනයන් ඇති වන
අතර නිරිත දිග මෝසම් තත්ත්වයන් පවතින මැයි - සැප්තැම්බර් කාලය තුළ බස්නාහිර හා
සබරගමු පළාත් වලට ගංවතුර තර්ජනයන්ට ලක් වේ.
මෙම කාලසීමාවන් තුළදී කඳුකරයේ බටහිර බෑවුම්වල ඇති ගංගා පිටාර යාම හේතුවෙන් කළු හා කැළණි ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ගංවතුර තත්ත්වයන් ඇති වේ.
මෙම කාලසීමාවන් තුළදී කඳුකරයේ බටහිර බෑවුම්වල ඇති ගංගා පිටාර යාම හේතුවෙන් කළු හා කැළණි ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ගංවතුර තත්ත්වයන් ඇති වේ.
ගංවතුර තර්ජනය අතරතුර දී,
·
හදිසි ගංවතුර තත්ත්වයන් පිළිබඳව විමසිලිමත්
වන්න. තොරතුරු දැනගැනීම සඳහා නිරතුරුව ගුවන්විදුලියට සවන් දෙන්න / රූපවාහිනිය
නරඹන්න. එසේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති
වූ විටක උපදෙස් පැමිණෙන තෙක් නොඉඳ හැකි ඉක්මනින් උස් බිමක් කරා යන්න.
·
ගංගා ඇළ දොළ, ජලාප්‍රවාහන මාර්ග, දෝරු ආදී හදිසි ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි ස්ථානයන් පිළිබඳව
නිරතුරුව විමසිලිමත් වන්න.
· ඔබ වෙනත් ස්ථානයක් කරා
යාමට අදහස් කරන්නේ නම්, ඔබ නිවස සුරක්ෂිත බව තහවුරු කරන්න. අත්‍යවශ්‍ය
භාණ්ඩ උඩුමහලකට හෝ උස් ස්ථානයකට ගෙන යන්න.
·
ප්‍රධාන විදුලි ස්විච අක්‍රීය කර තබන්න. විදුලි
උපකරණ විසන්ධි කරන්න. තෙත් අතකින් හෝ ජලයේ බැස සිටින අවස්ථාවක විදුලි උපකරණ ස්පර්ශ
නොකරන්න.
නිවස හැර දා යාමට සිදුව ඇති අවස්ථාවක මෙම කරුණු
හොඳින් සිහි තබා ගන්න.



සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ගාල්ල - කඩවත් සතර
http://www.disastermin.gov.lk/web/index.php option=com_content&view=article&Itemid=0&id=58&lang=si
0 comments:
Post a Comment