December 26, 2016

ලොව කුඩාම ගුවන් විදුලි ප්‍රතිග්‍රාහකය

මෙම කුඩා ගුවන් විදුලි ප්‍රතිග්‍රාහකයේ තැනුම් ඒකකය පරමාණු දෙකක ප්‍රමාණයක් ගෙන ඇති අතර එය ඉතා කටුක පරිසරයකට පවා ඔරොත්තු දීමත් සහ ශරීරයට හිතකර වීමත් (Biocompatible) විශේෂ ලක්ෂණයකි. මෙම උපාංගය සිකුරු ග්‍රහයා මත සිට මිනිස් හෘදයේ ගතිකරය දක්වා ඕනෑම තැනක ක්‍රියා කිරීමට හැකියාව ඇත. මෙම පරීක්ෂණය සඳහා මූලිකත්වය ගනු ලැබුවේ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය Marko Loncar සහ ඔහුගේ උපාධි අපේක්ෂකයෙකු වන Linbo Shao විසිනි.

ඩයමන් තුල ඉතා කුඩා දෝෂ ගුවන් විදුලි භාවිතා කරන අතර මෙය nitrogen-vacancy (NV) මධ්‍යස්ථාන ලෙස හඳුන්වයි. මෙම NV මධ්‍යස්ථානයන් සෑදිම සඳහා පර්යේෂකයන් විසින් නයිට්ට්‍රජන් පරමාණුවක් සමග ඩයමන් ස්පටිකයක් තුල වූ එක් කාබන් පරමාණුවක් වෙනුවට ආසන්න පරමාණුවක් ඉවත් කර ප්‍රධාන වශයෙන් සිදුරක් සහිත නයිට්ට්‍රජන් පරමාණුවක්  නිර්මාණය කර ඇත. මෙම NV මධ්‍යස්ථාන වලට හෝ ෆෝටෝන විමෝචනය හෝ ඉතා දුර්වල චුම්භක ක්ෂේත්‍ර සොයා ගැනීම කල හැකිය. එයට තොරතුරු ආලෝකය බවට පරිවර්ථනය කිරීමේ හැකියාවක් කොන්ටොම් පරිගණක, phontonics සහ සන්නිවේදන සඳහා මතු බලාපොරොත්තු සහිත පද්දති සෑදීමේ බලවත් හැකියාවෙන් යුත් ගුණාංග ඇත.  
ගුවන් විදුලිය සතුව ප්‍රධාන සංරචක පහක් ඇත. එනම් බල ප්‍රභවයක්, ප්‍රතිග්‍රාහකයෙක්, වාතය තුල ඇති ඉහළ සංඛ්‍යාතයෙන් යුක්ත විද්‍යුත් චුම්භක සංඥාවන් අඩු සංඛ්‍යාතයෙන් යුත් විදුලිය බවට පරිවර්ථනය කිරීමේ පාරනායකයක්, විදුලිය ශබ්දය බවට පත් කිරීම සඳහා ස්පීකරයක් හෝ හෙඩ් ‍ෆෝනයක් සහ සුසරකයක් යන ඒවා වේ.
හාවඩ් උපාංගයන් තුල  ඩයමන් තුල වූ NV මධ්‍යස්ථාන්ගේ ඉලෙක්ට්‍රෝනවලට බලය ලබාදීම හෝ ලේසර් සමග කොල එළිය විමෝචනය විසින් තල්ලුවක් ලබාදේ. මෙම ඉලෙක්ට්‍රෝන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයකට සංවේදී වන අතර FM ගුවන් විදුලි වල භාවිතා වන තරංග ඇතුලත් වේ. උදාහරණයක් ලෙස NV මධ්‍යස්ථානය වෙත ගුවන් විදුලි තරංග ලැබෙන විට ඒවා පරිවර්ථනය කර රතු ආලෝකයක් ලෙස ශ්‍රව්‍ය තරංග විමෝචනය කරයි. සාමාන්‍ය ප්‍රකාශ ඩයෝඩ එම ආලෝකය ධාරාවක් බවට පත් කර ඉන් පසු ස්පීකර හෝ හෙඩ් ෆෝනයන් හරහා ශබ්ධ තරංග බවට පරිවර්ථනය කරයි.
විද්‍යුත් චුම්භකයන් ශක්තිමත් චුම්භක ක්ෂේත්‍රයක් ඩයමන්ඩ් වටා ඇතිකරන බැවින් ඒවා ගුවන් විදුලි මධ්‍යස්ථාන වෙනස් කිරීමට සහ NV මධ්‍යස්ථානයේ සංඛ්‍යාත ලැබීම සුසර කිරීමට භාවිතා කල හැකිය. Shao සහ Loncar සංඥා වර්ධනය කිරීමට NV මධ්‍යස්ථාන බිලියනයකට වඩා භාවිතා කලත් ආලෝක ප්‍රවාහයකට වඩා එක් NV මධ්‍යස්ථානයක්, එක් අවස්ථාවකදී එක් ප්‍රෝටෝනයක් විමෝචනය සමග ගුවන් විදුලි ක්‍රියා කරන ලද ඩයමනඩ් වල ඇති අද්වීතිය ගුණය නිසා පර්යේෂණ කණ්ඩායමට ගුවන් විදුලියක 350 0 C දී පවා සංගීතයක් සාර්ථකව වාදනය කිරීමට හැකියාව ලැබී ඇත. තව දුරටත් Loncar පවසන්නේ මෙම රේඩියෝව අවකාශයේ තුලත්, කටුක පරිසරයක් තුලත් මිනිස් සිරුර තුල පවා ක්‍රියාකරවීමට හැකියාව ලැබෙනු ඇති බවය. 

https://www.sciencedaily.com/releases/2016/12/161216114311.htm

0 comments:

Post a Comment