December 23, 2016

ඕනවට වඩා ඕනෙම නැති ප්‍රතිජීවක


ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනම නැත යන්න තව දුරටත් තහවුරු කරන අවස්ථාවක් ලෙස ප්‍රතිජීවක භාවිතය සඳහන් කල හැක.උණක්, හිසරදයක්,බඩේ අමාරුවක් වැලඳුනු විට අත් බෙහෙත් භාවිතා කිරීම අප කුඩා අවධියේදී දෙමව්පියන් පළමු පියවර වශයෙන් සිදු කල බව මතකයට නැගේ.නමුත් අවාසනාවන්ත ලෙස නූතන මව්වරු භාවිතා කරන පළමු ප්‍රතිකාරය වන්නේ antibiotic භාවිතයයි.අද ඒ තරමටම ප්‍රතිජීවක ප්‍රචලිත වී ඇත.
අලුත්ම තොරතුරු මඟින්  අනාවරණය වී ඇත්තේ ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව අවධානම් සහගත ලෙස ඇති වී පැතිරී යමින් පවතින බවයි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ මෙහි බැරෑරුම් බව 2017 වන
  විට උච්චතම අවස්ථාවට පැමිණිය හැකි බවයි.එහි භයානකම ප්‍රතිවිපාකය වන්නේ මිනිසුන් ඉතා සාමාන්‍ය බැක්ටීරියා ආසාදන වලින් මිය යාමට ඉඩ ඇති බවයි.ප්‍රතිජීවක ප්‍රතිවිරෝධිතාව නිසා‍ ගොනෝරියා සිට මු නාල මුත්‍රආසාදන දක්වා රෝග සුව කිරීමට නොහැකි තත්වයක් උදාවිය හැකි බව අවධාරණය කෙරේ.මෙම තත්වය උග්‍ර වීම වැලැක්වීමට වහ වහා ක්‍රියාත්මක වීමට 2017 වසරේ ප්‍රමුඛ පියවර ගැනීමට FAO මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර ඇත.
වැඩිපුරම ප්‍රතිජීවක භාවිතා කරන්නේ මිනිසුන් බව අපි සිතාගෙන සිටියත් ඊට වඩා සත්ව පාලනයේදී සතුන්ට ප්‍රතිජීවක ලබා දීම සිදු කරන බව නවතම දත්ත හෙලි කරයි.මස් සඳහා යොදා ගන්නා සතුන්ගේ සීඝ්‍ර වර්ධනය හා ලෙඩ රෝග වලට ඔරොත්තු දීමට වෙනත් විකල්ප වලට වඩා antibiotic වෙත අවධානය යොමු කිරීමට තුන්වන ලෝකයේ රටවල් පුරුදු වී ඇත.ලෝක ඉල්ලුමට ගැලපෙන අයුරින් සැපයුම සඳහා මිල අඩුම හා පහසුම ක්‍රමය ලෙස චීනය ඇතුළු අනෙකුත් ආර්ථීක වශයෙන් දුර්වල රටවල් antibiotic භාවිතා කරයි.
එබැවින් සත්ව ගොවිපලවල් සඳහා ප්‍රබල ලෙස නීති සම්පාදනයේ අවශ්‍යතාවයක් ද පැන නැඟී ඇත.උදාහරණයක් ලෙස Colistia  නම් ගොවිපලවල ඇති කරන සතුන්ට දෙනු ලබන ප්‍රතිජීවක වර්ගය මිනිසුන්ගේ ආසාදනයන්ටද බහුලව යොදා ගන්නා ඖෂධයකි.නමුත් ඉතාම කණගාටුදායක තත්වය නම් Colistia resistance වේගයෙන් ව්‍යාප්තව යාමට පටන් ගැනීමයි.
කෙසේ නමුත් ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවට විකල්ප ක්‍රමවේදයක් නුදුරේදීම සොයා නොගතහොත් තත්වය කොයි විදිහට ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ආන්දෝලනයක් ඇති කරාවි දැයි සිතාගන්නටවත් නොහැක.ප්‍රතිජීවක සත්ව පාලනයේදී යොදා ගැනීම මෙන්ම මිනිසාගේ භාවිතයට ගැනීම අඩු කිරීම අපගේ අනාගත පරපුර රැක ගැනීමට කල හැකි මහඟු ආයෝජනයක් වනු නොඅනුමානය.

New Scientist සඟරාව ඇසුරෙනි 

0 comments:

Post a Comment