December 26, 2016

පලිබෝධනාශක විසින් ගිල ගන්නා ලොව සංවේදීම ජීවීන් කොට්ඨාශය

පරිසරය තුලණාත්මකව පවත්වා ගැනීමේ ප්‍රභල සාධකයක් වන මී මැස්සා මිහි මතින් ඉවත්ව ගියදාට මිනිසාගේ පැවැත්ම බිදවැටෙනු ඇත.
පාරිසරික වෙනස්වීම් කෙරෙහි මී මැස්සා දක්වන්නේ ප්‍රභල සංවේදීතාවයකි. දිනෙන් දින වැඩිවන පරිසර විනාශය හේතුවෙන් මී මැසි ගණාවාස සිග්‍ර ලෙස වද වීමට මුල පුරා ඇත. ගණාවාස බිද වැටීමේ අක්‍රමිකතාවය (Colony collapse disorder (CCD) ඒ අතර ප්‍රමුඛ වේ. මෙහිදී වඩා කාර්යයක්ෂමව පවතින මී මැසි ගහනයක් ක්ෂනිකව බිදවැටීමට ලක් වන අතර ඉතා කෙටි කාලයකින් අතුරුදහන්ව යයි. පාරිසරික විද්‍යාඥයන්ගේ මතය අනුව මෙය ලෝකය තුල මෑතකදී හදුනාගත් දරුණු ඝනයේ ස්වාභාවික ව්‍යසනයක් වී හමාරය.

මීමැසි පාලනයේ නිරතවන ගොවීන්  වර්ථමානයේ අත්විදින ප්‍රබල අභියෝගයක් ලෙස මෙය හදුනා ගත හැකිය. මෙහිදී බෝහෝවිට ගනාවාසයේ  වැඩකරන මැස්සන් අක්‍රමවත් චර්යා රටාවන් පෙන්වන අතර ගනාවාසයෙන් පිටවන රැජිණ මැස්සිය බොහෝවිට ගනාවාසයෙන් පිටත මැරී සිටිනු දැක ගත හැකි බව බිගු පාලකයින් පවසයි. මේ හේතුව නිසා ගහණ තුල මැස්සන්ගේ මරණ අනුපාතය 30% - 90% අතර වැඩිවී ඇති බව ඔවුන් පවසයි. සෞම්‍ය කලාපික බොහෝමයක් බෝගයන්ගේ ප්‍රධාන පරාඝකයා වනුයේ මී මැස්සාය. ඇමරිකාවේ පමණක් බෝග වර්ග 130ක ප්‍රධානතම පරාඝකයා මී මැස්සාය. ඇමරිකාව සතු වත්කමින් ඩොලර් බිලියන 15කටම වගකියනුයේ මෙසේ පරාගනය වන බෝග මගින් ලබාගන්නා ආදායමයි. එබැවින් මෙම අක්‍රමිකතාවය රටේ ආර්ථිකයට එක්වූ දැවැන්ත පහරකි.
ගනාවාස බිදවැටීමේ අක්‍රමිකතාව හේතු සාධක කිහිපයක් මත රදා පවතින බව ඒ ආශ්‍රිත පර්යේෂණයන්ගේ නිරතවන විද්‍යාඥයින් පවසයි. ඉන් බැක්ටීරියා, දිලීර, වයිරස් හා මයිටා හානිය බොහෝවිට හේතුවන අතර ප්‍රභලතම සාධකය පලිබෝධ නාශක භාවිතය බව ඔවුන්ගේ අදහසයි. Bulletin of insectology  සඝරාවට අනුව පළිබෝධ නාශක මීට ප්‍රභල සාධකයකි. මේ සදහා හාවඩ් සරසවියේ ජීව විද්‍යාඥයන් පදනම් කර ගනුයේ බඩ ඉරිගු වගාවට යොදන කෘමිනාශකයන්ගේ අඩංගු ඉමිඩනක්ලෝප්රිඩ් (Imidacloprid) රසායනිකයයි. මෙම රසායනික සංයෝගය මී මැස්සාගේ මධ්‍ය ස්නායු පද්ධතියට සෘජුව බලපෑම් ඇතිකරන බව ඔවුන් තහවුරු කරගෙන ඇත. මෙම රසායනික, ශාක යුෂ (පැණි) ඔස්සේ කාලයක් ශරීර ගත වීමෙන් මෙවන් අක්‍රමිකතාවයන්ට ලක් වන බව පර්යේෂකයන් පවසයි. තවද වාණිජ මට්ටමේ බිගු පාලකයින් විසින් ලබාදෙන බඩ ඉරිගු මගින් නිපදවන සීනි ද්‍රාවන මී මැස්සන්ට නිතර ලබාදීම හේතුවෙන්,බඩඉරිගු යුෂයේ අඩංගු මෙම රසායනිකය වඩා වේගයෙන් ශරීර ගතවන බවද ඔවුන් පවසයි. ඒ අනුව CCD අක්‍රමිකතාවය හා Imidacloprid අතර සෘජු සම්බන්ධතාවයක් පවතින බව පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත.
මේ පිලිබද වැඩිදුර පර්යේෂන පැවැත්වූ පර්යේෂකයන් විවිධ සාන්ද්‍රනයන්ගෙන් සමන්විත Imidacloprid අඩංගු සීනි ද්‍රාවන මීමැස්සන්ට සැපයූ අතර වැඩි සාන්ද්‍රන අන්තර්ගත වූ සීනි ආහාර කොටගත් මී මැස්සන් තුල මෙම රසායනිකය බහුලව අන්තර්ගතව ඇති බවත්, අක්‍රමිකතාවය බහුලව දක්නට ලැබෙන බවත් අනාවරණය විය. ඒ අනුව ඔවුන්ගේ අවසාන නිගමනය නම් කෘෂිකර්මාන්තය ආශ්‍රිතව රසායනික භාවිතය පිළිබදව අත්තනොමතිකව ගන්නා ඇතැම් තීරණ පාරිසරික වශයෙන් අතිශය සංවේදී ජීවී කොට්ඨාශයන්ට ප්‍රභල තර්ජනයක්ව ඇති බවයි.

www.science.time.com ඇසුරිණි.

0 comments:

Post a Comment