December 30, 2016

විටමින්

විටමින්
 විටමින් නමින් හැඳින්වෙන්නේ ශරීරයේ වර්ධනය සහ සෞඛ්‍ය සම්පන්න බව පවත්වාගෙන යාමට අවශ්‍ය වන අංශුමාත්‍ර ද්‍රව්‍යයන්. සමහර විටමින් රෝගාබාධ ඇති කරන විෂබීජවලින් වළක්වා ගැනීමේ ප්‍රතිශක්ති ක්‍රියාවලියට උදව් කරන අතර සමහර විටමින් ශරීරයේ එන්සයිමවල ක්‍රියාකාරිත්වයට සහාය වී ශරීරයේ ශක්තිය නිෂ්පාදනය කරනවා. තවත් සමහර විටමින් හෝමෝන වර්ග තැනීමේ ක්‍රියාවලියේ දී හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ දී ප්‍රයෝජනවත්.
විටමින වර්ග කරනුයේ එහි ජීව ක්‍රියාවලීන්ට අනුව මිස එහි ව්‍යුහය මත පදනම්ව නොවේ. එක් විටමිනයක් මගින් වයිටමර් (Vitamer) නම් සංයෝග කිහිපයක් නියෝජනයවන අතර එමගින් එක්තරා විටමිනයක ජෛව ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරන රසායනික සංයෝගයන් නිර්මාණය කෙරේ. මෙලෙස සොයා ගන්නා ලද රසායනික ද්‍රව්‍යයන් ඉංග්‍රීසි හෝඩියෙහි අක්ෂර වින්‍යාසයට අනුකූලව නම් කර ඇත. උදාහරණයක් ලෙස විටමින් ඒ යනු රෙටිනාල්, රෙටිනෝල් සහ කැරටිනොයිඩයි. මෙම වයිටම වර්ග සිරුර තුළ එකිනෙක කෙරෙහි පරිවර්ථනය කළ හැකිය. විටමින යන වදන මගින් අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය මේද අම්ල හෝ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නියෝජනය නොවේ.
                                 විටමින් වර්ග
o    විටමින් ඒ (Vitamin A : Beta Carotene)
o    විටමින් බී (Vitamin B-1 Thiamin)
o    විටමින් බී (Vitamin B-2 : Riboflavin)
o    විටමින් බී 6 (Vitamin B-6 : Pyridoxine)
o    විටමින් බී-12 (Vitamin B-12 : Cobolamin)
o    විටමින් බී-3 (Niacin-Vitamin B-3 : Niacinamide)
o    විටමින් සී (Vitamin C :Ascorbic Acid)
o    විටමින් ඩී (Vitamin D)
o    විටමින් ඊ (Vitamin E)
o    විටමින් කේ (Vitamin K)
o    විටමින් ඕ 9 (Vitamin O-9)
o    Panthenic Acid
o    Biotin
o    Folic Acid
o    Inositol
o    Choline
o    PABA (Para Amino Benzoic Acid)
ජල ද්‍රාව්‍යය විටමින්
විටමින් C සහ B-සංකීර්ණයට අයත් විටමින සියල්ල ජලද්‍රාව්‍යය විටමින ලෙස හදුන්වන අතර මේවායින් බොහොමයක් දේහයේ අතයාවශ්‍ය පරිවෘත්තිය ක්‍රියාවලින් සදහා වැදගත් වනු ලබන සහඑන්සයිමයන් (Coenzyme) ලෙස ක්‍රියා කරනු ලබයි.එමෙන්ම මෙම විටමිනයන් දේහය තුල සුළු වශයෙන් සංචිත කෙරෙන බැවින්ද වෘක්ක ඔස්සේ දේහයෙන් බැහැරවන බැවින්ද දෛනිකව නිශ්චිත ප්‍රමාණයක් දේහයට එක්කර ගැනිම අනිවාර්යය වේ.
මේද ද්‍රාව්‍යය විටමින්
විටමින් K,A,D සහ E මේද ද්‍රාව්‍යය විටමිනයන් ලෙස සැලකෙන අතර මෙම විටමිනයන් කිසිවක් සහඑන්සයිම ලෙස වැදගත් නොවන අතර දේහයේ අක්මාව සහ විවිධ පටක තුල විශාල සංචිතයන් ලෙස පවැත්වා ගනු ලබයි.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගගකෝරළේ

0 comments:

Post a Comment