December 28, 2016

සහලේ වරුණ


පුරාතන ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන ආහාර වේල් තුන සදහා බත් ආහාරයට ගත්තත් වර්ථමානයේ ජන ජීවිතයේ ඇති කාර්ය බහුලත්වය හේතුවෙන් ක්ෂණික කෑම වර්ග වලට යොමු වීමේ ප්‍රවනතාවය ඉතා මට්ටමක පවතී. ඊට සමගාමීව බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ අවධානමද ඉහල යන බව සිහි තබා ගත යුතු යුතුය.
වෙනත් ප්‍රධාන ධාන්‍ය වර්ග හා සැසදීමේදී සහල්වල තිබෙන ප්‍රෝටීන් ගුණාත්මක භාවයෙන් ඉහල අතර එහි තිබෙන ප්‍රෝටීන්වල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අප ශරීරයට අවශ්‍ය  අනුපාතයෙන් අඩංගු වේ. ආහාරයේ ප්‍රෝටීන්වල ගුණාත්මක භාවය ප්‍රකාශ කිරීමට යොදා ගන්නා Chemical Score අගය සහල් වල 67% ක් වන අතර ශුද්ධ නොකරන ලද තිරිගු පිටිවල වුවද එය 53% ක් පමණි. ඒකක බරක් ජීර්ණය වීමෙන් වැඩිම ශක්ති ප්‍රමාණය් ලබා දෙන ධානයයද සහල්ය. තවද ආප්ප, ඉදිආප්ප, පිට්ටු වැනි සහල් ආශ්‍රිත සම්ප්‍රදායික ආහාර සමග නිරතුරුවම භාවිතා වන පොල් සහ පරිප්පු ආදියෙන් සැපයෙන ඇමයිනෝ අම්ල හේතුවෙන් ආහාර වේලෙහි අඩංගු ප්‍රෝටීන් ගුණය තව දුරටත් ඉහල නංවාලයි. සාමාන්‍යයෙන් සහල් බර ආහාරයක් ‍ලෙස සැලකුවත් විද්‍යාත්මක සොයා ගැනීම් මගින් සනාත කරනුයේ සහල් උදරාබාද සහිත විටදී පවා ඉතා පහසුවෙන් ජීර්ණය වන  සම්පූර්ණයෙන්ම ජීරණ පද්ධතියට අවශෝෂණය වන ආහාරයක් ලෙසයි.

සහල් ඉතා හොද  විටමින් B ප්‍රභවයකි. නිවුඩු සහල්වල මැංගනීස්, සෙලිනියම්, මැග්නීසියම් හා පොස්පරස් යන ඛනිජ වර්ගද වේ.සහල් නිවුඩු මගින් බඩවැල්වල පිලිකා ඇති වීම සහ වෙනත් උදර රෝග, හෘද රෝග අධික තරබාරු බව සහ ඉන්සියුලීන් ප්‍රතිරෝධීතාව ඇති වීම වලක්වාලයි.
යම් ආහාරයක් ජීර්ණය වීමේදී කෙතරම් ඉක්මනින් සීනි බවට පරිවර්ථනය වනවාද යන්න දැක්වෙන ග්ලසිමික් දර්ශකය නිවුඩු සහල් වල 70 ක් පමණ  ද සුදු සහල්වල 73  ක් පමණ  ද වන අතර තැම්බු සහල්වල එය 65ට අඩු අගයක් වේ. නමුත් සුදු පාන්වල එය100 වේ.
තිරිගු වල ප්‍රෝටීන් වර්ග 100ක් පමන අඩංගු වන අතර මෙයින් ඕනෑම ප්‍රෝටීනයක් අසාත්මිකතාවයක් ඇති කිරිමේදි ඉඩකඩක් තිබෙනවා. මෙය තිරිගු පිටි ආහාරයට ගැනීමෙන් මෙන්ම ආඝ්‍රානය කිරීමෙන් ද ඇතිවෙනවා බේකරි කර්මාන්තයේ යෙදෙන්නන් බොහොමයකට ඇතිවන ඇදුම (Baker’s Asthma) වැනි තත්වයන්ට හේතුවද මෙය බව සොයා ගෙන ඇත.
ශරිරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය, තිරිගුපිටි වල අඩංගු ග්ලුටන් වලට දක්වා ප්‍රති ක්‍රියාවක් නිසා ග්ලුටන් ජිර්ණය නොවිමෙන් කුඩා බඩ වැලේ අවශෝෂණ පෘෂ්ඨයට හානි  සිදු වීමද වනවා. එබැවින් ආහාර කුඩා අන්ත්‍රය තුලින් ගමන් කිරීමේදී ඒවාය් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණයට ලක් නොවීමේ අවදානමක්ද පවතිනවා. මෙය මන්ද පෝෂණයටද මග පෙන්වීමකි.

වසර දහස් ගණනක් තිස්සේ අපේ ඉතිහාසය පුරාවට සහල් සහ සහල් ආශ්‍රිත නිෂපාදන ප්‍රධාන ආහාරය කරගත් අප නැවත එම තත්වයට යොමු වීම අපගේ සෞඛයට මෙන්ම රටෙහි  ආර්ථිකයටද ඉතා සුභදායක බව පෙනේ.

0 comments:

Post a Comment