December 28, 2016

LED සංඥා පුවරු නිර්මාණය(1)

LED සංඥා පුවරු නිර්මාණය (1)

(ඩී.එම්.වසන්ත රණසිංහ, මුලටියන විදාතා මධ්‍යස්ථානය)

විද්‍යාවේ දියුණුවත් සමඟ ප්‍රචාරන කටයුතු සඳහා LED සංඥා පුවරු යොදා ගැනීම ජනප්‍රිය වෙමින් පවතී. මීට හේතු කිහිපයක් ඇති අතර ආකර්ෂණීය බව, වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කළ හැකි වීම ඉන් ප්‍රධානය. එබැවින් වෙළඳ ව්‍යාපාර සහ බස් රථවල නාම පුවරු සඳහා LED සංඥා පුවරු යොදා ගැනීම අප රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

අවශ්‍ය  උපාංග

  •   බල සැපයුම (Power supply)
  •   මවු පරිපථය (Mother board / Control Card)
  •   එල්.ඊ.ඩී. පුවරුව (LED panel)
  •   බල සැපයුම් රැහැන (Power supply cable)
  •  දත්ත රැහැන් (Data cables)
  •   පරිඝණකය (Computer)
  •   පෙන් ඩ්‍රයිව් එකක් (Pen drive)
  •   මෘදුකාංගය ( Soft ware)
බල සැපයුම (Power supply)
Ø  මෙහි ප්‍රදාන සැපයුම 230V වන අතර ප්‍රතිදානය 5V වේ. භාවිතා කරන LED panel සංඛ්‍යාව අනුව විවිධ ඇම්පියර් ප්‍රමාණ වලින් ලබා ගත හැක. LED panel 1 සිට 6 දක්වා 10A පමණ ලබාදෙන සැපයුමක් ප්‍රමාණවත්ය. LED panel ප්‍රමාණය වැඩිවත්ම ඊට සරිලන ධාරාවක් සහිත බල සැපයුම් භාවිතා කළ යුතුය.
Ø  වාහන සදහා 12V ට සකසන ලද බල සැපයුම් ඇත. 


මවු පරිපථය (Mother board)

මේ සඳහා විවිධ වර්ගවල Mother boards භාවිතා කරයි. අප රටතුළ වෙළඳපොලෙහි පහසුවෙන් ලබා ගතහැකි TF කාණ්ඩයට අයත් Mother board වර්ග කිහිපයක් හා ඒවායේ විශේෂතා පහත පරිදි වේ. 




එසේම මේවා විවිධ වර්ණවලින් ද ලබා ගත හැක. එනම් තනිවර්ණ, ද්විත්ව වර්ණ හා ත්‍රිත්ව වර්ණ සහිත LED බල්බ වලින් තැනූ LED panel ලෙස වේ. අවශ්‍ය නම් තනිවර්ණ සහිත panel වල බල්බ කොටසක් ඉවත් කර වෙනත් වර්ණ සහිත බල්බ පාහා ගැනීමෙන් එකම පැනලයේ කොටස් විවිධ වර්ණයෙන් දැල්විය හැක. පැනලයේ උස හා පළල දක්වනුයේ බල්බ සංඛ්‍යාව අනුවය.




 මේ සදහා අවශ්‍ය පරිදි වෙනත් වයරයන්ද යොදා ගත හැක.


මෙම කොටස්වලට අමතරව හොඳ තත්වයේ පරිඝණකයක්, පෙන් ඩ්‍රයිව් එකක් හා Mother board එක program කිරීමට සුදුසු  software එකක් අවශ්‍යය. TF කාණ්ඩයේ Mother boards,  program කිරීම සඳහා “power led” software එක භාවිතා කරන අතර එහි විවිධ Mother boards  සඳහා විවිධ versions ඇත.
(මතු සම්බන්ධයි........... )
සැකසුම: ඩී.එම්.වසන්ත රණසිංහ, මුලටියන විදාතා මධ්‍යස්ථානය.

1 comments:

මේකෙ ප්‍රෝගෑම් බෝඩ් එක කන්ඩ තියෙයිද

Post a Comment