December 23, 2016

තේ පානය නිසා සිදුවන ප්‍රතිලාභ

තේ යනු ලොව ජනප්‍රියම පානයකි.  එයට හේතුව වන්නේ එහි ඖෂධීය වටිනාකමකින් යුත් සංඝටක වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වීමයි.
තේ  වල වැඩි වශයෙන් පවතිනෂධීය  සංඝටක වන්නේ පොලිෆිනෝල හා කැෆේන්ය. කැෆේන් උත්තේජයක් ලෙස ක්‍රියාකරනු ලබන අතර  එමගින් මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කොට සිරුරට වඩාත් ප්‍රබෝධමත් බවක් ලබාදේ .
තේ වල පවතින පොලිෆිනෝල වලට ප්‍රතිඔක්සිකාරයක් ලෙස ක්‍රියාකිරිමට හැකියාව ඇත. එම නිසා බොහෝ ලෙඩ රෝග සැදිමේ හැකියාව අවම කරනු ලැබේ. නුතන පර්යේෂණ වලට අනුව තේ යනු පොලිෆිනෝල බහුලව පවතින පානය ‍ලෙස හදුන්වා දී ඇත .
තේ වල පොටැසියම් මුලදුව්‍ය බහුලව පැවතුනද සෝඩියම් පවත්නුයේ ඉතා අල්ප ප්‍රමාණයකි .එම නිසා ආහාරයේ කැලරි ප්‍රමාණය පාලනය කල යුතු අයට තේ ඉතා යෝග්‍ය පානනයකි .එමෙන්ම තේ වල ෆ්ලෝරයිඩ් සැලකිය යුතු ‍ ප්‍රමාණයක් පවතින හෙයින් දත් දිරා යාම වලක්වා මුඛ ‍සෞඛ්‍ය  මනා ලෙස පවත්වා‍ ගෙන යාමට දායක වේ .
ෆොලීෆිනෝල  වලට ශරිරය තුල නිපදවෙන විෂ සහිත මුක්ත ඛන්ඩ වල බලපැම අවම කිරිමේ හැකියාවක් ඇත. එමගින් පිලිකා වැනි බරපතල රෝගි තත්ව ඇතිවිම වලක්වාලනු ලැබේ. හෘර්ද රෝග සැදිමට ප්‍රධාන වශයෙන් හේතුවන ලිපිඩ හා මුක්ත ඛණ්ඩ තේ වල පවතින ප්‍රතිඹක්සිකාරක මගින් අවම  තත්වයක පවත්වාගනු ලැබේ. එම නිසා හාර්ද රෝග වැලදිම අවම ‍කෙරේ .එසේම ලිපිඩ ඔක්සිකරණය වීම අවම කොට ශරිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නියමිත මට්ටමක පවත්වා ගැනිමට හැකියාවක් පවති.
රුධිරය කැටි ගැසීම මගින් රුධිර නාල අවහිර වීම (Coronary thrombosis)  වර්ථමානයේ පවතින සුලභ රෝගී තත්වයකි . තේ වල  පවතින ඹෘෂධීය  සංඝටක මගින් මෙම රෝගි තත්වය අවම කළ හැකි බව විද්‍යාත්මකව තහවුරු කොට ඇත . එසේම දියවැඩියාව වැනි රෝග අවම කිරිමේ හැකියාවද තේ වලට ඇත. තේවල පවතින මයිරිසිටීන් (myricetin) නැමති ෆ්ලැවනෝලය ඉන්සියුලින් සේ ක්‍රියාකොට දියවැඩියාව වැනි රෝග ඇතිවීම අවම කරයි .
තේ වල පවතින පොලිෆිනෝල නිසා මිනිස් සිරු‍රේ ප්‍රතිශක්තිකරණය හැකියාව ඉහල නැංවිමට හැකියාව ඇත. සිරුරේ ආසාධිත තත්වයක් ඇති වු විට මුක්ත ඛන්ඩ විශාල ප්‍රමාණයක් සැදෙන අතර එම මුක්ත ඛන්ඩ තේ වල   පවතින පොලිෆිනෝල මගින් විෂ රහිත තත්වයට  පත්කොට සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල නංවනු ලැබේ.
එසේම  ආහාර ජීර්ණ පද්ධතිය‍ ෙ කරෙහිද තේ වලින් යහපත් බලපැමක් ඇත. නිතර තේ පානය නිසා ආහාර මාර්ගයේ සිටින අහිතකර ක්ෂදු ජිවින්  ගහනය අවම  කොට ආහාර ජිර්ණය පහසු කරවන ලැක්ටොබැසිලස්  (Lactobacillus ) හා Bifidobacteria වැනි ක්ෂුදු ජිවි ගහණ වැඩි කරනු ලබයි .තේ වල පවතින ප්‍රතිඹක්සිකාරක නිසා රෝග වලට ගොදුරැ වීම අවම කරේ එසේම ප්‍රතිශක්තිකරණ හැකියාව රැක ගැනිමෙන් වයස් ගත විම අවම කොට සිරැරට තරුණ බවක් ලබා දේ .

ඉහත සදහන් කල සංඝටක වලට අමතරව තියනීන්  නැමති ප්‍රෝටීනමය නොවන ඇමයිනෝ අමිලය තේ වල පවතින තවත් වටිනා සංඝටයකි. මෙය තේ වලට ආවේණික   සංඝටකයක් වන අතර මෙමගින්  මොළයේ සෛල ඉහිල් කිරිමක් සිදු නරනු ලබයි. එම නිසා මොළයට ලිහිල්බවක්ලබාදේ එසේම මොළයේ ස්නායු ආවේග  පරිවහනයටද දායකත්වයක් දක්වයි. මේ නිසා තේ යනු රෝග රැසකට පිලියම් ඇති සෞඛ්‍යමය පානයකි.  

0 comments:

Post a Comment