December 26, 2016

කාබන්

කාබන් යනු මූල ද්‍රව්‍ය අතරින් අති විශේෂ මූල ද්‍රව්‍යයකි. එසේ වන්නේ කාබන්, කාබන් පරමාණු සමඟත් වෙනත් මූලද්‍රව්‍ය සමඟත් පහසුවෙන්ම එකතුවීමේ හැකියාව කාබන් පරමාණුව සතුවීමය.
ඒ හැකියාව අනුව , මිලියන ගණන් සංයෝග සෑදීමේ හැකියාව කාබන් සතුවේ. ස්වභාවිකව මෙන්ම කෘතිමවද කාබන් එක්කර ගනිමින් සංයෝග සෑදීමේ හැකියාව ඇත.
කාබන් පරමාණු එකතු වී විවිධ හැඩ සහිත අණු සෑදීමේ හැකියාවද ඇත. මෙම හැඩතල පිරමීඩ,දම්වැල්,මුදු, ස්ථර, නල ආකාරයෙන් විය හැකිය.
    
 
   විවිධ හැඩ සහිත අණු
            ශාක හා සත්ත්ව සෛල වල වෙනස්කම් තිබුණද එම සෛලවල සැකැස්මට මූලිකව දායකවන්නේ කාබන්ය. එනම් කාබන් නොමැති ලෝකයක් ගැන සිතීමට නොහැකි තරම්ය. කබෝහයිඩ්‍රේට, මේදය, ඇමයිනෝ අම්ල, වැනි සංයෝග වල ද කාබන් අඩංගුය.

දියමන්ති 
දියමන්ති යනු පිරමීඩ හැඩයට සෑදුණු කාබන් පරමාණු එකතුවකි. පිරමීඩ හැඩයට කාබන්, කාබන් පරමාණු අතර  බන්ධන සෑදීමේදී ඉතාමත් ශක්තිමත් වන අතර,දියමන්ති ස්වභාවිකව සෑදෙන ශක්තිමත්ම ද්‍රව්‍යයද වේ. මෙය කාබන් පරමාණු වලින් පමණක් සෑදී ඇති තනි අණුවකි.

මිනිරන්
කාබන් අණු ස්ථර ලෙස බන්ධනය වී මිනිරන් සෑදේ. මෙම ස්ථර දුර්වල බන්ධන වලින් බැඳී ඇති නිසා දියමන්ති වලට වඩා ශක්තිමත් භාවය අඩුය. තවද මෙයට ලිස්සන ස්වභාවයක් ද ලැබී ඇත.
මිනිරන් හෙවත් ග්‍රැෆයිට් වල තනි ස්ථරයක් ග්‍රැෆීන් ලෙස හඳුවන්වන අතර, එහිදී කාබන් අණු එකිනෙකට ෂඩස්‍රාකාරව බැඳී ශක්තිමත් පැතලි ස්ථරයක් සාදයි.
ෆුලරීන් යනු කාබන් පරමාණු එකට එකතුවී සෑදෙන ගෝලාකාර, සිලින්ඩරාකාර සහ වෙනත් කුහර සහිත හැඩ වලින් සෑදුනු අණුවකි.                                                                                                                                                               
   
   ෆුලරීන්
විදාතා සම්පත් මධ්‍යස්ථානය  - වාරියපොල


සකස් කිරීම - විද්‍යාත්මක තොරතුරු පත්‍රිකා ඇසුරින්                   ඡායාරූප - අන්තර්ජාලය ඇසුරින්

0 comments:

Post a Comment